ලසිත් මාලිංග ලීග් ක්‍රිකට් තරගවලින් සමුගනී

සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ලීග් ක්‍රිකට් තරගවලින් ඉවත් වීමට තීරණය කර තිබේ.

මාලිංග නිකුත් කළ නිවේදනයක දැක්වුණේ, සිය පවුලේ සාමාජිකයන් සමග සිදු කළ සාකච්ඡාවකින් අනතුරුව එම තීරණයට එළැඹි බවයි.

මේ අතර මාලිංගගේ තීරණයට ගරු කරන බව අයි.පී.එල් තරගාවලියේ ඔහු නියෝජනය කළ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ හිමිකාරීත්වය ද ප්‍රකාශ කර ඇත.

2004 වසරේදී ටෙස්ට් වරම් දිනූ ලසිත් මාලිංග 2010 වසරේදී ටෙස්ට් පිටියට සමු දෙන විට තරග 30 කදී කඩුලු 101ක් දවාගෙන සිටියේ ය.

එක්දින තරග 226 කදී ඔහු දවාගෙන ඇති කඩුලු ගණන 338 කි.

පන්දුවාර 20යි 20 පිටියේ කැපී පෙනෙන දක්ෂතා දැක්වූ මාලිංග තරග 84කදී කඩුලු 107ක් දවා ගැනීමට සමත් විය.

ඉන්දීය ප්‍රිමියර් ලීග්, ඔස්ට්‍රේලියා බිග් බෑෂ් ලීග් වැනි ලීග් තරග බිමේදී ද ඉහළ දක්ෂතා දැක්වූ ඔහු වසර 12ක කාලයක් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට සිය දායකත්වය ලබා දුන්නේ ය.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් තරග 122 කට සහභාගී වූ මාලිංග කඩුලු 170ක් දවා ගත් අතර එම කණ්ඩායමට අවස්ථා 4කදී අයි.පී.එල් කිරුළ දිනා දීමට ද දායක විය.

අයි.පී.එල් ඉතිහාසයේ වැඩිම කඩුලු ලාභියා වන්නේ ද ලසිත් මාලිංගයි.

මේ වනවිට ටෙස්ට් සහ එක්දින තරග බිමෙන් සමුගෙන සිටින මාලිංග ඉදිරියේදී පන්දුවාර 20යි 20 තරග බිමෙන් ද සමු ගැනීමේ සූදානමින් පසු වේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලංගම බස් රථයක් පෙරලී සිදුවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:12:56
Video thumbnail
ක්‍රිකට් පනත ගැන ක්‍රීඩා ඇමති හෙළිකරයි - වැටුණට පස්සේ සෑහෙන කාලයක් යනවා මේක ගොඩගන්න
03:57
Video thumbnail
නොමිලේ නීති උපදෙස් ලබාදෙන ජංගම සේවයක් අපි ආරම්භ කරනවා - කුමන බාධක දැම්මත් පරාජය කරනවා
03:44
Video thumbnail
අරන්තලාවේදී ලංගම බස් රථයක් පෙරලී සිදුවූ බිහිසුණු අනතුර - මගීන් 60කට වැඩි පිරිසක් ඉදලා
00:50
Video thumbnail
වත්මන් රජයට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේද ක්‍රමෝපායන් හුරුපුරුදු නෑ - ලක්ෂ 220ම එකතු වෙමු
05:05
Video thumbnail
සිිය බිරිඳ එළොව යැවූ 76 හැවිරිදි දෙදරු පියා යකඩ යකාට ප#යි
01:07
Video thumbnail
සුනු විසුණු වෙච්ච රටක් නැවත පණ ලබනවා - වැටුප මදි අපිට දෙන්න වෙන්නේ භාණ්ඩාගාරයේ තියෙන ප්‍රමාණයට
07:41
Video thumbnail
පරණ සමාජය ආයේ මේ රටට එන්න දෙන්නේ නෑ - ඇමති සමන්තගෙන් දැඩි ප්‍රකාශයක්
06:16
Video thumbnail
සිිය බිරිඳ එළොව යැවූ 76 හැවිරිදි දෙදරු පියා යකඩ යකාට ප#යි - බිරිඳ දැඩි අසනීපයෙන් සිටින නිසා ම#ලා
01:33