ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙක් ශාරීරික යෝග්‍යතාවයෙන් අසමත් වෙයි..

එළැඹෙන බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සහ එංගලන්තය සමග දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ඉලක්ක කරගනිමින් මෙම සතියේ මුල පවත්වනු ලැබූ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයේදී ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙකු විවිධ බලපෑම් මගින් සිය වාර්තාව වෙනස්කර ඇතැයි වාර්තා වේ.

ආරංචි වෙන පරිදි මෙම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයා අදාළ වාර්තාවේ ප්‍රධාන කොටස් දෙකක් සම්බන්ධ අවසාන ලකුණු අගයන් එසේ තමාට වාසි වන අයුරින් වෙනස් කරගෙන ඇති නමුත් ඒ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් හට නිරීක්ෂණය වී ඇතැයි පැවසේ. නමුත් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කුමන පියවරක් ගනීද යන්න අවිනිශ්චිතය.

මෙම ක්‍රියාව, එනම් තමාගේ ශරීර යෝග්‍යතා වාර්තා අදාළ පාර්ශ්ව වෙත විවිධ අල්ලස් ලබා දීමෙන් වෙනස් කිරීමේ ක්‍රියාවලිය, දීර්ඝ කාලයක් පුරා සිදුව ඇතැයි තවදුරටත් වාර්තා වේ. ඒ අනුව බැලූ කල ඇතැම් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කොට ඇත්තේ නියමිත ශරීර යෝග්‍යතාව නොමැතිව බව පැහැදිලි වේ. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මෑත භාගයේ දුර්වල ක්‍රීඩා විලාසයට එය සෘජුවම බලපා ඇති බවට මෙය සාක්ෂියක් වී තිබේ.

බටහිර ඉන්දීය සංචාරය වෙනුවෙන් ක්‍රීඩකයන් 20 දෙනෙකු මෙම පරීක්ෂණයට පෙනී සිට ඇති අතර ඉන් 8 දෙනෙකු එහිදී අසමත්ව ඇත. එසේ නුසුදුසු යැයි ඔප්පු වූ ක්‍රීඩකයන් හට එළැඹෙන පෙබරවාරි 3 දා නැවත වරක් එකී පරීක්ෂණය සඳහා පෙනී සිටීමේ අවකාශය සලසා ඇත. එම පරීක්ෂණයෙන්ද ඔවුන් අසමත් වුවහොත් එකී සංචාරයට ඔවුන්ව සහභාගි කරනොගනු ඇත.

එළැඹෙන පෙබරවාරි සහ මාර්තු මාසයන්හිදී ශ්‍රී ලංකා පිල ටෙස්ට් තරග දෙකක් එක්දින සහ විස්සයි විස්ස තරග තුන බැගින් වන සංචාරයක් සඳහා බටහිර ඉන්දීය කොදෙව් වෙත යාමට නියමිතය.

රේවත එස්. සිල්වා
– aruna



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිිය බිරිඳ එළොව යැවූ 76 හැවිරිදි දෙදරු පියා යකඩ යකාට ප#යි
01:07
Video thumbnail
සුනු විසුණු වෙච්ච රටක් නැවත පණ ලබනවා - වැටුප මදි අපිට දෙන්න වෙන්නේ භාණ්ඩාගාරයේ තියෙන ප්‍රමාණයට
07:41
Video thumbnail
පරණ සමාජය ආයේ මේ රටට එන්න දෙන්නේ නෑ - ඇමති සමන්තගෙන් දැඩි ප්‍රකාශයක්
06:16
Video thumbnail
සිිය බිරිඳ එළොව යැවූ 76 හැවිරිදි දෙදරු පියා යකඩ යකාට ප#යි - බිරිඳ දැඩි අසනීපයෙන් සිටින නිසා ම#ලා
01:33
Video thumbnail
පානදුරදී පැහැරගත් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයා සොහොනක් අසළින් හමුවෙයි
01:22
Video thumbnail
බිස්කට් සහ චොකලට් පෙට්ටිවල සූක්ෂමව සඟවගෙන ආ කෝටි 08ක අයිස් ගුවන්තොටුපොළේදී අල්ලයි
00:55
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.29
01:27:26
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31