මීට දින කිහිපයකට පෙර සමාජ මාධ්‍ය පුරා බොහෝ දෙනාගේ කතාබහට ලක්වුනු ඡායාරූප වල සිටින සුරූපී තරුණිය වෘත්තියෙන් ගුරුවරියක් ඇගේ නම සංජීවනී චන්ද්‍රසේකර ඇය කුරුණෑගල ප්‍රදේශයේ ගුරුවරියක් ලෙස සේවය කරන්නීයක්.
ඇය කෙරෙහි බොහෝ දෙනාගේ කතාබහට මීට දින කිහිපයකට පෙර ලක් වන්නට හේතු වූයේ ඇයගේ වියෝවත් සමඟයි. ඇය කිසි යම් සිත් තැවුලක් හේතුවෙන් දුම්රියකට පැන සිය දිවි නසා ගැනීමක් සිදු කරගත් බව සමාජ මාධ්‍ය සඳහන්. කෙසේ වුවත් සමාජ මාධ්‍ය තුළ විවිධ පුද්ගලයින් විවිධ දේ පැවසුවත් නිශ්චිත හේතුවක් සඳහන් කිරිමක් නොවිය.
ඇයට මෙවන් අවාසනාවන්ත ඉරණමකට මුහුණ දෙන්න සිදු වන්නේ විවාහයේ ඇති වුණු ප්‍රශ්න නිසාවෙන් බවයි වාර්තා වෙන්නේ.
ආදරය සහ විවාහය ගැන කතා කළොත් සංජිවනි ආදරය කරන්නට පටන් ගත්තේ 8 වන ශ්‍රේණියේ සිටයි. වසර 13කට වඩා පැරණි ඇයගේ ප්‍රේමවන්තයාම ඇය තමන්ගේ සැමියා බවට පත් කර ගන්නවා. සංජිවනි විවාහ වන ඇයගේ සහකරු වෛද්‍යවරයෙක්.
ඔහුගේ අනියම් සම්බන්ධතාවයක් හේතුවෙන් මෙම සිදුවිමට ඇයට මුහුණ දෙන්නට සිදු වූ බව සමාජ මාධ්‍ය වල සඳහන් වෙනවා. නමුත් එහි සත්‍ය අසත්‍යතාවය පිළිබඳව නිශ්චිත තොරතුරක් මේ වන විට වාර්තා වී නොමැත.
ඇය මිතුරියන්ට පවසා ඇත්තේ සැමියා රෝහලේ හෙදියක සමග යාළුවී තමා මගහරින බවකි. කෙසේ වෙතත් මෙම කාරණාවල සත්‍ය තත්වය කිසිවෙකු තහවුරු කර නැති අතර ඒ ප්‍රශ්නය ගැන දන්නේ ඔවුන් පමණි.
පැරසිටමෝල් පානය කර සියදිවි හානි කර ගන්නට ඇය මීට පෙර උත්සාහ කර තිබූ බවටද ආරංචි පවතී.
පසුගිය සතියේ ඇය දුම්රියට පැන දිවිනසාගන්නේ අසල්වාසීන්ට හිතමිතුරන්ට මෙන්ම ඇය උගන්වමින් සිටින 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව දරුවන්ට කම්පනයක් ඇතිකරවමිනි.
ගල්ගමුව ප්‍රදේශයේ සුන්දර පාසල් ගුරුවරියගේ අකල් සමුගැනීම ගැන සමාජ මාධ්‍ය ඇවිළෙන්නේ මින් පසුවය.
මීට දින 3 කට පෙර ජනවාරි 19 වන දින සවස 5 ට ගල්ගමුව ආදාහනාගාරයේ දී ඇයගේ අවසන් කටයුතු සිදුවිය.
කෙසේ වෙතත් කුමන හේතුවක් මත තමන් ලැබු ජිවිතය විනාශ කරගැනීම කිසිවෙකුට සාධාරණිය කල නොහැක.





