AFC Banner
Empty Ad
Empty Ad

ජාතික රෝහලේ විශාල ගැටළුවක්

කොළඹ ජාතික රෝහලේ ‘කොවිඩ්’ ඇන්ටිජන් පරීක්‍ෂණ කට්ටල අවසන් වීමෙන් බාහිර රෝගී අංශයේ ඇන්ටිජන් පරීක්‍ෂණ අද සම්පූර්ණයෙන්ම අත්හිටුවීමට සිදුවූ බව රෝහලේ සෙසු අංශවල ද ඇන්ටිජන් පරීක්‍ෂණ කට්ටල නොමැති බවත් එම රෝහල් වෛද්‍යවරු පවසනවා.

කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශය දිනකට ඇන්ටිජන් පරීක්‍ෂණ 70 කට ආසන්න සංඛ්‍යාවක් කළ ද ඊයේ දිනයේ පරීක්‍ෂණ කළ නොහැකිවූ නිසා වාටුවට ඇතුළත් කිරීමට කටයුතු කළ බව කියන එම රෝහලේ වෛද්‍යවරු පැවසුවේ වාට්ටු තුළ ද ඇන්ටිජන් පරීක්‍ෂණ කිරීමට පරීක්‍ෂණ කට්ටල නොමැති බවයි.

ඩෙංගු ප්‍රතිදේහ ඇන්ටිජන් පරීක්‍ෂණ කට්ටල නොමැති වීම හේතුවෙන් එම පරීක්‍ෂණ ද අත්හිටුවීමට සිදුවී ඇති බව එම රෝහලේ වෛද්‍යවරු වැඩි දුරටත් පවසන්නේ.

කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්‍ෂ කුමාර වික්‍රමසිංහ මේ පිළිබඳව අදහස් දක්වමින් සඳහන් කළ ‘කොවිඩ්’ ඇන්ටිජන් පරීක්‍ෂණ කට්ටල පිළිබඳ ප්‍රශ්නයක් ඇති බවත් වෛද්‍ය සැපයුම් අංශයෙන් එම කට්ටල ඇනවුම් කර ඇති බවයි.

ඇන්ටිජන් කට්ටල නොමැති වීමෙන් අද දිනයේ පරීක්‍ෂණ අඩු ප්‍රමාණයක් කළ බව පැවසූ කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්‍ෂ කුමාර වික්‍රමසිංහ එම කට්ටල නොලැබුණු හොත් ගැටලුකාරී තත්වයක් ඇති වන බවයි සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?