බස්නාහිර පළාත ආවරණය වන පරිදි විශේෂ ආරක්ෂක වැඩපිලිවලක්

ජාතික නිදහස් දින උළෙලට සමගාමීව කොළඹ නගරය සහ බස්නාහිර පළාත ආවරණය වන ලෙස විශේෂ ආරක්ෂක සැලැස්ම ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා.

74 වන ජාතික නිදහස් දින උළෙලේ ආරක්ෂාව සඳහා නිලධාරීන් 3000 කට අධික පිරිසක් යොදවා ඇති බව බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පැවසුවේ.

ශ්‍රී ලංකා පොලිසිය, විශේෂ කාර්යය බළකාය සහ ත්‍රිවිධ හමුදාවේ ද සහය ඇතිව එම ආරක්ෂක වැඩපිලිවෙල ක්‍රියාත්මක කෙරේ.

මේ අතර පෙබරවාරි මස 04 දින මාර්ග 21 ක ගමනාගමනය සීමා කෙරෙන බවත්, එමඟින් ජනතාවට අපහසුතාවයක් නොවන පරිදි එම මාර්ග වලට අදාළ විකල්ප මාර්ග භාවිතා කිරීමට අවශ්‍ය කටයුතු සුදානම් කර ඇති බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සඳහන් කර සිටියේ.

උත්සවයට පැමිණෙන ආරාධිත අමුත්තන් සඳහා ආරාධනා පත්‍රය සමඟ ලබා දී ඇති රථගාල් කිරීම සම්බන්ධ වූ ලේබලය සහිතව පෙරවරු 7.30 ට පෙර පැමිණෙන ලෙස සියලු ආරාධිත අමුත්තන්ගෙන් ඉල්ලා සිටින බවයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

මේ අතර අභිමානවත් 74 වන නිදහස් දින පෙළපාලියට සමගාමීව මෙවර නාවික හමුදාවෙන් අචාර වෙඩිමුර 25 ක් සහ ගුවන් හමුදාවෙන් ගුවන් යානා සංදර්ශනයක් පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර තිබේ.

ඒ අනුව චාරිත්‍රානුකූලව පැවැත්වෙන දේශය වෙනුවෙන් ශ්‍රී ලංකා ගජබාහු නෞකාවෙන් පිරිනමන ආචාර වෙඩිමුර 25 ක් ගාලුමුවදොර සිට පිරිනැමීමට කටයුතු යොදා ඇත.

එසේම ත්‍රිවිධ හමුදාවත් සමඟ පාබල හමුදාව ජාතික උත්සවයට එක් වන අතර ගුවනේ සිට අභිමානය ගෙන ඒමට ගුවන් යානා 26 ක් සහ ගුවන් නියමුවන් 50 ක් ඇතුළත් ගුවන් යානා සංදර්ශනයක් පැවැත්වීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දඹුල්ල මහ නගර සභාවේ නගරාධිපතිතුමා, හි. නගරාධිපතිට අල්ලස් පැමිණිලි 15ක් දාලා..
05:59
Video thumbnail
Breaking News
04:20
Video thumbnail
හැම ත්‍රීවීල් එකකම තිබ්බේ මාලිමාව දිනවමු කියලා..දැන් දිනෙව්වා හරිනේ..සමහරුන්ගේ මොළේ කිසිම දෙයක් නෑ
06:44
Video thumbnail
සමන්ත තමුන් අබින් කාලද ඉන්නේ..ඔය හිල වැහුවම ගලවන් යනවනේ
02:10
Video thumbnail
මේ වෙනස කරන්නේ ඒකාධිපති ක්‍රමවේදයකට..විශ්වවිද්‍යාල පනතක් නිසා සජිත් කුපිතවෙයි..
05:37
Video thumbnail
රිය අනතුරු වෙද්දි රන්වල බීමතින් ඉදලා නැද්ද...?..තනතුරු නොසලකා නීතීය දැඩිව ක්‍රියාත්මක කරනවා
08:37
Video thumbnail
දිලිත් ඇතුළු පක්ෂයේ ප්‍රබලයින් ගැටඹේ විහාරස්ථානයට තීන්ත හා උපකරණ තොගයක් පරිත්‍යාග කරයි
11:44
Video thumbnail
ආගම දහම තමයි අපිට ප්‍රධානම දේ..ගංවතුරින් හානි වූ ආගමික ස්ථාන ඉක්මනින්ම පිළිසකර කරලා දෙනවා
04:55
Video thumbnail
අශෝක රංවලගේ අනතුරෙන් පසු රෝහලේ උණුසුම් තත්ත්වයක්
00:26
Video thumbnail
අශෝක රංවලගේ අනතුරෙන් පසු රෝහලේ උණුසුම් තත්ත්වයක්..මුන් අපිට ගේට්ටුවෙන් එන්නවත් දෙන්නෑ යකෝ
02:50


?