Empty Ad
AFC Banner
Empty Ad

මහ බැංකු අධිපති නොදන්න ආර්ථික විද්‍යාව

මුදල් අච්චු ගැසුවාට උද්ධමනය ඉහල නොයන බවට මහබැංකු අධිපතිවරයා පවසන්නේ ආර්ථික විද්‍යාවේ මූලිකම දැණුමවත් නොදන්නා අයෙකු ලෙසයැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  මහතා පැවසීය.

ආර්ජන්ටීනාව,සිම්බාබ්වේ ,වෙනිසියුලාව දෙසට මේ රට තල්ලු කිරීමට මහබැංකු අධිපතිවරයා කටයුතු කරන බව පැවසූ විපක්ෂ නායකතුමා ආණ්ඩුවේ අන්තනෝමතික තීරණ හේතුවෙන් රටම විනාශය කරා යන බව කීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක “සමගි ජන බලවේගයෙන් හුස්මක්” වැඩසටහනට සමගාමීව සුවපත් දේශයක් බිහි කිරීම අරමුණු කොටගෙන ‘ජන සුවය’ ව්‍යාපෘතියෙන් සිදුකරන ලද සමාජ සත්කාර වැඩසටහනෙහි 35 වන පියවර ලෙස රුපියල් විසිහතර ලක්ෂ පනස් හත්දහසක් (රු. 2,457,000) වටිනා අත්‍යවශ්‍ය රෝහල් උපකරණ වව්නියාව  රෝහලට පරිත්‍යාග කරනු ලැබිය.

රුපියල් විසිහතර ලක්ෂ පනස් හත්දහසක් (රු. 2,457,000) වටිනා Dialysis Machine with Portable RO System යන්ත්‍රයක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  මහතා විසින් වව්නියාව ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය රාහුලන් මහතා වෙත මෙලෙස පරිත්‍යාග කරනු ලැබීය.

කොරෝනා ව්‍යසනය හේතුකොටගෙන පීඩාවට පත් ජනතාවට සෞඛ්‍යමය සහන සලසනු වස් සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම, සංවිධායකයින්, සාමාජිකයින්, සමගි ජන බලවේගයේ විදේශීය ශාඛා, දෙස් විදෙස් ආධාරකරුවන් සහ “ජනසුවය” ව්‍යාපෘතිය එක්ව “සමගි ජන බලවේගයෙන් හුස්මක්” වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

මීට පෙර වට 34ක් තුල ලක්ෂ 1016ක (රුපියල් 101,610,000) රෝහල් උපකරණ ලබාදීමට සමගි ජන බලවේගය කටයුතු කරනු ලැබීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
PRAHARAYA | හිටපු අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න සහභාගීවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන සජීවීව
00:00
Video thumbnail
පාර්ලිමේන්තු සජිවී විකාශය - 2025.04.08
04:51:41
Video thumbnail
කොන්ද පණ නැති ජනාධිපති කෙනෙක් ඔයා - සාගර ජනපතිට ප්‍රසිද්ධියේ අභියෝග කරයි
07:22
Video thumbnail
ඇතුළේ ඉඳන් ආපු චාමර ඇස්වල කඳුළු පුරවන් කරපු කතාව
10:23
Video thumbnail
රත් දෝතළු මල් හා සුදා කැබිනට් මාධ්‍ය හමුව උණුසුම් කරයි
04:57
Video thumbnail
සද්දේ දාපු දිලිත් ඉන්දවපු ඇමති හඳුන් - අන්තිමට මට නයා කියලා බනිනවා
15:23
Video thumbnail
දුකකුත් හිතේ තියාගෙන වගේ සමන්ත චාමර යාලුවා ගැන කතා කරයි
03:49
Video thumbnail
පට්ට පල් බොරු කියන්න එපා හලෝ - පොහොට්ටුවේ DV චානක රිදෙන්න කරපු කතාව
06:25
Video thumbnail
ඇමති හඳුන්ට අද හොඳටම තදවෙයි - පාඩමක් උගන්නන්න ඕන මේවා ආය නොකරන්න
18:00
Video thumbnail
බන්ධනාගාර බස් එකේ චාමර සම්පත් පාර්ලිමේන්තු එයි
03:47

?