විශේෂ විමර්ශනයක් සඳහා භාරදී තිබු පරිගණයකට හානි කරලා : අධිකරණ නියමයෙන් විමර්ශනයක්

කොළඹ වරායට ආසනන්යේදී ගිනිගැනීමට ලක්වූ ‘එක්ස්ප‍්‍රස් පර්ල්’ නෞකාව සම්න්ධයෙන් කළ විමර්ශන කටයුතු සඳහා රහස් පොලිසියට බාරදුන් ‘එක්ස්ප‍්‍රස් පර්ල්’ නෞකාවේ දේශීය නියෝජිත ‘සී කොන්සෝටියම් ලංකා සමාගමේ ලැප්ටොප් පරිගණකට හානි සිදුවුයේ කෙසේදැයි සොයා බලා අවශ්‍ය පියවර ගන්නා ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයාට අද නියම කරනු ලැබුවා.

විමර්ශන කටයුතු සඳහා රහස් පොලිසියට බාරදුන් ‘එක්ස්ප‍්‍රස් පර්ල්’ නෞකාවේ දේශීය නියෝජිත ‘සී කොන්සෝටියම් ලංකා සමාගමේ ඉතාම හොඳ ක‍්‍රියාකාරී තත්වයේ තිබු ලැප්ටොප් පරිගණකය පොඩි ළමයකු හෝ නොකරන අන්දමින් කඩා බිඳ හානි කොට ඇතැයි එම ලැප්ටොප් පරිගණකය අධිකරණයට ඉදිරිපත් කරමින් නීතීඥ කිත්සිරි ලියනගේ මහතා කළ දැනුම් දීමක් පිළිගත් විනිසුරුවරයා එලෙස නියම කළේ.

මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී සමුද්‍රිය ආරක්‍ෂණ පනතේ 12 වැනි වගන්තිය අනුව වරදක් කළැයි කියන ‘එක්ස්ප‍්‍රස් පර්ල්’ නෞකාවේ කපිතාන්වරයා එහි දේශීය නියෝජිත ‘සී කොන්සෝටියම් ලංකා සමාගමේ සභාපති අර්ජුන් හෙට්ටිආරච්චි මහතා ඇතුළු පස්දෙනෙක් අධිකරණයේ පෙනී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කථානායක ගැන ආන්දෝලනාත්මක කරුණු රැසක් එළියට ?..තොරතුරු දීලා සුජාතභාවය ඔප්පු කරන්න
07:33
Video thumbnail
පල්ලේගම හේමරතන හිමි ඇප මත මුදාහරියි..අධිකරණය අසළ නොසන්සුන් ?
01:42
Video thumbnail
"හැම දේශපාලකයෙක්ම හොරෙක් නෙවෙයි" අජිත්, දිවන්ගත නන්දන ගුණතිලක ගැන කිව්ව දේ
13:30
Video thumbnail
ගංඟා ආශ්‍රිතව සිටින ජනතාව විමසිල්ලෙන් ඉන්න..ආපදා කළමණාකරනයෙන් විශේෂ දැනුම්දීමක්
03:23
Video thumbnail
පූගොඩ නගරයත් ජලයෙන් යටවෙයි..ඉණ දක්වා වතුර පිරිලා - පාර ගංඟාවක් වගේ
02:33
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.22
02:34:58
Video thumbnail
බලන් ඉද්දිම කැලණි ගඟේ ජල මට්ටම ඉහළ යන හැටි..මහ ජල කඳින් පාරවල් වැසී ගිහින්
02:05
Video thumbnail
වහාම අනුප්‍රාප්තික IMF ගිවිසුමකට යන්න..සජිත් නැගිටලා ආණ්ඩුවට උපදෙස් දෙයි
15:29
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට 100mm ඉක්මවූ තද වැසි..කාලගුණය ගැන ජනතාවට විශේෂ දැනුම්දීමක්
02:46
Video thumbnail
මැල්ලවගෙදර පාලම කැඩි යයි..මීගමුව - මීරිගම මාර්ගයේ රථවාහන ධාවනයටත් බාධා
01:58