අවසර නැතුව කොල්ලුපිටියේ කැරකෝ නැටු විදෙස් කත

විදේශීය කාන්තාවක් විසින් කොල්ලුපිටිය ප්‍රදේශයේ බලපත්‍ර රහිතව පවත්වාගෙන ගිය රාත්‍රී කැරොකේ සමාජ ශාලාවක් වැටලූ පොලීසිය විදේශිකයින් 11 දෙනෙකු ඇතුළු 14 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අතර විදේශීය කාන්තාවන් 3 දෙනෙකු ද සිටින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

සමාජ ශාලාව තුළ තිබී මත්පැන් බෝතල් 489ක්, තීරු බදු රහිතව මෙරටට ගෙන්වන ලද දුම්වැටි 100ක් ද පොලිස් භාරයට ගැනුණා.

සමාජශාලාව පවත්වාගෙන ගිය විදේශික කාන්තාව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු වරද පිළිගැනීම නිසා රුපියල් 90,000ක දඩ මුදලකට යටත්ව මුදා හැර තිබෙනවා.

එසේම තීරු බදු රහිත දුම්වැටි ළඟ තබා ගැනීම හේතුවෙන් එහි කළමනාකරු ද අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර ඔහු රුපියල් 60,000ක දඩයක් මත මුදා හැරුණේ අධිකරණය ඉදිරියේ වරද පිළිගැනීම හේතුවෙන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැතිනියත් සංවේදී වූ මොහොත - "ඉස්සර වගේ ෆිල්ම් බලන්න යන්න බැරිවීම ගැන දුකයි"
02:11
Video thumbnail
පොහොට්ටුවේ රැළියට සූදානම් වන අනුරාධපුරය - කට්ටිය බරටම වැඩ
00:19
Video thumbnail
මතුගම රෝහලේ කෙරුවාව හෙළිවෙයි ?තුවාලයේ බැන්ඩේජ් එක ගලවලා හෝදගෙන ගේන්නලු
02:25
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් සෙත් පතා බෝධි පූජා පින්කමක්
01:06
Video thumbnail
බෝට්ටුවේ නැගලා ගැම්මට රවුමක් ගිය හඳුන්නෙත්ති
01:04
Video thumbnail
අදත් අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
00:37
Video thumbnail
මොණරාගල අවට ප්‍රදේශවලට ඇදහැලුණු මහ වැස්ස
01:32
Video thumbnail
අනවසර වෙළෙඳසැල් කඩා දැමීමේදී මිනිස්සු යකා නටයි.
01:33
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් හා රටට සෙත් පතා බෝධි පූජා පින්කමක් - විශ්ව බලයෙන් මහ වැසි වසීවා
03:48
Video thumbnail
තමා දුන් තීන්දු රිවස් කිරීම ගැන මෛත්‍රිපාල කිව්ව දේ - "මම ව්‍යවස්ථානුකූලව කරලා තියෙනවා"
01:12