බස්නාහිර පළාත ආවරණය වන පරිදි විශේෂ ආරක්ෂක වැඩපිලිවලක්

ජාතික නිදහස් දින උළෙලට සමගාමීව කොළඹ නගරය සහ බස්නාහිර පළාත ආවරණය වන ලෙස විශේෂ ආරක්ෂක සැලැස්ම ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා.

74 වන ජාතික නිදහස් දින උළෙලේ ආරක්ෂාව සඳහා නිලධාරීන් 3000 කට අධික පිරිසක් යොදවා ඇති බව බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පැවසුවේ.

ශ්‍රී ලංකා පොලිසිය, විශේෂ කාර්යය බළකාය සහ ත්‍රිවිධ හමුදාවේ ද සහය ඇතිව එම ආරක්ෂක වැඩපිලිවෙල ක්‍රියාත්මක කෙරේ.

මේ අතර පෙබරවාරි මස 04 දින මාර්ග 21 ක ගමනාගමනය සීමා කෙරෙන බවත්, එමඟින් ජනතාවට අපහසුතාවයක් නොවන පරිදි එම මාර්ග වලට අදාළ විකල්ප මාර්ග භාවිතා කිරීමට අවශ්‍ය කටයුතු සුදානම් කර ඇති බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සඳහන් කර සිටියේ.

උත්සවයට පැමිණෙන ආරාධිත අමුත්තන් සඳහා ආරාධනා පත්‍රය සමඟ ලබා දී ඇති රථගාල් කිරීම සම්බන්ධ වූ ලේබලය සහිතව පෙරවරු 7.30 ට පෙර පැමිණෙන ලෙස සියලු ආරාධිත අමුත්තන්ගෙන් ඉල්ලා සිටින බවයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

මේ අතර අභිමානවත් 74 වන නිදහස් දින පෙළපාලියට සමගාමීව මෙවර නාවික හමුදාවෙන් අචාර වෙඩිමුර 25 ක් සහ ගුවන් හමුදාවෙන් ගුවන් යානා සංදර්ශනයක් පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර තිබේ.

ඒ අනුව චාරිත්‍රානුකූලව පැවැත්වෙන දේශය වෙනුවෙන් ශ්‍රී ලංකා ගජබාහු නෞකාවෙන් පිරිනමන ආචාර වෙඩිමුර 25 ක් ගාලුමුවදොර සිට පිරිනැමීමට කටයුතු යොදා ඇත.

එසේම ත්‍රිවිධ හමුදාවත් සමඟ පාබල හමුදාව ජාතික උත්සවයට එක් වන අතර ගුවනේ සිට අභිමානය ගෙන ඒමට ගුවන් යානා 26 ක් සහ ගුවන් නියමුවන් 50 ක් ඇතුළත් ගුවන් යානා සංදර්ශනයක් පැවැත්වීමට නියමිතය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එදා හිටපු විදියටමයි අදත් ජීවත් වෙන්නේ..අපිට හීනමානයක් නෑ - හිතාමතා කිසිම වරදක් කරන්නේ නෑ අපි
05:46
Video thumbnail
අපේ චන්දන සහෝදරයා අනතුරකට ලක්වෙලා - වරදක් කරලා තියෙනවනම් කාට වුණත් දඬුවම් ලැබෙනවා
01:55
Video thumbnail
විපක්ෂ නායකගේ ප්‍රධානත්වයෙන් කථානායකට විරුද්ධ විශ්වාසභංග‍ය අත්සන් තබපු හැටි
02:13
Video thumbnail
රනිල් සිංගප්පූරුවේ ඉදලා ඥානසාර හිමි වෙනුවෙන් එවූ පණිවිඩය - ජාතියක් හැටියට කම්පනයට ලක්වූ අවස්ථාවක්
05:05
Video thumbnail
මාලිමා මන්ත්‍රීට කට උත්තර නැති කළ හෙක්ටර් - මට හොඳ ජාතකයක් තියෙනවා..සිංහල හොඳ එකෙක්
07:20
Video thumbnail
අර්චුනා නැගිටලා සමන්මලීට සැරටම පාඩම් කියලා දෙයි - කරුණාකරලා උගන්නලා පුටුවේ ඉන්දවන්න
01:02
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර අයින් කිරීම ගැන ලොකු කණගාටුවක් තියෙනවා - හද කම්පාවන සිද්දියක් ඊයේ වුණේ
04:53
Video thumbnail
මාලිමා මන්ත්‍රී අත්අඩංගුවට ගත් අනතුරේ තොරතුරු හෙළිවෙයි - දැකපු මනුස්සයෙක් සියල්ල කියයි
02:16
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
වන සංරක්ෂන නිලධාරින් හා ගම්වාසීන් අතර උණුසුම් තත්ත්වයක් - ඔයා මොකද වීඩියෝ කරන්නේ ?
12:25