වන අලියෙකුගෙන් දියණිය බේරාගත් තඹුත්තේගම මව් සෙනෙහස

කොහොමද දැන් ඔයාට ? දුව . කකුල් දෙකම හිරීලා . ලොකු තුවාල මුකුත්ම නැහැ කියලා කිව්වා . ඒත් අලියා මාව උස්සලා විසි කරපු පාරට මුළු ඇඟම රිදෙනවා . ඉස්කෝලේ යන්නේ නැතුව එදා දුව ආච්චිලාගේ ගෙදර ගියේ ඇයි ? අම්මා : එදා ඉස්කෝලේ යන තමා ලෑස්ති වෙලා හිටියේ . උදේ 6.30 ට විතර ඇති . අපේ අම්මලාගේ ගෙදරට අලියෙක් ඇවිත් කියලා ආරංචි වුණා . අපේ ගෙවල් කිට්ටුවම තමා අම්මලාගේ ගෙදරත් තියෙන්නේ . එහෙට අලියෙක් ආවා කිවාම අපි බය වුණා . අම්මට මොකක් හරි කරදරයක් වෙලාද කියලා බලන්න අපි දෙන්නම දුවගෙන වගේ එහෙට ගියා .

බය හිතුණේ නැද්ද අම්මා එක්ක එහෙට යන්නය දුව අම්මත් හිටිය නිසා බයක් දැනුණේ නෑ . ඊටත් ආච්චිලගේ ගෙදරට අලියෙක් ඇවිත් කිවම බය හිතුණා . කලින් මෙහෙම අලි ඇවිත් තියනවද ? දුව . මීට කලින් අපේ ගමට අලි ඇවිල්ලා ඉන්නවා දැකලා නැහැ . ඒත් පෙරහැරේ අලි ඉන්නවා දැකලා තියෙනවා . අම්මත් එක්ක ගිහින් ඇයි තනීයම ආවේ ? දුවා . මං ඉකෝල්ලේ යන්න ලෑස්ති වෙලා ඉන්නකොට තමා අලියෙක් ඇවිත් කියලා කිව්වේ . අම්මට කිවම අම්මා මාවත් එක්කන් එහේ ගියා න්නේ . අපි එහෙට ගිහින් ටික වෙලාවක් හිටියා . ඒත් මට ඉකෝට්ටේ යන්න පරක්කු වෙන නිසා අම්මා එහෙ ඉද්දි අම්මටත් කියලා මං හෙමින් සැරේ ගෙදර ඇවිත් ඉස්කෝලේ යන්න හැදුවේ .
එතකොට අලියා ? දුව : මං අලියෙක් ඉන්නවා දැක්කේ නැහැ . ඇත්තටම මට මගේ ඉස්සරහා අලියෙන්ගේ රූපයක් පෙනුණේ නැහැ . මං එක පාරට කළු ගලක් මගේ ඉස්සරහා තියෙනවා වගේ විතරයි . එක පාරට කොහෙද අලියෙක් මතු වෙලා තියෙන්නේ ? අමා දුවට ඉකෝන්ගේ යන පරක්කු වෙනවා කියලා අපි දෙන්නා ආපු පාර දිගේම එයා ආයෙත් ගෙදර ගියා . ඒ යද්දී තමා එක පාරට අතුරු පාරක ඉදලා අලියෙක් කඩා පැනලා තියෙන්නේ .

මිට කලිනුත් මෙහෙම වෙලා තියෙනවද ?අම්මා : අනේ දෙවියනේ , මීට කලින් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නැහැ . මං දෙවියන්ගෙන් ඉල්ලන්නේ කවදාවත් කිසිම අම්මා කෙනෙක්ට මේ වගේ දෙයක් වෙන්න එපා . ඇහැකටවත් දකින්න ලැබෙන එපා . ඒක උහුලන්න පුළුවන් දුකක් නෙවේ . එකපාරටම කොහොමද මෙහෙම දෙයක් වුණේ ? අම්මා අතුරු පාරේ ආව අලියා එකපාරටම දුවගේ ඇඟ වටේ හොඩවැල යවලා කරකවලා වගේ උස්සලා ගත්තා . මහා ලොකු කාලයක් තිබේ . නැහැ කිසිම දෙයක් හිතා ගනවත් . කරන්නේ මොනවද කියලවත් මතක නැහැ . මට සිහියක් තිබ්බේ නැහැ . කෑ ගහගෙන දුව ඉන්න පැත්තට දුවගෙන ගියා . ඒ යද්දිත් අලියා හොඬවැලෙන් කරකවල අරගෙන අපේ අම්මලාගේ වත්තෙන්ම කම්බි පොටවල් දෙක තුනක් ඇදලා තිබූ වැට උඩට විසි කළා .

ඒ වෙන් කරන දෙයක් ගැන හිතා ගන්න පුළුවන් වුණාද ? අම්මා : අලියා මගෙ කෙල්ලව හොඩවැලෙන් අල්ලලා විසි කරලා බිම වැටිලා ඉද්දි මම කෙල්ල වැටිලා හිටපු තැනට කෑ ගහගෙන දුවලා ගියේ අසිහියෙන් වගේ . ඒ වෙද්දී ආයෙත් අලියා මගෙ කෙල්ලව පාගන එන්න හැදුවේ . මට ඒ අලියා ගැන භයානකකමක් දැනුණේ නැ . මම නිකන් හිතුවෙ බුරාගෙන හපන එන බල්ලෙක්ව මම මෙල්ල කරන්න උත්සාහ කළා වගේ හැඟීමක් . ඒක අම්මලාගෙ තියෙන දරු කැක්කුමත් එක්ක ආපු දෙයක් මහත්තයෝ .

අලියා එද්දී දුවන්න හිතුණේ නැද්ද ? දුවා . ඇත්තටම මට ඒ වෙලාවෙ සිදුවීම තවමත් හීනයක් වගෙයි .

හරියටම අලියා මගෙ ඇඟ දිහාට හොඩවැල දික් කරපු එකවත් මට හරියටම හිතට එන්නෙ නෑ . අලියා දුවව පාගන්න එද්දී කොහොමද බේරා ගත්තේ ? අම්මා : බිම වැටිලා හිටිය දුව ළඟට ගිහින් එයාව නැගිට්ටවන්න හැදුවා . ඒත් එයාට සිහියක් තිබ්බේ නැහැ . අලියා ආයෙත් දුව පාගන්න එද්දී මං කෑ ගහගෙනම බිම දිගේ දුවව ඇදලා අරගත්තා . කම්බි වැට යටින්ම ඇදල අරන් අම්මලාගේ ඉඩම ඇතුළට ගත්තා . එදා ඔයාව බේරගන්න අම්මා ගැන මොනවද හිතෙන්නේ ? දුව : මම මේ ලෝකෙ යළි යළි ඉපදෙනවා නම් මගෙ රත්තරං අම්මගෙ බඩෙන්ම ඉපදෙන කියලයි මම ප්‍රාර්ථනා කරන්නේ .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05
Video thumbnail
බලතල සිඟමනේ ඉන්දියාවට ගිය පොන්නම්බලන්ගේ කණ්ඩායමට අරුන්ගෙන් සැර කණේ ප#රක්..!
15:07
Video thumbnail
මම රාජකාරිය කරන්නේ..කනට ග#න්න එන්න එපා..මනු කියවන්නාට සත්තම දැමූ ගමේ චණ්ඩියා
04:16


?