තරුණයෙක්, 55 හැවිරිදි කාන්තාවක් දුම්රිය එන මොහොතේම දුම්රිය මාර්ගයට තල්ලු කරන වීඩියෝවක් “ඩේලිමේල් ” වාර්තා කරනවා.
එම අවස්ථාවේ වහා ක්‍රියාත්මක වන රියදුරු තිරිංග තද කරමින් අනතුර වළක්වන අයුරු ද සීසීටීවී දර්ශනවල දැක්වෙනවා.
මෙම පුවත වාර්තා වන්නෙ බෙල්ජියමෙන්.
බෙල්ජියමේ, Rogier metro නම් උමං දුම්රිය ස්ථානයකදී යි මෙම සිදුවීම සිදුව ඇත්තේ.
පසුගිය දා (ජනවාරි 14) මෙම සිදුවීම සිදුවී ඇති අතර, කාන්තාව තල්ලු කර හරින තරුණයා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු 23 හැවිරිදි තරුණයෙක්.
කාන්තාවට බරපතල තුවාල කිසිවක් සිදුව නොමැති අතර, කම්පනය නිසාම ඇයව රෝහල්ගත කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.
ඇගෙන් අඟලක් දුරින් දුම්රිය නතර වූ බවයි විමර්ශනවලදී හෙළි වී ඇත්තේ.
මාරාන්තික අනතුරක් වළකා ගත් දුම්රිය රියදුරුට බොහෝ දෙනෙක් ප්‍රශංසා කර තිබෙනවා.
කෙසේ වෙතත්, සැකකරු මෙසේ සිදුකරන්නට හේතුව තවමත් අනාවරණය වී නැහැ.




