චීනයෙත් ගෑස් පුපුරයි

චීනයේ කොන්චින් නුවර ආපනශාලාවක ගෑස් පිපිරීමක් හේතුවෙන් කඩා වැටුණු ගොඩනැගිල්ලේ සුන්බුන් අතර සිරවී පුද්ගලයින් 16 දෙනෙකු ජිවිතක්ෂයට පත්වී තිබෙනවා.

ඊයේ සිදුවූ පිපිරීමත් සමඟ එහි සිරවී සිටි 26 දෙනෙකු ඉවත් කර ගනු ලැබූ අතර ඉන් 16 දෙනෙකු මෙලෙස මියගොස් ඇති බවයි චීන රාජ්‍ය රූපවාහිනිය සඳහන් කළේ.

තුවාල ලැබූ අනෙකුත් පුද්ගලයන් රෝහල් ගත කර ඇති අතර ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බව සඳහන්.

චීන හදිසි සේවා කළමනාකරණ අමාත්‍යාංශය සඳහන් කළේ ජීවිතාරක්ෂක මෙහෙයුමට 600 කට අධික කණ්ඩායමක් යෙදවූ බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?