AFC Banner
Empty Ad
Empty Ad

ජනප්‍රිය නිළියගේ ඝාතනය ගැන සැමියා පාපොච්චාරණය කරයි : නළුවෙකුගේ නමක් ගෑවෙයි

බංග්ලාදේශ නිළි රයිමා ඉස්ලාම් ෂිමුගේ සිරුර ගෝනියක තිබී හමුවීමෙන් පසු ඇයගේ සැමියා වන සකාවත් අලි නොබෙල් සිය බිරිඳ ඝාතනය කිරීමේ වගකීම භාරගෙන තිබෙනවා. අතුරුදන්වී දින කිහිපයකින් අනතුරුවයි මෙම නිළියගේ සිරුර පාලමක් අසල තිබී හමුවුයේ.

ඇයගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා රෝහලට යොමුකර ඇති අතර, එහිදී සිරුරේ තුවාල සලකුණු ද නිරීක්ෂණය වී තිබෙනවා.

මියයන විට ඇයගේ වයස අවුරුදු 45ක්.

ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර නොබෙල් දින 3ක් දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

සැමියා මෙවැනි ක්‍රියාවක් කිරීමට හේතුව පවුල් ආරවුලක් විය හැකි වන අතර තවත් ජනප්‍රිය බලගතු නළුවෙකුගේ සම්බන්ධයක් ද මෙම ඝාතනය පසුපස ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ. කෙසේවෙතත් එම තොරතුරු කිසිවක් තවමත් තහවුරු කර නැහැ.

සැකකාර සැමියාගේ මිතුරෙකු වන අබ්දුල්ලා ෆර්හාඩ් ද ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ජනප්‍රිය නිළියක වන රයිමා ඉස්ලාම් ෂිමුගේ (Raima Islam Shimu ) සිරුර ගෝනියක බහා තිබියදී සොයාගෙන තිබුණේ ප්‍රදේශවාසීන් විසින්. අනතුරුව ඔවුන් ඒ පිළිබඳ පොලිසිය දැනුවත් කර තිබුණා.

ඇයගේ ඝාතනය සම්බන්ධයෙන් සැමියා වන ෂකාවත් අලි නොබෙල් පාපොච්චාරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙම නිළියගේ සැමියා වන ෂකාවත් අලි නොබෙල් විසින් තම බිරිඳ අතුරුදහන් වී ඇති බව පවසමින් පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ද ගොනු කර තිබූ බව සඳහන්. සිරුර සොයා ගැනීමෙන් පසු, ඇයගේ රියදුරා ද විමර්ශනය සඳහා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පැය ගණනක් තිස්සේ පොලිසිය කළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුවයි බිරිඳ ඝාතනය කළ බවට සැකකාර සැමියා පාපොච්චාරණය කර ඇත්තේ.

ඝාතනයට ලක්වන විට තම සැමියා සහ දරුවා සමග ජීවත්ව සිටි රයිමා ඉස්ලාම් ෂිමුගේ ඝාතනයට හේතුව පවුල් ආරවුලක් විය හැකි බවට ඩකා පොලිසිය මීට පෙර ප්‍රකාශ කර තිබුණා.

Raima Islam Shimu බංග්ලාදේශයේ ජනප්‍රිය නිළියක් වන අතර 1998 දී Kazi Hayat විසින් නිර්මාණය කරන ලද ‘Bartaman’ චිත්‍රපටය ඇයගේ මංගල සිනමා දර්ශනයයි. එතැන් සිට ඇය බොහෝ චිත්‍රපටවලට රංගනයෙන් දායක වී ඇති අතර චිත්‍රපට කර්මාන්තයේ ඇයටම සුවිශේෂී වූ අනන්‍යතාවක් පවත්වාගෙන ගිය අයෙක් බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

ඇය සිය වෘත්තීය ජීවිතය තුළ චිත්‍රපට විසි පහක පමණ රංගනයෙන් දායක වී තිබෙනවා. රයිමා ඉස්ලාම් ෂිමුට ඇයගේම නිෂ්පාදන ආයතනයක් ද ඇති බවයි වාර්තා වන්නේ.

ඇය බංග්ලාදේශ චිත්‍රපට ශිල්පීන්ගේ සංගමයේ සහකාර සාමාජිකාවක් ද වන අතර චිත්‍රපටවල රඟපෑමට අමතරව රූපවාහිනී නාට්‍යවල ද රංගනයෙන් දායකවී කර ඇති අතර නිෂ්පාදනය ද සිදුකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?