මේ පරම්පරාව ඉන්නකල් විපක්ෂයට ආයෙත් බලයට එන්න බැහැ : මුදල් ඇමති

විදේශ රැකියාවල නිරතවී උපයන විදේශ ප්‍රේෂණ සඳහා ඉදිරියේදී වෙළෙඳපොළේ පවතින අගයම ලබාදීමට කටයුතු කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසනවා.

කුරුණෑගල පැවති උත්සවයකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.

අභිනවයෙන් ඉදිකළ කුරුණෑගල ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල විවෘත කිරීම මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ගේ ප්‍රධානත්වයෙන් හා ජනක බණ්ඩාර තෙන්නකෝන් හා ජොන්ස්ටන් ප්‍රනාන්දු යන අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් අද (02) සිදු කෙරුණා.

එම අවස්ථාවෙන් අනතුරුව අදහස් දැක්වූ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ,

“විදෙස් රැකියාවලින් ලැබෙන ප්‍රේෂණ කළු කඩයට නොයවා නීත්‍යනුකූල මාර්ගයෙන් රටට එවන්න.ඔවුන්ට ඉදිරියේදී වෙළෙඳපොළේ අගයම ගෙවනවා.”

“ණය ගද්දි බැන්නත්, ණය ගෙවද්දි බැණුම් අහන මුදල් ඇමතිවරයෙක් ගැන දන්නවාද ?”

“අපිට බණින්නේ ණය ගෙව්වා කියලා. අමෙරිකානු ඩොලර් මිලියන 500ක ණයක් ගෙවන්න තිබුණා. ඒ ණය ගත්තේ කවුද කියලා මම දන්නේ නැහැ.”

“මේ වසරේ පමණක් අමෙරිකානු ඩොලර් බිලියන 6.9ක් ගෙවන්න තියෙනවා. මේ වසරේ ගෙවන්න තියෙන සියලුම ණය අපි ගෙවනවා. අපි ඒක වගකීමෙන් කියන්නේ.”

“මේ පරම්පරාව ඉන්නකල් විපක්ෂයට ආයෙත් බලයට එන්න බැහැ. හැබැයි වෙන පරම්පරාවක හරි බලයට එනකොට ණය නැති රටක් භාරදීම ජනපතිගේ අධිෂ්ඨානයයි.”

“මෙවර මහ කන්නයේ හොඳම අස්වැන්න කුරුණෑගලින්.ඒත් ජනපතිගේ හා අගමැතිගේ නිර්දේශය වුණේ ඒ ගොවීන්ටත් වන්දි ගෙවීම. වගා කිරීමේ ගෞරවයක් ලෙස සියලු වී ගොවීන්ට වන්දි. මුලින්ම කුරුණෑගල ගොවීන්ට වන්දි ලබා දෙන්න.”

“ගම සමග පිළිසඳරක් වැඩසටහන යටතේ වැඩ ලක්ෂයක වැඩසටහන හෙට ආරම්භ කරනවා. මේ සඳහා රුපියල් මිලියන ලක්ෂයක් වෙන් කළා. සෑම ග්‍රාම නිලධාරී වසමකටම රුපියල් ලක්ෂ 30ක්. කොට්ඨාසයේ සියලුම මන්ත්‍රීවරුන්ට රුපියල් ලක්ෂ 40ක්.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආදරය වැඩසටහන ඉතාම සාර්ථකව කරගෙන යනවා..ආණ්ඩුවට පුළුවන් මිත්‍රශීලි රටවලින් උදව් ඉල්ලන්න
05:43
Video thumbnail
රාජපක්ෂලා දැන් නිහඬයිද ?"නිහඩ නෑ අපි යුතුකම් වගකීම් කරනවා"..චමල් රාජපක්ෂ හිනාවෙවී කිව්ව දේ
04:59
Video thumbnail
රන්වල හදිස්සියෙන් ගිහින් තියෙන්නේ ජපන් උපාධි සහතිකය පෙන්නන්න..අකරතැබ්බය අස්සේ ඒකත් නැතිවෙලා
03:01
Video thumbnail
චන්ද්‍රිකා දුන්නේ පදනමට ලැබෙන මුදල්නේ..මට එහෙම එකතුවෙන පදනමක් නෑ..ඇසූ ප්‍රශ්නයට මෛත්‍රීපාල කිව්ව දේ
06:13
Video thumbnail
ඉදිරියේදී කාළගුණය වෙනස්ම අතකට හැරෙයි..ඉදිරියේදී කාළගුණය වෙනස්ම අතකට හැරෙයි
08:41
Video thumbnail
ලන්සාගේ ගෙදරට මහින්ද හෙළිකොප්ටරෙන් යන්නේ නිකන් නෙවෙයි..දේශපාලනය පාතාලයට රැකවරණය දුන්න හැටි මෙන්න
13:40
Video thumbnail
වාද්දුව වාහන සේවා මධ්‍යස්ථානයක දෙපිරිසක් අතර දැඩි උණුසුමක්.."මේක මගේ ගම..මම මේකෙ මන්ත්‍රී කෙනෙක්"
02:22
Video thumbnail
අපි NPP එක පරාජය කළා..මට හරිම සන්තෝසයි..රත්නපුර ම.නගර සභාවේ මාලිමාවේ මංගල අයවැය පරාද වෙයි
11:36
Video thumbnail
මාදෙනියට ගිය නාමල්ව දැක්ක මිනිස්සු නාමල්ව වටකරගෙන දුක කියයි.."මුන්ට බැනලත් බෑ නොබැනත් බෑ"
05:02
Video thumbnail
ආණ්ඩුවේ අය ආපදාව විහිළුවට අරගෙන..ජනතාව අදටත් කඳවුරුවල..මේ අහිංසක ජනතාව ගම්වලට යවන්න
04:53


?