ජයටම මගුල් කා සුපිරියට කොවිඩ් පැතිරු මංගල උත්සවය

ප්‍රසිද්ධ උත්සව ශාලාවක පැවති විවාහ මංගල උත්සවයකට සහභාගි වූ ආරාධිතයන් අතරින් 100 කට අධික පිරිසකට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට කටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසනවා.

ඉකුත් 18 වැනිදා කොච්චිකඩේ ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ උත්සව ශාලාවක මෙම විවාහ මංගල්‍ය උත්සවය පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.

මෙසේ කොවිඩ් ආසාදිත බවට වාර්තා වන රෝගීන් ගෙන් 30 දෙනකු පමණ මේ වන විට හඳුනාගෙන ඇති බවත් ආසාදිතයින් බවට පත්ව ඇති සෙසු පිරිස් සිය නිවෙස් ද වසා දමා තොරතුරු ලබාදීම වසන් කරමින් සිටින බවට තොරතුරු ලැබී ඇති බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ.

මෙම විවාහ මංගල උත්සවයට සහභාගි වීමෙන් පසු කොරෝනා ආසාදිත බවට මේ වන විට හඳුනාගෙන ඇති පුද්ගලයන්ගෙන් ලද තොරතුරු වලට අනුව මෙම විවාහ මංගල සාදයේදී මත්පැන් පානය කරමින් නර්තන පීඨිකාව මත නර්තනයේ යෙදුණු පිරිසක් විවාහ මංගල උත්සවය පසු වී දින කීපයකින් කොරෝනා ආසාදිතයන් ලෙස පළමුවෙන්ම තහවුරු වී ඇතැයි හදුනාගෙන ඇත.

විවාහ මංගල සාදයට සහභාගි වීමෙන් පසු කොරෝනා ආසාදිත බවට හඳුනාගත් කටාන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් ඔවුන්ගේ නිවෙස් තුළ නිරෝධායනයට ලක්කර ඇති බවත් අනෙක් ආසාදිතයන් පිළිබඳ සොයා බැලීමේ කටයුතු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ආරම්භ කර ඇති බවයි සෞඛ්‍ය අංශ සඳහන් කර සිටියේ.

ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් උල්ලංඝණය කරමින් මෙම විවාහ මංගල උත්සවය සඳහා ආරාධිතයින් 300-350කට ආසන්න පිරිසක් සහභාගිවී ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරනු ලබන බවයි කටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ උසස් නිලධාරියෙක් සඳහන් කර සිටියේ.

  1. දැන් ඉතින් හැංගිලා ඉදගෙන සමාජයේ තවත් පතුරුවන්නේ නැතිව PHI මහත්තයා ට දන්වන්න . ඒක වගකීමක් මිසක් ලැජ්ජාව ට කරුණක් නෙවෙයි .



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56