වෛද්‍ය සිසුන්ට පහරදීමේ සිදුවීම ට රාජ්‍ය අමාත්‍යවරයෙකුගේ පුතා අත්අඩංගුවට

රාගම වෛද්‍ය පීඨයේ සිසුන්ට පහරදීමේ සිදුවීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ පුතා පොලීසිය වෙත භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබේ.

23 හැවිරිදි අවින්ද රන්දිල ජෙහාන් ප්‍රනාන්දු නැමති සැකකරු නීතිඥයෙකු මාර්ගයෙන් ඊයේ (02) රාත්‍රියේ රාගම පොලීසියට භාරවීමෙන් අනතුරුව එලෙස අත්අඩංගුවට ගෙන ඇත.

පොලීසිය පැවසුවේ, එම පහරදීම සඳහා පැමිණි BMW වර්ගයේ මෝටර් රථය කළුබෝවිල ප්‍රදේශයේ දී රාගම පොලිස් ස්ථානය භාරයට ගෙන ඇති බවය.

ඒ අනුව එම සිද්ධියට අදාළ අත්අඩංගුවට ගත් මුළු සැකකරුවන් ගණන 7කි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සඳහා වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය‍

ඊයේ අලුයම රාගම වෛද්‍ය පීඨයේ සිසුන්ට එම පහරදීම සිදුකර තිබූ අතර එහිදි තුවාල ලැබු සිසුන් සිව්දෙනෙක් මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටී.

රාගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.16
01:00:38
Video thumbnail
වසර 42 කට පසු කලාවැවේ ජල කාන්දුව වසන්න සුසිල් යයි
01:54
Video thumbnail
ත්‍රීරෝද රථයක් උඩට පයිනස් ගසක් වැටී සිදුවූ බිහිසුණු අනතුර
01:33
Video thumbnail
අවු:76ක සා#ඵය ගැන රාජිත ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න අමතයි..මේක සා#ඵයක්ද ?
11:18
Video thumbnail
පාස්කු ප්‍ර#රය ගැන රාජිත කළ ප්‍රබල හෙළිදරව්ව - ස##න්ලා මැ#න්නේ නෑ ගෝඨාභයලා බලයට ගේන්න
05:49
Video thumbnail
රනිල් - අනුර අතර සාකච්ඡාවක් තිබුණද ? - රනිල් අනුරට ගොඩක් උදව් කළා
02:07
Video thumbnail
ඉස්සර නාමල්ට වඩා දැන් නාමල් හරි පරිණතයි..මහින්ද කරපු දේම කරන්නේ - නාමල් ගැන හොඳ කිව්ව රාජිත
03:02
Video thumbnail
මරික්කාර්ගේ ප්‍රකාශයට රාජිතගෙන් සැර කතාවක් - මං රටේ කුඩාම පක්ෂයේ ඉදලා දන්නවා
10:57
Video thumbnail
Praharaya| හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:36:43
Video thumbnail
රනිල් ළඟ ඉන්න අයම එයා ගැන දන්නේ නෑනේ - පාර්ලිමේන්තු පැමිණීම ගැන කවියකින්ම කිව්ව රාජිත
03:47