ජනප්‍රිය නිළියගේ ඝාතනය ගැන සැමියා පාපොච්චාරණය කරයි : නළුවෙකුගේ නමක් ගෑවෙයි

බංග්ලාදේශ නිළි රයිමා ඉස්ලාම් ෂිමුගේ සිරුර ගෝනියක තිබී හමුවීමෙන් පසු ඇයගේ සැමියා වන සකාවත් අලි නොබෙල් සිය බිරිඳ ඝාතනය කිරීමේ වගකීම භාරගෙන තිබෙනවා. අතුරුදන්වී දින කිහිපයකින් අනතුරුවයි මෙම නිළියගේ සිරුර පාලමක් අසල තිබී හමුවුයේ.

ඇයගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා රෝහලට යොමුකර ඇති අතර, එහිදී සිරුරේ තුවාල සලකුණු ද නිරීක්ෂණය වී තිබෙනවා.

මියයන විට ඇයගේ වයස අවුරුදු 45ක්.

ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර නොබෙල් දින 3ක් දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

සැමියා මෙවැනි ක්‍රියාවක් කිරීමට හේතුව පවුල් ආරවුලක් විය හැකි වන අතර තවත් ජනප්‍රිය බලගතු නළුවෙකුගේ සම්බන්ධයක් ද මෙම ඝාතනය පසුපස ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ. කෙසේවෙතත් එම තොරතුරු කිසිවක් තවමත් තහවුරු කර නැහැ.

සැකකාර සැමියාගේ මිතුරෙකු වන අබ්දුල්ලා ෆර්හාඩ් ද ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ජනප්‍රිය නිළියක වන රයිමා ඉස්ලාම් ෂිමුගේ (Raima Islam Shimu ) සිරුර ගෝනියක බහා තිබියදී සොයාගෙන තිබුණේ ප්‍රදේශවාසීන් විසින්. අනතුරුව ඔවුන් ඒ පිළිබඳ පොලිසිය දැනුවත් කර තිබුණා.

ඇයගේ ඝාතනය සම්බන්ධයෙන් සැමියා වන ෂකාවත් අලි නොබෙල් පාපොච්චාරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙම නිළියගේ සැමියා වන ෂකාවත් අලි නොබෙල් විසින් තම බිරිඳ අතුරුදහන් වී ඇති බව පවසමින් පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ද ගොනු කර තිබූ බව සඳහන්. සිරුර සොයා ගැනීමෙන් පසු, ඇයගේ රියදුරා ද විමර්ශනය සඳහා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පැය ගණනක් තිස්සේ පොලිසිය කළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුවයි බිරිඳ ඝාතනය කළ බවට සැකකාර සැමියා පාපොච්චාරණය කර ඇත්තේ.

ඝාතනයට ලක්වන විට තම සැමියා සහ දරුවා සමග ජීවත්ව සිටි රයිමා ඉස්ලාම් ෂිමුගේ ඝාතනයට හේතුව පවුල් ආරවුලක් විය හැකි බවට ඩකා පොලිසිය මීට පෙර ප්‍රකාශ කර තිබුණා.

Raima Islam Shimu බංග්ලාදේශයේ ජනප්‍රිය නිළියක් වන අතර 1998 දී Kazi Hayat විසින් නිර්මාණය කරන ලද ‘Bartaman’ චිත්‍රපටය ඇයගේ මංගල සිනමා දර්ශනයයි. එතැන් සිට ඇය බොහෝ චිත්‍රපටවලට රංගනයෙන් දායක වී ඇති අතර චිත්‍රපට කර්මාන්තයේ ඇයටම සුවිශේෂී වූ අනන්‍යතාවක් පවත්වාගෙන ගිය අයෙක් බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

ඇය සිය වෘත්තීය ජීවිතය තුළ චිත්‍රපට විසි පහක පමණ රංගනයෙන් දායක වී තිබෙනවා. රයිමා ඉස්ලාම් ෂිමුට ඇයගේම නිෂ්පාදන ආයතනයක් ද ඇති බවයි වාර්තා වන්නේ.

ඇය බංග්ලාදේශ චිත්‍රපට ශිල්පීන්ගේ සංගමයේ සහකාර සාමාජිකාවක් ද වන අතර චිත්‍රපටවල රඟපෑමට අමතරව රූපවාහිනී නාට්‍යවල ද රංගනයෙන් දායකවී කර ඇති අතර නිෂ්පාදනය ද සිදුකර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලංගම බස් රථයක් පෙරලී සිදුවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:12:56
Video thumbnail
ක්‍රිකට් පනත ගැන ක්‍රීඩා ඇමති හෙළිකරයි - වැටුණට පස්සේ සෑහෙන කාලයක් යනවා මේක ගොඩගන්න
03:57
Video thumbnail
නොමිලේ නීති උපදෙස් ලබාදෙන ජංගම සේවයක් අපි ආරම්භ කරනවා - කුමන බාධක දැම්මත් පරාජය කරනවා
03:44
Video thumbnail
අරන්තලාවේදී ලංගම බස් රථයක් පෙරලී සිදුවූ බිහිසුණු අනතුර - මගීන් 60කට වැඩි පිරිසක් ඉදලා
00:50
Video thumbnail
වත්මන් රජයට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේද ක්‍රමෝපායන් හුරුපුරුදු නෑ - ලක්ෂ 220ම එකතු වෙමු
05:05
Video thumbnail
සිිය බිරිඳ එළොව යැවූ 76 හැවිරිදි දෙදරු පියා යකඩ යකාට ප#යි
01:07
Video thumbnail
සුනු විසුණු වෙච්ච රටක් නැවත පණ ලබනවා - වැටුප මදි අපිට දෙන්න වෙන්නේ භාණ්ඩාගාරයේ තියෙන ප්‍රමාණයට
07:41
Video thumbnail
පරණ සමාජය ආයේ මේ රටට එන්න දෙන්නේ නෑ - ඇමති සමන්තගෙන් දැඩි ප්‍රකාශයක්
06:16
Video thumbnail
සිිය බිරිඳ එළොව යැවූ 76 හැවිරිදි දෙදරු පියා යකඩ යකාට ප#යි - බිරිඳ දැඩි අසනීපයෙන් සිටින නිසා ම#ලා
01:33