ඔමික්‍රොන් නිසා නවසීලන්ත අගමැතිනිය විවාහය කල් දමයි

ඔමික්‍රොන් වෛරස් ප්‍රභේදය හමුවේ රට තුළ කොවිඩ් සීමා යළි බලාත්මක කිරීමත් සමග සිය විවාහ මංගල උත්සවය තාවකාලිකව අවලංගු කිරීමට නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩර්න් තීරණය කර තිබෙනවා.

නීතිය සියල්ලන්ට එක හා සමාන බැවින් තමන් මෙම තීරණය ගත් බවයි වෙලිංටන් නගරයේ අද පැවති මාධ්‍ය හමුවකදී අගමැතිනිය කියාසිටියේ.

අද සිට තවත් මාසයකට බලාත්මක වන පරිදි නවසීලන්තය විසින් නැවතත් කොවිඩ් සීමා පණවා තිබෙනවා.

ඒ අනුව උත්සව අවස්ථාවක සිටිය යුතු අමුත්තන් සංඛ්‍යාවේ උපරිමය 100 ක් වනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?