විදුලිය නොකපා ඉන්න සෑදු යෝජනාවලිය

විදුලි පරිභෝජනය අඩු කිරීමේ යෝජනාවලියක් මීළඟ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව විදුලිබල අමාත්‍ය ගාමිණි ලොකුගේ පවසනවා.

අද, හෙට සහ අනිද්දා දිනයන්වලදී විදුලිය විසන්ධි කිරීමට බලාපොරොත්තු නොවන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ඒ අනුව මාර්ගවල ඇති විදුලි පහන් නිවාදැමීම, වායු සමීකරණ භාවිතය අත්හිටුවීම හා කාර්යාලවල විදුලි උපකරණ නිවා දැමීම ඇතුළු යෝජනා ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“පළාත් සභාවල වීදී ලාම්පු සැලැස්මකට දාලා නෑ. එකින් එක විසන්ධි කරන්න වෙනවා. සැලැස්මකට දාපුවා.. හයිවේවල, ප්‍රධාන පාරවල්වල ඒවා අපිට පාලනයක් කරන්න පුළුවන්. ඒවා ගැන යෝජනාවක් කරන්න අපි බලාපොරොත්තුවෙනවා ඉදිරි කැබිනට් මණ්ඩලයේදී.”

මේ අතර මාර්තු මාසය වනවිට පැය 04ක විදුලිය කැපීමේ අවදානමක් පවතින බව උදය ගම්මන්පිල අමාත්‍යවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ද විදුලිබල අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා අදහස් දැක්වීය.

“මම දන්නේ නෑ ගම්මන්පිල මහත්තයා කොහොම ගණන් හැදුවද කියලා. ගම්මන්පිල මහත්තයාගෙන් අපි බලාපොරොත්තු වෙන්නේ අපේ වාර්ෂික ඇනවුම අනුව තෙල් ලබාගැනීම.”

සපුගස්කන්ද බලාගාරයට ලබාදී තිබු දැවිතෙල් තොග අද දහවල් වනවිට අවසන්වීමට නියමිතව තිබුණි.

එහෙත් ඛණිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඊයේ රාත්‍රියේ තවත් දැවිතෙල් මෙට්‍රික් ටොන් 600ක් පමණ ලංකා විදුලිබල මණ්ඩලයට ලබාදීමට පියවර ගත්තා.

ඒ අනුව විදුලිබල අමාත්‍ය ගාමිණි ලොකුගේ වැඩිදුරටත් සඳහන් කළේ අද, හෙට සහ අනිද්දා දින තුනේදී විදුලි කප්පාදුවක් කිරීමේ අවශ්‍යතාවක් පැන නොනගින බවය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14