කොවිඩ් ආසාදිතයින් ගැන විශේෂ තීරණයක් ගනියි

කොවිඩ් ආසාදිත රෝගීන් සහ ආසාදිතයින් සමග සමීප සම්බන්ධතා පවත්වුවන් සම්බන්ධයෙන් අනුගමනය කරනු ලබන සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව සංශෝධනය කරමින් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

ඒ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින්.

එහිදී රෝහල්ගත කොට සිටින කොවිඩ් ආසාදිත රෝගියෙකු හෝ නිවෙස්ගත ආසාදිතයෙකු නම් ඔහුට පැවති රෝගී ලක්ෂණ වලින් සුව අතට හැරී ඇත්නම්, ප්‍රතිජිවක ඖෂධ නොමැතිව පැය 48ක කාලයක් තුලදී උණ රෝගයෙන් නොපෙලෙන්නේ නම් දින 07කට පසුව රෝහලෙන් නිදහස් කිරිමට හැකිය.

යම් ආසාදිතයෙකුට රෝග ලක්ෂණ නොමැතිව පැය 48ක කාලයක් උණ රෝගය ඇත්නම් ඒ සම්බන්ධයෙන් තමන්ට ආසන්නයේ ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට දැනුම් දිය යුතුය.

මේ අතර කොවිඩ් ආසාදිතයෙකු ගේ සමීප ආශ්‍රිතයෙක් ලෙස හඳුනා ගනු ලැබූ පුර්ණ ලෙස කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත ලබා ගෙන සිටින අයෙකු නම්, ඔවුන්ට රෝග ලක්ෂණ නොපෙන්වන්නේ නම් නිරෝධායනය වීමකින් තොරව සිය සාමාන්‍ය කටයුතු කරගෙන යා හැකිවේ.

නුමුත් සමීප ආශ්‍රිතයෙකු ලෙස හඳුනා ගනු ලබන පුද්ගලයෙකුට යම් අයුරකින් රෝග ලක්ෂණ පෙන්වන්නේ නම් ඔවුන් වහාම කොවිඩ් පරීක්ෂණයකට යොමු විය යුතුය.

කොවිඩ් එක් එන්තක් ලබාගෙන සිටින හෝ එන්නත්කරණයට ලක් නොවූ පුද්ගලයෙකු කොවිඩ් ආසාදිතයෙකු ගේ සමීප ආශ්‍රිතයෙක් ලෙස හඳුනා ගැන ලැබුවොත් එම පුද්ගලයා දින 07ක නිරෝධායනයට ලක්වීමෙන් පසු සිදුකරනු ලබන රැපිඩ් ඇන්ටිජන් හෝ PCR පරීක්ෂණයක ප්‍රථිපල මත නිරෝධායනයෙන් නිදහස් කළ හැක.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්දීය ආරක්ෂක ඇමති ජනපති අනුරත් හමුවෙයි
02:52
Video thumbnail
ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං හමුවෙන්න ගිය විපක්ෂ නායක
00:53
Video thumbnail
කොහොමද බඩු ටික හංගලා තියන තැන
02:13
Video thumbnail
රියදුරුට නින්ද යාමෙන් ත්‍රී රෝද රථයක ලොරියක ගැටෙයි
00:43
Video thumbnail
ෆොන්සේකා දේශපාලනයට එයි කියන බය එදා පාලකයන්ට තිබුණා - අභියෝගයක් වීම නැවැත්වීමට මේක කළේ
06:21
Video thumbnail
සජිත්ට පුදුම ලෙඩක් හැදිලා තියෙන්නේ
06:24
Video thumbnail
නාමල් ඇතුලට ගියොත් තමයි පොහොට්ටුවට ජයවෙන්නේ
11:27
Video thumbnail
අම්පිටියේ සුමනරතන හිමි තර්ජනය කළ වීඩියෝව එළියට - "කෙ#වන්න පටන් ගන්නේ අද..අනුර කුමාරට බුදුම සරණයි"
06:29
Video thumbnail
අධිකරණයට අත තියලා, දිනපු එකෙක් නෑ ඉඳලා
04:42
Video thumbnail
පාසල් නිල ඇඳුමෙන් ඇවිත් මුල්ලටවෙලා දුම් පානය කරන සිසුන් - කවුද මේ දුම්වැටි විකුණන්නේ ?
01:30