Empty Ad
AFC Banner
AFC Banner

Google සමාගම කළ ‘තර්ජනය’

ප්‍රවෘත්ති පළ කරන සමාගම්වලට Google සහ Facebook වැනි සමාගම් කර්තෘ භාගය ගෙවිය යුතු බවට ඔස්ට්‍රේලියානු රජය‌ පැනවීමට උත්සහ දරන නීතිය හේතුවෙන් ගූගල් සමාගම එරටට අනතුරු ඇඟවීමක් කර තිබේ.

මෙම නීතිය ක්‍රියාත්මක කළහොත් එවැනි නීතියක් ක්‍රියාත්මක කළ ලොව පළමු රට බවට ඔස්ට්‍රේලියාව පත් වනු ඇත.

එහෙත් ඊට විරෝධය පළ කරන අදාළ ඇමෙරිකානු සමාගම් අනතුරු අඟවා ඇත්තේ, සිය ඇතැම් සේවා ඔස්ට්‍රේලියාව තුළ අත්හිටුවන බවටය.

කෙසේ වෙතත්, සිය පාර්ලිමේන්තු නියෝජිතයින් ‘තර්ජනවලට’ බිය නැතැයි අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් පවසා තිබේ.

යම් හෙයකින් මෙම නීතිය ක්‍රියාත්මක වුවහොත් සෙසු රටවලට මෙය අත්හදාබැලීමක් වනු ඇතැයි විශ්ලේෂකයෝ පවසති.

ඒ හරහා දැවැන්ත සමාගම් නියාමනය කිරීමට රජයයන්ට අවස්ථාවක් හිමි වනු ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔස්ට්‍රේලියාවේ ගූගල් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ මෙල් සිල්වා පැවසුවේ, අදාළ නීති ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ නොහැකි ඒවා බවය.

ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළේ, මෙම නීතිය ක්‍රියාත්මක කළහොත් ඔස්ට්‍රේලියාව තුළ ගූගල් සෙවුම් යාන්ත්‍රණය (Google Search) නතර කරනවා හැර වෙනත් විකල්පයක් නොමැති බවය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පුෂ්පිකා කියන්නේ රැජිණක් - චන්දිමාල් මාධ්‍ය හමුවේ සියල්ල හෙළි කරයි
09:47
Video thumbnail
එස් - එම් රන්ජිත් මාලිමාවේ රෙදි නැත්තට නැති කරයි
14:53
Video thumbnail
සුනිල් හඳුන්නෙති ඇතුළේ ගැටුම ගැන කියයි - අපේ අරගලය දැන් තියෙන්නේ රාජ්‍ය සේවකයෝ එක්ක
20:53
Video thumbnail
සතියෙන් රට දියුණු කරන්න බෑ - ඉවසන්න පුරුදු වෙන්න - නියෝජ්‍ය ඇමති රටට කියයි
07:57
Video thumbnail
අසේල සම්පත් වසන්ත සමරසිංහගේ රෙදි ගලවයි
07:33
Video thumbnail
අධිකරණ තීන්දුවෙන් පුෂ්පිකා ද සිල්වා ට නැවත ලැබුණ කිරුළ
07:31
Video thumbnail
නාමල් දෙනවා ආණ්ඩුවට ඇප නැතිවෙන්න - ආණ්ඩුවේ රෙදි ඉල්ලේ #namalrajapaksha
07:25
Video thumbnail
KASTHIRAMA | ජාජබ පා.ම දේවානන්ද සුරවීර සහ පොජපෙ නීතීඥ මනෝජ් ගමගේ සහභාගීවන කස්තිරම
01:36:10
Video thumbnail
ලාල් කාන්ත ෆයර් වෙයි - "විපක්ෂයෙන් කියන ඒවා අපිට වැඩක් නෑ"
03:14
Video thumbnail
මන්මෝහන් සිං ට නාමල් රාජපක්ෂ අවසන් ගෞරව දක්වයි #namalrajapaksha
00:53

?