AFC Banner
Empty Ad
Empty Ad

මහ බැංකු අධිපතිගේ පොරොන්දුව

මතුව තිබෙන ඩොලර් අර්බුදය හමුවේ ඉන්ධන ආනයනය සඳහා අවශ්‍ය ඩොලර් සොයාදීමේ වගකීම ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බාර ගෙන තිබෙනවා.
ශ්‍රී ලංකා මහ බැංකුව එම වගකීම බාර ගන්නා බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාටද දැනුම්දී ඇති බව සඳහන්.

ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ ඉකුත්දා පැවැති රැස්වීමේදී මහ බැංකු අධිපතිවරයා මෙම දැනුම්දීම සිදුකර ඇත.

ඒ සඳහා අවශ්‍ය ඩොලර් ප්‍රමාණය කල්තියා දැනුම් දෙන්නැයි ද මහ බැංකු අධිපතිවරයා එම සාකච්ඡාවේදී ඛනිජ තෙල් සංස්ථාවෙන් ඉල්ලීමක් කර ඇති බව සඳහන්.

ඉන්ධන අර්බුදය හමුවේ දිනපතා විදුලිය විසන්ධි කිරීමක් කිරීමට මුලින් සැලසුම් කර තිබුණද එම තීරණය වෙනස් කරනු ලැබුවේ මහ බැංකුව දුන් එම පොරොන්දුව මත බව වාර්තා වන්නේ.

කර්මාන්ත සහ ප්‍රවාහන කටයුතු සඳහා අවශ්‍ය ඉන්ධන ආනයනයට මසකට ඩොලර් කෝටි 40 ක පමණ මුදලක් සංස්ථාවට අවශ්‍ය වන අතර ,විදුලිබලය සඳහා අවශ්‍ය දී ඩීසල් සහ දැවිතෙල් ලබා දීමට තවත් ඩොලර් කෝටි 5 ක පමණ මුදලක් අවශ්‍ය වන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල එම රැස්වීමේ දී වාර්තාවක් මගින් දැනුම් දී තිබෙනවා.

ඒ අනුව ඉන්ධන ආනයනය සඳහා මසකට ඇමෙරිකානු ඩොලර් කෝටි 45ක පමණ මුදලක් අවශ්‍ය වන අතර ,එය මාසික අපනයන ආදායමින් සියයට 45ක් බව ද ඇමතිවරයා පෙන්වා දී ඇත.

අපනයන ආදායමෙන් මෙතරම් ප්‍රතිශතයක් ඉන්ධන සඳහා වැය කිරීම ජාතික අපරාධයක් බැවින්, ඉන්ධන භාවිතය අවම කිරීම සඳහා විකල්ප ක්‍රියාමාර්ග වලට වහාම යොමුවිය යුතු බව ද ඇමතිවරයා යෝජනාවලියක් ඉදිරිපත් කරමින් කැබිනට් මණ්ඩලය ද දැනුවත් කර ඇත .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?