පහස ලබා එන අයව සුද්දකර පහර දෙන ගල්කිස්ස දක්ෂිණාරාම පාරේ වීදි ගණීකාවන්

වීදි ගණීකාවන් තම වසගයට ගන්නා පිරිමි පුද්ගලයන් ගල්කිස්ස දක්ෂිණාරාම පාරේ ලැගුම් හලක් වෙත කැඳවාගෙන විත් ඔවුන් සතු මුදල් පසුම්බි රන් ආභරණ ඇතුළු වටිනා දෑ කොල්ල කා ඔවුන්ට පහරදී තුවාල සිදු කරන සංවිධානාත්මක කොල්ල කල්ලියක 6 දෙනකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇතැයි ගල්කිස්ස මූලස්ථාන පොලිසියේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ඊයේ ( 27 වැනිදා ) පැවසීය . අත්අඩංගුවට ගත් පිරිස අතර වීදි ගණිකාවන් දෙදෙනකු සහ පිරිමි පුද්ගලයන් සිව්දෙනකු වන බවද හෙතෙම කීය . අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 30 ත් 40 ත් අතර වයසේ පසුවන ගල්කිස්ස අවට පදිංචිකරුවන්බවද හෙතෙම කියා සිටියේය . වධකාගාරයක් බඳු වූ මෙම ලැගුම්හල තුළින් රාත්‍රී කාලයේ විවිධ පුද්ගලයන්ගේ දුක් අදෝනා ඇසුණු බව ප්‍රදේශවාසීහු පැවසූහ . මෙම ලැගුම්හුල අධික මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වූ වීදි ගණිකාවන්ගේ තිප්පොළක් බවට පත්ව තිබූ බවද පැවසේ .

ගල්කිස්ස දක්‍ෂිණාරාම මාර්ගය ආරම්භ වන ස්ථානයේ සැරිසරන වීදි ගණිකාවන් රාත්‍රී කාලයේදී පිරිමි පුද්ගලයන්ව තම වසගයට ගෙන මෙම ලැගුම්හල කරා කැඳවාගෙන එති එහිදී එම ලැගුම්සහල් පරිශ්‍රයේ රැඳී සිටින සංවිධානාත්මක කොල්ල කල්ලි සාමාජිකයන් පැමිණ සාමාන්‍ය පුද්ගලයන් සතු මුදල් පසුම්බි , වටිනා රන් ආභරණ කොල්ලකා පසුව ඔවුන්ට පහරදී පන්නා.
දමා ඇතැයි පැවසේ . ” මට ළමයි ඉන්නවා . අත ඇරපන් , රේස් එක දෙන්න සල්ලි අරන් .. අයියෝ … අම්මෝ … යැයි කියමින් පහරකෑමට ලක්වූවන් කෑගසමින් පවසා ඇතැයිද වාරතා වේ . ප්‍රදේශයම් භීතියට පත් කරගෙන සිටින මෙම කොල්ල කල්ලිය සම්බන්ධයෙන් ප්‍රදේශවාසීහු පොලිසියට කළ දැනුම්දීමකට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගත් බවද පොලිසිය කියයි . මේ පිළිබඳව ගල්කිස්ස මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍ර.පො.ප . දිලීප පෙරේරා මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පො.ප. චන්ද්‍රසිරි මහතාගේ මෙහෙය වීමෙන් නිලධාරිහු කණ්ඩායමක් වැඩිදුර පරිකෂණ සිදු කරති .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
19
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිවංගත තම පියාට පුෂ්පෝපාහාර දැක්වීමට සජිත් ප්‍රේමදාස එයි..එජාප නවීන් ඇතුළු සෙට් එකක් ඇවිත්
04:00
Video thumbnail
කම්කරු දිනයේ වඩිවේල් ආණ්ඩුවෙන් කළ ඉල්ලීම
01:46
Video thumbnail
ජනපති රතු ෂර්ට් එකකුත් දාගෙන ගැම්මෙන් නුවරඑළියට ආ හැටි
01:25
Video thumbnail
දිලිත්ගේ මැයි රැළියට ජන ගඟක් ගලාගෙන එන හැටි
01:50
Video thumbnail
හිටපු ජනපති මහින්දයි පුතයි හිනාවෙවී කතා කරන හැටි..ටී.බී.ඉලංගරත්න පිළිරුවට පුෂ්පෝපාහාර දක්වපු අයුරු
04:54
Video thumbnail
රුවන්වැලි මහා සෑයට, ශ්‍රී මහා බෝධියට විශාල බැතිමතුන්ට පිරිසක් පැමිණෙයි
01:15
Video thumbnail
රියදුරුට නින්ද යාම නිසා සුඛෝපභෝගී වෑන් රථයක් අනතුරට..විදුලිි කණුවක් කඩාගෙන නැවතෙයි
01:17
Video thumbnail
උගන්ඩා කුමාරිට කට උත්තර නැතිවෙන්න තිස්සකුට්ටි අමතයි..ඩොලර් මිලියන 2.5 ගේන්න ඕනි නැද්ද?
03:14
Video thumbnail
කම්කරු දිනයෙත් කම්කරුවන් වැඩ.."අපේ තියෙන දුප්පත්කමනේ..ඊට වැඩිය දෙයක් නෑනේ"
02:13
Video thumbnail
NPPයට ජනතා ආකර්ෂණය අඩු වෙලාද ?..මුළු ලංකාවම රත්‍ර වර්ණයෙන් බබළනවා
04:39