ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඉකුත් වසරේ නිකුත් කරන ලද “දැඩි අන්තවාදී හා ආගමික මතවාදයන්ගෙන් මුදාගැනීමේ රෙගුලාසි” අඩංගු ගැසට් නිවේදනයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
අදාළ ගැසට් නිවේදනය අභියෝගයට ලක්කරමින් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ, ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු මහතා ඇතුළු පාර්ශ්ව 3ක් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.
මුර්දු ප්‍රනාන්දු, යසන්ත කෝදාගොඩ සහ ශිරාන් ගුණරත්න යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය කරනු ලැබීය.
අනතුරුව පෙත්සම් විභාගය මාර්තු මස 21 වනදා සිදු කිරීමටත් අධිකරණය දින නියම කළේය.
පෙත්සම්කරුවන් කියා සිටින්නේ ප්‍රචණ්ඩ හා අන්තවාදී ආගමික මතවාද වැළැක්වීමේ අරමුණින් ජනාධිපතිවරයා විසින් 2021 මාර්තු මස 12 වනදා 2021 අංක 1 දරන මෙම ගැසට් නිවේදනය නිකුත් කළ බවය.
මෙම රෙගුලාසි යටතේ ඕනෑම පුද්ගලයෙකු අධිකරණ ක්‍රියාවලියකින් තොරව අත්අඩංගුවට ගෙන, පුනරුත්ථාපනයට යොමු කළ හැකි බව ද පෙත්සම්කරුවෝ පෙන්වා දෙති.
ඒ තුළින් මූලික මිනිස් අයිතීන් උල්ලංඝනය වන බවත් එබැවින් එය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.











What about the rights of the victims of these extremists.All extremists should be tried and hung.