AFC Banner
Empty Ad
Empty Ad

අපේ විශ්වාසවන්තම හිතවතා ලංකාවයි : ඉන්දියාව කියයි

ඉන්දියාව ශ්‍රී ලංකාවේ ස්ථිර සහ විශ්වසනීය හවුල්කරුවෙකු වීම යළිත් තහවුරු කළ බව ඉන්දිය විදේශ අමාත්‍ය එස්. ජයිෂංකර් පවසනවා. ඔහු ඒ බව සඳහන් කළේ ට්විටර් සටහනක් තබමින්. 

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිෂංකර් අතර වීඩියෝ තාක්ෂණය ඔස්සේ හමුවක්ද පවත්වා තිබෙනවා. එහිදී ඉන්දිය රජය විසින් ඉකුත්දා ලබාදුන් අමෙරිකානු ඩොලර් 900 කට අධික විනිමය සහන සම්බන්ධයෙන් සහ ඉන්දියාව එකඟවූ ණය මුදල පිළිබඳවද සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ. 

බලශක්ති සුරක්ෂිතතාව තහවුරු වන පරිදි ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය කිරීමට පියිවර ගැනීම සම්බන්ධයෙන් ද ඉන්දිය විදේශ අමාත්‍යවරයා සිය ප්‍රසාදය පළ කළා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?