ඔමික්‍රෝන් ආසාදිත රෝගීන් හමුවූ ප්‍රදේශ හෙළිවෙයි

ඔමික්‍රෝන් කොවිඩ් වෛරස් ප්‍රභේදය ආසාදනය වූ තවත් පුද්ගලයින් 75 දෙනෙකු මෙරටදී හඳුනාගෙන ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ, ආචාර්ය චන්දිම ජීවන්දර ප්‍රකාශ කර සිටිනවා.

ආචාර්ය චන්දිම ජීවන්දර සඳහන් කලේ මෙවර වාර්තා වූ ඔමික්‍රෝන් ආසාදිතයින් සියලු දෙනාම මෙරට සමාජයෙන් හමුවූ බවයි.

ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදනය වූ ආසාදිතයින් 7දෙනෙකු හඳුනා ගෙන ඇති අතර ඔවුන් වාර්තා වී ඇත්තේ අංගොඩ, කොළඹ, රුවන්වැල්ල, ගල්කිස්ස, නුගේගොඩ සහ පාදුක්ක යන ප්‍රදේශවලින්වේ.

මිට අමතරව BA 1 යන ඔමික්‍රෝන් අනුප්‍රභේදය ආසාදනය වූ ආසාදිතයින් 56 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඔවුන් කොළඹ, අවිස්සාවේල්ල, බොරලැස්ගමුව, හෝමාගම, කටුගොඩ, කොස්ගම, මඩපාත, පාදුක්ක, පැරකුඩාව සහ වැල්ලම්පිටිය යන ප්‍රදේශවලින්ය.

එමෙන්ම BA 2 යන ඔමික්‍රෝන් අනු ප්‍රභේදය ආසාදනය වූ ආසාදිතයින් 12 දෙනෙකු හඳුනා ගෙන තිබෙන අතර ඔවුන් වාර්තා වී ඇත්තේ අවිස්සාවේල්ල, බදුල්ල, කොළඹ, ගාල්ල, කොන්නවල, ගල්කිස්ස, නුගේගොඩ සහ ඉන්දියාවේ සිට පැමිණි එක් මගියෙකුගෙන් බවයි ආචාර්ය චන්දිම ජිවන්දර සඳහන් කලේ.

පසුගිය ජනවාරි 15 වනදා දිනයේදී ද, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යායතනය විසින් නිකුත් කළ වාර්තාව අනුව මෙරටින් ඔමික්‍රොන් ආසාදිතයින් 160 දෙනෙකු හඳුනාගනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56