මෛත්‍රීපාල පක්ෂයෙන් පැන්නිය යුතුයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එකතුවීමේ වරදට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති  ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පක්ෂයෙන් පන්නා දැමිය යුතු බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පැවසුවාය.

මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන යන දෙදෙනා තමා හැදූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කළ බවද ඇය සඳහන් කළාය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ වන හෙයින්  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග කිසිවිටකත් එකතු නොවන්නැයි තමා වසර දෙකක් තිස්සේ  කළ ඉල්ලීමට මෛත්‍රිපාල සිරිසේන මහතා ඇහුම්කන් නොදුන් බවත් එම ඉල්ලීම   නිසා  තමා පක්ෂයේ දේශපාලන මණ්ඩලයෙන් සහ සංවිධායක ධුරයෙන් ඉවත් කළ බවත් කුමාරතුංග මහත්මිය කීවාය.

තමා අවුරුදු දෙකක් තිස්සේ පැවසූ දේ දැන් මෛත්‍රීපාල සිරිසේන කියාගෙන යන්නේ යැයිද හිටපු ජනාධිපතිවරිය පැවසුවාය.

යුද්ධයක් පැවති කාලයක පවා  රටේ ආර්ථිකය තමා නිවැරදිව  සකස් කළ බව පැවසූ කුමාරතුංග මහත්මිය අද රට යන දිහා බැලුවම අඬන්නද හිනාවෙන්නද කියා  සිතාගත නොහැකි බවද සඳහන් කළාය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශිරන්ති වාහන‍යෙන් බන්ධනාගාරයට යනවා..කොහොමද එහෙම යන්නේ ?විශේෂ වරප්‍රසාදයක්ද ?
02:23
Video thumbnail
මාස 3කට පසු වැල්ලවායට ඇදහැළුණු වැස්ස
00:42
Video thumbnail
නයි ඇරපු ඇරිල්ලට ගැරඬිත් ආවා නයාව බලන්න - දයාසිරි ආණ්ඩුවට දාපු කින්ඩිය
03:02
Video thumbnail
බේරුවල ජන රැළියට ආ නයා ගැන දිලිත් කියයි - ගැරඩියෙක් නිසා මම බේරුණා
09:22
Video thumbnail
නාමල් රිමාන්ඩ් කිරීම නිසා කළුතර ප්‍රා. සභාව දැඩි උණුසුම් - දැනුත් හොරා කනවා තමයි - දැනුත් හොරා කනවා
14:01
Video thumbnail
නාමල්ට අද කට උත්තර නෑ - වචනයක්වත් කතා කළේ නෑ
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.08
01:15:14
Video thumbnail
පැය 48ක වැඩ වර්ජනයකට යන්න සැරසෙන දුම්රිය වෘත්තීය සමිති - අපි අපේ බලය පෙන්නන්න සූදානම්
05:45
Video thumbnail
නගරාධිපතිතුමිය එක්ක රවුම් ගහනවා - වෙන මොකුත් දන්නේ නෑ
12:51
Video thumbnail
නිල සංචාරයකට දිවයිනට ආ ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං
00:52