මේ පරම්පරාව ඉන්නකල් විපක්ෂයට ආයෙත් බලයට එන්න බැහැ : මුදල් ඇමති

විදේශ රැකියාවල නිරතවී උපයන විදේශ ප්‍රේෂණ සඳහා ඉදිරියේදී වෙළෙඳපොළේ පවතින අගයම ලබාදීමට කටයුතු කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසනවා.

කුරුණෑගල පැවති උත්සවයකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.

අභිනවයෙන් ඉදිකළ කුරුණෑගල ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල විවෘත කිරීම මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ගේ ප්‍රධානත්වයෙන් හා ජනක බණ්ඩාර තෙන්නකෝන් හා ජොන්ස්ටන් ප්‍රනාන්දු යන අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් අද (02) සිදු කෙරුණා.

එම අවස්ථාවෙන් අනතුරුව අදහස් දැක්වූ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ,

“විදෙස් රැකියාවලින් ලැබෙන ප්‍රේෂණ කළු කඩයට නොයවා නීත්‍යනුකූල මාර්ගයෙන් රටට එවන්න.ඔවුන්ට ඉදිරියේදී වෙළෙඳපොළේ අගයම ගෙවනවා.”

“ණය ගද්දි බැන්නත්, ණය ගෙවද්දි බැණුම් අහන මුදල් ඇමතිවරයෙක් ගැන දන්නවාද ?”

“අපිට බණින්නේ ණය ගෙව්වා කියලා. අමෙරිකානු ඩොලර් මිලියන 500ක ණයක් ගෙවන්න තිබුණා. ඒ ණය ගත්තේ කවුද කියලා මම දන්නේ නැහැ.”

“මේ වසරේ පමණක් අමෙරිකානු ඩොලර් බිලියන 6.9ක් ගෙවන්න තියෙනවා. මේ වසරේ ගෙවන්න තියෙන සියලුම ණය අපි ගෙවනවා. අපි ඒක වගකීමෙන් කියන්නේ.”

“මේ පරම්පරාව ඉන්නකල් විපක්ෂයට ආයෙත් බලයට එන්න බැහැ. හැබැයි වෙන පරම්පරාවක හරි බලයට එනකොට ණය නැති රටක් භාරදීම ජනපතිගේ අධිෂ්ඨානයයි.”

“මෙවර මහ කන්නයේ හොඳම අස්වැන්න කුරුණෑගලින්.ඒත් ජනපතිගේ හා අගමැතිගේ නිර්දේශය වුණේ ඒ ගොවීන්ටත් වන්දි ගෙවීම. වගා කිරීමේ ගෞරවයක් ලෙස සියලු වී ගොවීන්ට වන්දි. මුලින්ම කුරුණෑගල ගොවීන්ට වන්දි ලබා දෙන්න.”

“ගම සමග පිළිසඳරක් වැඩසටහන යටතේ වැඩ ලක්ෂයක වැඩසටහන හෙට ආරම්භ කරනවා. මේ සඳහා රුපියල් මිලියන ලක්ෂයක් වෙන් කළා. සෑම ග්‍රාම නිලධාරී වසමකටම රුපියල් ලක්ෂ 30ක්. කොට්ඨාසයේ සියලුම මන්ත්‍රීවරුන්ට රුපියල් ලක්ෂ 40ක්.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"කෑගහනවා ඇහිලා දුවලා ගිහින් ලෙඩ්ඩු බැලුවේ"..පෞද්ගලික බස්රථ දෙකක් ගැටී සිදුවූ බිහිසුණු අනතුරක්
03:43
Video thumbnail
ජොන්ස්ටන් එළියට එද්දි මාධ්‍යට කියපු දේ..මාස තුනකින් මේ එළියට එන්නේ.."මාස තුනක් ගිහින්ද ?"
01:09
Video thumbnail
රටේ අනෙකුත් සයිබර් ආරක්ෂාව ගැන තව මොනවා කතා කරන්නද ?..l Sajith Premadasa
06:56
Video thumbnail
සුනිල් වටගල කෝටි 45ක පමණ ලක්සිරි නිවසක් මිලදීගෙන ?..චෝදනා කරද්දි දෙපාරක් හිතලා කරන්න
03:16
Video thumbnail
හිකනල්ලු කෑගැහුවා කියලා හාමුදුරුවරු බයත් නෑ..ශාසනයට අගෞරව කිරීමේ ප්‍රතිඵලය තමයි මේ
04:57
Video thumbnail
ජොන්ස්ටන් හිනාවෙවී එළියට ආ හැටි..සෙනඟක් ඇවිත් ජොන්ස්ටන්ව වට කරයි
01:38
Video thumbnail
හෙට වෙනකොට රාජපක්ෂ කෙනෙක් අත්අඩංගුවට ගන්න..නැත්තම් තිස්සකුට්ටි කුදලන් යන්න
02:09
Video thumbnail
පොහොට්ටුවේ ආණ්ඩුවක් තුළ අනුරට දියයුතු දඬුවම් දෙනවා..තිස්සකුට්ටිගෙන් ආණ්ඩුවට සැර සත්තමක්
07:10
Video thumbnail
කන්ටේනර් 323 ගැන අජිත් පෙරේරාගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අපි නිශ්ශබ්දව ඉන්නේ නෑ..
13:17
Video thumbnail
මිහින්තලේ පොලිසියට විරුද්ධව සිවිල් සංවිධාන පාරට බහියි - උණුසුම් තත්ත්වයක්
04:39