AFC Banner
Empty Ad
Empty Ad

ඔමික්‍රෝන් ආසාදිත රෝගීන් හමුවූ ප්‍රදේශ හෙළිවෙයි

ඔමික්‍රෝන් කොවිඩ් වෛරස් ප්‍රභේදය ආසාදනය වූ තවත් පුද්ගලයින් 75 දෙනෙකු මෙරටදී හඳුනාගෙන ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ, ආචාර්ය චන්දිම ජීවන්දර ප්‍රකාශ කර සිටිනවා.

ආචාර්ය චන්දිම ජීවන්දර සඳහන් කලේ මෙවර වාර්තා වූ ඔමික්‍රෝන් ආසාදිතයින් සියලු දෙනාම මෙරට සමාජයෙන් හමුවූ බවයි.

ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදනය වූ ආසාදිතයින් 7දෙනෙකු හඳුනා ගෙන ඇති අතර ඔවුන් වාර්තා වී ඇත්තේ අංගොඩ, කොළඹ, රුවන්වැල්ල, ගල්කිස්ස, නුගේගොඩ සහ පාදුක්ක යන ප්‍රදේශවලින්වේ.

මිට අමතරව BA 1 යන ඔමික්‍රෝන් අනුප්‍රභේදය ආසාදනය වූ ආසාදිතයින් 56 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඔවුන් කොළඹ, අවිස්සාවේල්ල, බොරලැස්ගමුව, හෝමාගම, කටුගොඩ, කොස්ගම, මඩපාත, පාදුක්ක, පැරකුඩාව සහ වැල්ලම්පිටිය යන ප්‍රදේශවලින්ය.

එමෙන්ම BA 2 යන ඔමික්‍රෝන් අනු ප්‍රභේදය ආසාදනය වූ ආසාදිතයින් 12 දෙනෙකු හඳුනා ගෙන තිබෙන අතර ඔවුන් වාර්තා වී ඇත්තේ අවිස්සාවේල්ල, බදුල්ල, කොළඹ, ගාල්ල, කොන්නවල, ගල්කිස්ස, නුගේගොඩ සහ ඉන්දියාවේ සිට පැමිණි එක් මගියෙකුගෙන් බවයි ආචාර්ය චන්දිම ජිවන්දර සඳහන් කලේ.

පසුගිය ජනවාරි 15 වනදා දිනයේදී ද, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යායතනය විසින් නිකුත් කළ වාර්තාව අනුව මෙරටින් ඔමික්‍රොන් ආසාදිතයින් 160 දෙනෙකු හඳුනාගනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
15
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?