රටේ අඩු ආදායම්ලාභී පවුල් මන්දපෝෂණයට ලක්වීමේ අවදානමක්

අඩු ආදායම්ලාභි පවුල් වලට දැඩි ආහාර ගැටලුවකට මුහුණදීමට සිදුවනු ඇති බව කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්ය ප්‍රියංග දුණුසිංහ පවසනවා. මේ හේතුවෙන් එම පවුල් වල මන්දපෝෂණ තත්ත්වයක් ඇතිවීමේ හැකියාව පවතින බව ඔහු සඳහන් කර සිටියේ.

රට තුළ උද්ධමනය ඉහළ යාම හේතුවෙන් පහළ ආදායම් ලබන ජන කොටස්වල මිලදී ගැනීමේ ශක්තිය ඉතා සිඝ්‍රයෙන් පහළ යමින් පවතින හෙයින් මෙම තත්ත්වය ඇතිවිය හැකි බව ඔහු සඳහන් කරේ.

ඒ හරහා ඇතිවිය හැකි ඉතාමත් අහිතකර තත්ත්වයන් දිගුකාලිනව පැවතීමට ඉඩ පවතින බවයි ඔහු වැඩිදුරටත් සඳහන්කළේ.

“පහළ ආදායම් ලබන ජන කොටස්වල මිලදී ගැනීමේ ශක්තිය ඉතා සිඝ්‍රයෙන් පහළ යමින් පවතිනවා. මේ හරහා දුප්පත්කම මන්දපෝෂණය වැනි ගැටලු විශේෂයෙන්ම අඩු ආදායම්ලාභී නාගරික දුප්පත් ප්‍රජාව, ග්‍රාමිය දුප්පත් ප්‍රජාව හා විශේෂයෙන්ම වතු අංශයේ ජනතාව විශාල අර්බුදයකට මුහුණපානවා. ඔවුන් තමන්ගේ ආදයමෙන් 50%ක් වැනි ප්‍රමාණයක් මූලික වශයෙන් වියදම් කරන්නේ. එවැනි තත්ත්වයක් තුළදී මේ ආකාරයට ආහාර මිල ඉහළ යෑම එක්තරා ආකාරයට ඔවුන් ආහාර අඩුවෙන් පාරිභෝජනය කිරීමට සිදුවන තත්ත්වයක් තියෙනවා. එහෙම නැතිනම් ආහාර නොවන දේ සඳහා කරන වියදම් අධ්‍යපනය, සෞඛ්‍ය, ප්‍රවාහනය හා එනැනි අනෙකුත් දේවල් සඳහා කරනු ලබන වියදම් සීඝ්‍ර ලෙස කපා හැරීමකට ලක්වෙනවා. ඒ හරහා ඇතිවිය හැකි ඉතාමත් අහිතකර තත්ත්වයන් දිගුකාලිනව පැවතීමට ඉඩ තියෙනවා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලන්සාගේ කුඩු ප්‍රශ්නයකට රාජපක්ෂලා අත දැම්ම හැටි වසන්ත හෙළිකරයි..දේශපාලනය පාතාලයට රැකවරණය දුන් හැටි.
13:40
Video thumbnail
වාද්දුව වාහන සේවා මධ්‍යස්ථානයක දෙපිරිසක් අතර දැඩි උණුසුමක්.."මේක මගේ ගම..මම මේකෙ මන්ත්‍රී කෙනෙක්"
02:22
Video thumbnail
අපි NPP එක පරාජය කළා..මට හරිම සන්තෝසයි..රත්නපුර ම.නගර සභාවේ මාලිමාවේ මංගල අයවැය පරාද වෙයි
11:36
Video thumbnail
මාදෙනියට ගිය නාමල්ව දැක්ක මිනිස්සු නාමල්ව වටකරගෙන දුක කියයි.."මුන්ට බැනලත් බෑ නොබැනත් බෑ"
05:02
Video thumbnail
ආණ්ඩුවේ අය ආපදාව විහිළුවට අරගෙන..ජනතාව අදටත් කඳවුරුවල..මේ අහිංසක ජනතාව ගම්වලට යවන්න
04:53
Video thumbnail
සජිත් කියන විදිහට ආර්ථිකය වට්ටන්න ඉඩක් නෑ..පුළුවන් විදිහට ආණ්ඩුවේ වගකීම අපි ගන්නවා
01:54
Video thumbnail
දඹුල්ල මහ නගර සභාවේ නගරාධිපතිතුමා, හි. නගරාධිපතිට අල්ලස් පැමිණිලි 15ක් දාලා..
05:59
Video thumbnail
Breaking News
04:20
Video thumbnail
හැම ත්‍රීවීල් එකකම තිබ්බේ මාලිමාව දිනවමු කියලා..දැන් දිනෙව්වා හරිනේ..සමහරුන්ගේ මොළේ කිසිම දෙයක් නෑ
06:44
Video thumbnail
සමන්ත තමුන් අබින් කාලද ඉන්නේ..ඔය හිල වැහුවම ගලවන් යනවනේ
02:10


?