තරුණයෙක් කාන්තාවක් දුම්රියට තල්ලු කරයි

තරුණයෙක්, 55 හැවිරිදි කාන්තාවක් දුම්රිය එන මොහොතේම දුම්රිය මාර්ගයට තල්ලු කරන වීඩියෝවක් “ඩේලිමේල් ” වාර්තා කරනවා.

එම අවස්ථාවේ වහා ක්‍රියාත්මක වන රියදුරු තිරිංග තද කරමින් අනතුර වළක්වන අයුරු ද සීසීටීවී දර්ශනවල දැක්වෙනවා.

මෙම පුවත වාර්තා වන්නෙ බෙල්ජියමෙන්.

බෙල්ජියමේ, Rogier metro නම් උමං දුම්රිය ස්ථානයකදී යි මෙම සිදුවීම සිදුව ඇත්තේ.

පසුගිය දා (ජනවාරි 14) මෙම සිදුවීම සිදුවී ඇති අතර, කාන්තාව තල්ලු කර හරින තරුණයා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු 23 හැවිරිදි තරුණයෙක්.

කාන්තාවට බරපතල තුවාල කිසිවක් සිදුව නොමැති අතර, කම්පනය නිසාම ඇයව රෝහල්ගත කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

ඇගෙන් අඟලක් දුරින් දුම්රිය නතර වූ බවයි විමර්ශනවලදී හෙළි වී ඇත්තේ.

මාරාන්තික අනතුරක් වළකා ගත් දුම්රිය රියදුරුට බොහෝ දෙනෙක් ප්‍රශංසා කර තිබෙනවා.

කෙසේ වෙතත්, සැකකරු මෙසේ සිදුකරන්නට හේතුව තවමත් අනාවරණය වී නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර ඔය Marketing ෂෝ කරනවා - නීතිය කාටද පොදු වුණේ - සුරංගනා කතා.. මහින්ද ගැන නිරෝෂන් කිව්ව කතාව
04:55
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව ජලයෙන් යටවෙයි..මෙන්න එහි නවතම දර්ශන
02:05
Video thumbnail
රටේ ප්‍රබල ආණ්ඩුකාරවරයෙක් ඉල්ලා අස්වීම භාරදීලා ?ඇවිදින පුස්තකාල කිව්වට මෙලෝ එකෙක් නෑනේ
05:04
Video thumbnail
නිවාසවලට කුලිය දීම මාස 3කින් දීර්ඝ කරනවා..ඩොලරය අපෙන් ගිලිහිලා ගියා l Anura Kumara Dissanayake
06:25
Video thumbnail
ඩීසල් ලීටරයක මිල රු.720ක් ? දෙන්නේ රු.392ට..ඉන්ධන ගැන ජනපති කළ හෙළිදරව්ව
04:23
Video thumbnail
බෝ ගසක අත්තක් ත්‍රී රෝදයක් මතට කඩා වැටී සිදු වූ අනතුර
00:38
Video thumbnail
මහරගම - පිළියන්දල මාර්ගය ජලයෙන් යටවෙයි
00:47
Video thumbnail
අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමි කරන්නේ රංගනයක්..?
07:06
Video thumbnail
මහ වැස්සෙන් කළුතර ප්‍රදේශයේ නිවාස රැසක් ජලයෙන් යටවෙයි
01:26
Video thumbnail
මහරගම - පිළියන්දල මාර්ගය සම්පූර්ණයෙන් ජලයෙන් යටවෙයි
01:22