කිරි සමන් නිසා ලංකාවටම ටික්ටොක් තහනම් වෙයි ද ?

රාජගිරිය – කලපලුවාවේ පදිංචි සමාජ මාධ්‍ය ජාලාවල ටික්ටොක් කරන ඕෂධ නිලාන් නමැත්තෙකු විසින් මෙම දැරිය අපයෝජනය කර ඇති බවයි එක්සත් මානව හිමිකම් සංවිධානය නිවේදනය කරන්නේ.

අදාළ දැරියගේ දෙමව්පියන් ගොළු පුද්ගලයන් වන බවත් වාර්තා වනවා.

සමාජ මාධ්‍ය ජාලාවල ටික්ටොක් කරමින් කාලය ගත කරන ඕෂධ නිලාන් නොහොත් ටික්ටොක් කිරි සමන් නමැත්තෙකුගේ මුල්වීමෙන් අදාළ දැරිය අපයෝජනය කර ඇති අතර, 21 හැවිරිදි මොහාන් නමැති කිරි සමන්ගේ මිතුරෙකු ද දැරිය අපයෝජනය කර ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ සැකකරුවන් වට්ස් ඇප් මාර්ගයෙන් මෙම දැරිය හා මිතුරු වී ඇත්තේ, ටික්ටොක් සමාජ මාධ්‍ය තුළ දැන හඳුනා ගැනීමෙන් පසුව යි.

අනතුරුව කිරි සමන් නමැත්තා පසුගිය දෙසැම්බර් මස දිනක රාත්‍රියේ දී අදාළ දැරිය නිවසින් පිට කරවාගෙන සාදයකට ගෙන ගොස් මත්ද්‍රව්‍ය ද පොවා,පසුව දා නිවසට ඇරලවා ඇති බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

ඉන්පසුව කිහිප වතාවක් ම මෙලෙස දැරිය නිවසින් බැහැර ව ගෙන ගොස් අපයෝජනයට ලක් කර ඇති අතර, කිරි සමන් නමැත්තාගේ මිතුරා වන මොහාන් විසින් ජනවාරි මස පළමු වැනි දා අදාළ දැරිය අපයෝජනය කර ඇති බව යි එක්සත් මානව හිමිකම් සංවිධානය සඳහන් කළේ.

අදාළ දැරිය ව කැලණිය, දෙහිවල ප්‍රදේශවල සංවිධානය කෙරුණු සාදවලට රැගෙන ගොස් අපයෝජනය කර ඇති බවට මේ වනවිට තොරතුරු අනාවරණ වී ඇති අතර මේ හේතුවෙන් දැරිය සති 02කට ආසන්න කාලයක් මුල්ලේරියාව රෝහලේ ප්‍රතිකාර ලබා තිබෙනවා.

මෙම අපරාධයට වයස අවුරුදු 19 හා 23 වැනි වයස්වල පසුවන තරුණියන් දෙදෙනකු ද සම්බන්ධ බවයි සිදු කළ මූලික විමර්ශනවල දී හෙළි වී ඇත්තේ.

කෙසේ වෙතත් මෙම අපරාධයට වගකිව යුතු ප්‍රධාන සැකකරුවන් වන ඕෂධ නිලාන් ඇතුළු ඔහුගේ සගයා පෙරේදා දිනයේ දී (15) අත්අඩංගුවට ගෙන එළඹෙන 19 වැනි දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය විසින් නියෝග කෙරුණා.

මේ වන විට ටික්ටොක් සමාජ මාධ්‍යය, සමාජයේ ජීවත් වන දරුවන්ගේ ජීවිත බිලිගන්නා මාරයෙක් බවට පත් ව ඇති බවත් තවත් මෙවැනි ඛේදනීය සිදුවීම් රට තුළ දෛනික ව වාර්තා වීමේ තත්ත්වයකට පත් වී ඇති බවත් වහා ම මෙම ටික්ටොක් අත්හිටුවීමට වගකිව යුතු බලධාරින් කටයුතු කළ යුතු බවත් එක්සත් මානව හිමිකම් සංවිධානය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
01:36:46
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57