පිරානා මත්ස්‍යයින්ට ගොදුරු වූ සිරුරු හතරක් ගංඟාවකින් හමුවෙයි

පිරානා මත්ස්‍යයින්ගේ ප්‍රහාරයකට ලක් වූ පුද්ගලයින්ගේ මළ සිරුරු හතරක් පැරගුවේ රාජ්‍යයේ ටෙබිකුරි ගඟේ තිබී පසුගියදා සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙලෙස සොයාගත් මළ සිරුරු අතර පිහිනුම් ක්‍රීඩකයින් දෙදෙනෙකුගේ සිරුරු ද තිබෙන බවයි වාර්තා වන්නේ.  පවතින උණුසුම් කාලගුණ තත්ත්වයත් සමඟ ගංගා නැරඹීමට පැමිණෙන එරට ජනතාව වැඩි වශයෙන් ඒවායේ දිය නෑමට පුරුදු වී සිටින අතර එවැනි අවස්ථාවක මොවුන් මෙම මත්ස්‍යයින්ගේ ප්‍රහාරයට ලක්වන්නට ඇති බවයි සැක පල කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?