ජාතික රෝහලේ විශාල ගැටළුවක්

කොළඹ ජාතික රෝහලේ ‘කොවිඩ්’ ඇන්ටිජන් පරීක්‍ෂණ කට්ටල අවසන් වීමෙන් බාහිර රෝගී අංශයේ ඇන්ටිජන් පරීක්‍ෂණ අද සම්පූර්ණයෙන්ම අත්හිටුවීමට සිදුවූ බව රෝහලේ සෙසු අංශවල ද ඇන්ටිජන් පරීක්‍ෂණ කට්ටල නොමැති බවත් එම රෝහල් වෛද්‍යවරු පවසනවා.

කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශය දිනකට ඇන්ටිජන් පරීක්‍ෂණ 70 කට ආසන්න සංඛ්‍යාවක් කළ ද ඊයේ දිනයේ පරීක්‍ෂණ කළ නොහැකිවූ නිසා වාටුවට ඇතුළත් කිරීමට කටයුතු කළ බව කියන එම රෝහලේ වෛද්‍යවරු පැවසුවේ වාට්ටු තුළ ද ඇන්ටිජන් පරීක්‍ෂණ කිරීමට පරීක්‍ෂණ කට්ටල නොමැති බවයි.

ඩෙංගු ප්‍රතිදේහ ඇන්ටිජන් පරීක්‍ෂණ කට්ටල නොමැති වීම හේතුවෙන් එම පරීක්‍ෂණ ද අත්හිටුවීමට සිදුවී ඇති බව එම රෝහලේ වෛද්‍යවරු වැඩි දුරටත් පවසන්නේ.

කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්‍ෂ කුමාර වික්‍රමසිංහ මේ පිළිබඳව අදහස් දක්වමින් සඳහන් කළ ‘කොවිඩ්’ ඇන්ටිජන් පරීක්‍ෂණ කට්ටල පිළිබඳ ප්‍රශ්නයක් ඇති බවත් වෛද්‍ය සැපයුම් අංශයෙන් එම කට්ටල ඇනවුම් කර ඇති බවයි.

ඇන්ටිජන් කට්ටල නොමැති වීමෙන් අද දිනයේ පරීක්‍ෂණ අඩු ප්‍රමාණයක් කළ බව පැවසූ කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්‍ෂ කුමාර වික්‍රමසිංහ එම කට්ටල නොලැබුණු හොත් ගැටලුකාරී තත්වයක් ඇති වන බවයි සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40