ජනප්‍රිය නළුවෙකු පැදවූ රථය අනතුරට පත් වෙයි රථ 3ක් එකට ගැටෙයි

ප්‍රකට හොලිවුඩ් නළු ආනෝල්ඩ් ශ්වාසනෙගර් පදවාගෙන ගිය මෝටර් රියක් අනතුරකට මුහුණ දීමේ සිද්ධියක් ඊයේ (23 වැනිදා) වාර්තා විය.

ඔහු පැදවූ සුඛෝපභෝගී මෝටර් රිය සහ තවත් මෝටර් රථ තුනක් එකිනෙක ගැටී මෙම අනතුර සිදුව තිබේ.

කෙසේ වෙතත් අනතුරෙන් 74 හැවිරිදි ශ්වාසනෙගර්ට තුවාල සිදු වී නැති බවද මාධ්‍ය වාර්තා කර තිබිණි.

ඔහුගේ මෝටර් රිය තවත් රතු පැහැති මෝටර් රියක බොනට්ටුව මතට ඇදී ගොස් ඇති අයුරුත්, සුදු පැහැති සහ රිදී පැහැති තවත් රථ දෙකක් මෙම රථ සමග ගැටී ඇති අයුරුත් මාධ්‍ය තුළ පළ වූ ඡායාරූපවල දැක්වේ.

ශ්වාසනේගර් රියෙන් බැස සෙසු මෝටර් රථවල රියැදුරන් සහ පොලිස් නිලධාරින් සමග කතා කරමින් සිටින අන්දමද මෙම ඡායාරූපවල දැක්විණි.

අනතුර සිදුව තිබුණේ ලොස් ඇන්ජලිස්හි ශ්වාසනෙගර්ගේ නිවස ආසන්නයේ මංසන්ධියකය.

රතු පැහැති මෝටර් රිය පදවාගෙන ආ කාන්තාවගේ හිසට තුවාල සිදුව ඇති බවත්, ඇය රෝහල්ගත කර ඇති බවත් සඳහන් වන මුත් ඇයගේ තත්ත්වය බරපතළ නොවන බව පොලිසිය සඳහන් කර තිබිණි.

කෙසේ වෙතත් ශ්වාසනෙගර් ඇයගේ තත්ත්වය සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කර තිබූ බවද සඳහන් විය.

පුවත්පත මුද්‍රණයට යන අවස්ථාව වනවිටත් මෙම අනතුර සම්බන්ධයෙන් කිසිවකු අත්අඩංගුවට ගෙන තිබුණේ නැත.

රියැදුරන් කිසිවකු මත්පැන් හෝ මත්ද්‍රව්‍ය පාවිච්චි කර නොසිටි බවද පොලිසිය සඳහන් කර තිබේ.

ශ්වාසනෙගර් 2003 සිට 2011 දක්වා කැලිෆෝනියා ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා ලෙසද කටයුතු කළේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56
Video thumbnail
මේ ඵාපකර්මයට කවුරුත් හවුල් වෙන්න එපා - ජනමත විචාරණයෙන් ආණ්ඩුවට අන්ත පරාජයක් දෙන්න පුළුවන්
04:02
Video thumbnail
අජිත්ගෙන් ආණ්ඩුවට අභියෝගයක් - පැරදෙනවා කියලා බය හින්දා මේ කියවන්නේ
04:56
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි
00:57
Video thumbnail
CTB බසයක් ලොරි රථයක වැදී බිහිසුණු අනතුරක්
00:42