මේ දිනවල සමාජ මාධ්‍ය ඇවිළවූ ගුරුවරිය සංජීවනී ගැන ඇසෙන දුක්බර කතාව

මීට දින කිහිපයකට පෙර සමාජ මාධ්‍ය පුරා බොහෝ දෙනාගේ කතාබහට ලක්වුනු ඡායාරූප වල සිටින සුරූපී තරුණිය වෘත්තියෙන් ගුරුවරියක් ඇගේ නම සංජීවනී චන්ද්‍රසේකර ඇය කුරුණෑගල ප්‍රදේශයේ ගුරුවරියක් ලෙස සේවය කරන්නීයක්.

ඇය කෙරෙහි බොහෝ දෙනාගේ කතාබහට මීට දින කිහිපයකට පෙර ලක් වන්නට හේතු වූයේ ඇයගේ වියෝවත් සමඟයි.  ඇය  කිසි යම් සිත් තැවුලක් හේතුවෙන් දුම්රියකට පැන සිය දිවි නසා ගැනීමක් සිදු කරගත් බව සමාජ මාධ්‍ය සඳහන්. කෙසේ වුවත් සමාජ මාධ්‍ය තුළ විවිධ පුද්ගලයින් විවිධ දේ පැවසුවත් නිශ්චිත හේතුවක් සඳහන් කිරිමක් නොවිය.

ඇයට මෙවන් අවාසනාවන්ත ඉරණමකට මුහුණ දෙන්න සිදු වන්නේ විවාහයේ ඇති වුණු ප්‍රශ්න නිසාවෙන් බවයි වාර්තා වෙන්නේ.

ආදරය සහ විවාහය ගැන කතා කළොත් සංජිවනි ආදරය කරන්නට පටන් ගත්තේ 8 වන ශ්‍රේණියේ සිටයි. වසර 13කට වඩා පැරණි ඇයගේ ප්‍රේමවන්තයාම ඇය තමන්ගේ සැමියා බවට පත් කර ගන්නවා. සංජිවනි විවාහ වන ඇයගේ සහකරු වෛද්‍යවරයෙක්.

ඔහුගේ අනියම් සම්බන්ධතාවයක් හේතුවෙන් මෙම සිදුවිමට ඇයට මුහුණ දෙන්නට සිදු වූ බව සමාජ මාධ්‍ය වල සඳහන් වෙනවා. නමුත් එහි සත්‍ය අසත්‍යතාවය පිළිබඳව නිශ්චිත තොරතුරක් මේ වන විට වාර්තා වී නොමැත.

ඇය මිතුරියන්ට පවසා ඇත්තේ සැමියා රෝහලේ හෙදියක සමග යාළුවී තමා මගහරින බවකි. කෙසේ වෙතත් මෙම කාරණාවල සත්‍ය තත්වය කිසිවෙකු තහවුරු කර නැති අතර ඒ ප්‍රශ්නය ගැන දන්නේ ඔවුන් පමණි.

පැරසිටමෝල් පානය කර සියදිවි හානි කර ගන්නට ඇය මීට පෙර උත්සාහ කර තිබූ බවටද ආරංචි පවතී.

පසුගිය සතියේ ඇය දුම්රියට පැන දිවිනසාගන්නේ අසල්වාසීන්ට හිතමිතුරන්ට මෙන්ම ඇය උගන්වමින් සිටින 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව දරුවන්ට කම්පනයක් ඇතිකරවමිනි.
ගල්ගමුව ප්‍රදේශයේ සුන්දර පාසල් ගුරුවරියගේ අකල් සමුගැනීම ගැන සමාජ මාධ්‍ය ඇවිළෙන්නේ මින් පසුවය.
මීට දින 3 කට පෙර  ජනවාරි 19 වන දින සවස 5 ට ගල්ගමුව ආදාහනාගාරයේ දී ඇයගේ අවසන් කටයුතු සිදුවිය.

කෙසේ වෙතත් කුමන හේතුවක් මත තමන් ලැබු ජිවිතය විනාශ කරගැනීම කිසිවෙකුට සාධාරණිය කල නොහැක.

272056236 4747278195353316 6336507585994442562 n
  1. උතුම් මිනිස් බව ලබා එන්නෙ මෙහෙම කාළකන්නි විදියට මැරෙන්න නෙවෙයි.අඥානයින් මෙලෙස ගොදුරු වෙනවා.ප්‍රඥාවන්තයින් උතුම් බුද්ධ වචනය අවබෝධ කරගෙන සසර නැමැති දුක්ඛස්කන්ධයෙන් මිදෙන්න වෙර වීරිය ගන්නව.කාමයට මුළා වූ බොහෝ මිනිසුන් තවත් මහා දුකක් උරුම කරගෙන කාළකන්නි ලෙස මෙලොවින් තුරන් වී දුගති යනව.මේ දෙස බලා ප්‍රඥාවන්තව කළ යුත්තේ ජීවත්ව සිටින්නන් යථාර්ථය අවබෝධ කරගෙන සසර දුක නිමාකර ගැනීම මිස එය සාධාරණ හෝ අසාධාරණ ද යන්න සෙවීම නොවේ.එය ඉතාම නිශ්ඵලය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
01:36:46
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57