සරසවි සිසුවා වැඩිහිටිකන්දේදී මියගිය සැබෑම හේතුව හෙලි වෙයි

සබරගමුව විශ්වවිද්‍යාලයිය සිසුවා කතරගම වැඩිහිටිකන්ද උඩම`ඵවේ දී හදිසියේ රෝගාතුර වී මිය ගොස් ඇත්තේ ඔහුගේ වම් වකුගඩුවට රුධිරය ගමන් කරන නාලිකාව පුපුරා යෑමෙන් අභ්‍යන්තරයට රුධිර වාහනය වීමෙන් බව තිස්සමහරාම මූලික රෝහලෙහි සහකාර අධිකරණ වෛද්‍යවරයා විසින් ලබාදෙන ලද පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සදහන් කර තිබේ.

මියගිය සිසුවාගේ මළසිරුර පිළිබඳව සහකාර අධිකරණ වෛද්‍යවරයා විසින් තිස්සමහරාම මූලික රෝහලේ දී පවත්වන ලද පශ්චාත් මරණ පරීක්ෂණයෙහි නිගමනය අනුව මෙම වෛද්‍ය වාර්තාව ඔහු විසින් ලබාදී තිබුණි.

මෙසේ මියගොස් ඇත්තේ සබරගමුව විශ්ව විද්‍යාලයේ තෙවැනි වසර ඉගෙනුම ලැබු අම්බලන්ගොඩ උස්මුදුලාව ලිපිනයෙහි පදිංචිව සිටි අරුමානන්ද සාලිත දිල්ෂාන් කුමාර නමැති විසිඅට හැවිරිදි සිසුවාය.

මියගිය සිසුවා ඇතුළු සිසු සිසුවියන් 19 දෙනකු පසුගිය 25 දා කතරගම පැමිණ වැඩිහිටිකන්ද වැඳපුදා ගැනීම සඳහා ඔවුන් මෙසේ පාගමනින් වැඩිහිටිකන්ද නගිමින් සිටියදී උඩමළුව ආසන්නයේ දී ඔහු අසනීප වී තිබේ. පසුව සෙසු පිරිස සමග ඔහු උඩ මළුවට ගොස් තිබේ. එහිදී ඔහුගේ රෝගී තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් ඔහු උඩමළුවේ සිට කැබ් රථයකින් පහළ මළුවට රැගෙනවිත් තිබේ.

පසුව ඔහු 1990 ගිලන් රථයෙන් කතරගම රෝහලට ඇතුළත් කරන අවස්ථාවෙහි ඔහු මියගොස් සිටි බව කියති.

මියගිය සිසුවාගේ මළසිරුර පිළිබඳ හදිසි මරණ පරීක්ෂණය කතරගම හදිසි මරණ පරීක්‍ෂක සමන් වික‍්‍රමසිංහ විසින් තිස්සමහරාම මූලික රෝහලේදී පවත්වන ලදී. එහිදී මරණ පරීක්ෂකවරයා විසින් එම මළසිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට තිස්සමහරාම මූලික රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරී එච්. සී. ඩබ්ලිව්. අජිත් කුමාර මහතා වෙත නියෝගයක් කළේය.

එම පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාව අනුව සිසුවා මියගොස් ඇත්තේ වම් වකුගඩුවට රුධිරය ගමන් කරන නාලිකාව පුපුරායෑම හේතුවෙන් අභ්‍යන්තරයට රුධිර වහනය වීම හේතුවෙනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රතුවල ආදිවාසී නායකයාගේ වියෝව ගැන සංවේදී වී කියූ කතාව..පරම්පරාවටම ලොකු පාඩුවක්
07:15
Video thumbnail
ලංකාවේ වීසා නීති වෙනස් වෙනවද ?..රටවල් 40කට Free Visa ලබා දීම ගැන CoPF එකේදි කළ හෙළිදරව්ව
16:31
Video thumbnail
CoPF එකේදිම හර්ෂද සිල්වට මාට්ටු වුණ ලොකු බොරුව.."ලොකු බොරුවක්..අපි රැවටිලානේ"
10:57
Video thumbnail
කෙටි ආහාර, ප්ලේන්ටි, රයිස් මිල ඉහළට..වසන්තට කේක් කවලා ගෑස් මිල ඉහළ යාම සමරපු හැටි
05:05
Video thumbnail
මහ පාරවල් ජලයෙන් යට වෙයි..දේමෝදර ප්‍රදේශයට අද ඇඳහැලුණු මහ වැසි
01:29
Video thumbnail
යුද හමුදාපති, නාවික හමුදාපති ඇතුළු ප්‍රබලයින් රැසක් ජනපති සමඟ විශේෂ හමුවක්..
01:31
Video thumbnail
දෙනියායේ පාසල් කිහිපයක් වසයි..සිසුන් බරගානක් රෝහල්වල..සීඝ්‍රයෙන් පැතිර යන වෛරස් උණ රෝගයක්..
05:29
Video thumbnail
වෛද්‍ය වාර්තාව නැතුව ආයේ බස් ධාවනය කරන්න දෙන්නේ නෑ
00:56
Video thumbnail
මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වුණ මාලිමා මන්ත්‍රී හදිසියේම ඇවිත් කිව්ව දේ..මට කළකිරුනා
01:25
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.07
05:25:16