විමල්ට ගෙනා නඩු තීන්දුව

අමාත්‍යවරයකු වශයෙන් කටයුතු කරමින් සිටියදී සිය නීත්‍යනුකූල ආදායම අභිබවා රුපියල් මිලියන 75 කට ආසන්න වත්කම් සහ මුදල් අයථා ලෙස අත්පත්කර ගත්තේ යැයි චෝදනා එල්ල වී සිටින අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩු විභාගය අද(02) කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

නමුත්, විත්තිකාර විමල් විරවංශ මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ මහතා අසනීප තත්ත්වයෙන් පසුවන හෙයින් එම නඩුවේ විභාගය සඳහා වෙනත් දිනයක් ලබාදෙන ලෙස ඔහුගේ කනිෂ්ඨ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඒ අනුව නඩුව ජුනි මස 17 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය නියම කළා..

ඒ අනුව නඩු විභාගය ජුනි මස 17 සහ 28 යන දින වන සිදුකිරීමට තීන්දු කළ මහාධිකරණ විනිසුරුවරයා එදින සාක්ෂිකරුවන්ට අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කළේය.

අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල් අයේෂා ජිනසේන මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් එම නඩුවට අදාළව පිළිගැනීම් 66 ක් සලකුණු කරඇති බවත් ඒ සම්බන්ධයෙන් විත්ති පාර්ශ්වය අවධානය යොමු කළහොත් මෙම නඩුව සියලු සාක්ෂි කැඳවීමකින් තොරව අවසන් කිරීමට හැකියාව ලැබෙනු ඇති බවත් දන්වා සිටියාය.

ඒ සම්බන්ධයෙන් කරුණු සලකා බලන බව විත්තියේ නීතිඥවරයා සඳහන් කළේ ය.

2010 ජනවාරි මස 01 වනදා සිට 2014 වසරේ දෙසැම්බර් මස 31 වනදා දක්වා කාලසීමාව තුළ අමාත්‍යවරයකු වශයෙන් කටයුතු කරමින් සිටියදී සිය නීත්‍යානුකූල හා ආදායම අභිබවා රුපියල් මිලියන 75 කට ආසන්න වත්කම් සහ මුදල් අත්පත් කරගැනීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් ඉකුත් යහපාලන රජය සමයේ අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව එම නඩුව ගොනුකර තිබුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩෝබිලාගේ ආතල් ඉවරයි - ඉවරයි ඉවරයි
01:05
Video thumbnail
සංවර්ධන නිලධාරීන් සියලුදෙනා ගුරු විභාගය ලියන්න එකඟ වුණා..විපක්ෂය රට 70 - 77ට ගෙනියන්න යන්නේ
06:19
Video thumbnail
අම්මෝ කොහොමද සෙනඟ - නාමල්ගේ අතින් අල්ලන්න පොරකයි
02:06
Video thumbnail
නව විගණකාධිපතිවරයා තෝරා පත්කර ගනී.."කොහොමත් ජනපති දැම්ම කෙන තමයි පත් කරන්නේ.."
01:08
Video thumbnail
එළියට ආ නාමල් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
05:56
Video thumbnail
අපිට සතුටුයි..විධායක ජනපති හැටියට දුන්න පොරොන්දුවලට..මාරාන්තික උපවාසය තාවකාලිකව නවත්වයි
06:16
Video thumbnail
CIDයෙන් එළියට ආ නාමල්ව ජන ගඟක් වටකරගනී
03:49
Video thumbnail
මිහින්තලේ හිමි සහ සමන්තභද්‍ර හිමි කටුසෑය වන්දනා කිරීමට එයි..මිහින්තලේ ඝංඨාරය උමංදාවට ඇහෙනවා
11:33
Video thumbnail
අධිකරණ ඇමති ඉන්නේ ප්‍රේමදාස දීපු ගෙදරේ
10:21
Video thumbnail
ජය ඝෝෂා මැදින් ශිරන්ති එළියට ආ හැටි - ලක් අම්මට ජයවේවා
01:29


?