අනේ මාව බලන්න එන්න, ඒක මට ලොකු සතුටක්-ප්‍රවීණ නළු බුද්ධි වික්‍රම කළ සංවේදී ඉල්ලීම

බුද්ධි වික්‍රම කියන චරිතය සමහර විට ඔබට එකපාරට ඔළුවට එන්නට නොහැකි වේවි. නමුත් ඔහු රංගනයෙන් දායක වුණ චරිත ගැන බලපුවාම බොහොම ඉක්මනට අඳුන ගන්නට පුළුවන් කෙනෙක් තමයි බුද්ධිවික්‍රම කියලා කියන්නේ. ඉතින් පුංචි තිරය, වේදිකාව, සිනමාව ඔස්සේ මතක හිටින චරිත බොහෝමයක් ඔහු රංගනයෙන් දායක කරල තිබෙනවා.

ඒ අතරට කුමාරිහාමි ටෙලි නාට්‍යයේ මෝසස් චරිතය ඔස්සේ තාරාදේවි ටෙලිනාට්‍යයෙන් සිරිසේන චරිතය ඔස්සේ අඹ යාලුවෝ නාට්‍යයේ මෙන්ම කැන්දලන්ද කියන ටෙලිනාට්‍ය ඔස්සේ බොහෝ ප්‍රේක්ෂක ආදරයක් දිනා ගන්නට ඔහුට හැකියාව ලැබී තිබෙනවා. නමුත් ඔහු මේ වන විට මෑතකදී කලා කටයුතු සමග සම්බන්ධ වෙලා තිබුණේ නැහැ. නමුත් පසුගිය දවසක පුවත්පත් සාකච්ඡාවක් සමග ඔහු සම්බන්ධ වෙලා තිබුණේ බොහෝම අමාරු කාලයක් ගත කරමින් සිටින අවස්ථාකදී.

ඉතින් ඔහු මේ වන විට බොහෝ අසාධ්‍ය තත්ත්වයෙන් ඇඳටම සීමාවෙලා ඉන්න තත්ත්වයක් තමයි තිබෙන්නේ. නිවසේ අයගේ උදව් උපකාර මත ඔහු පවුලේ සාමාජිකයන්ගේ රැකවරණය මධ්‍යයේ සිටම සරසවිය පුවත්පතට ඔහුගේ සාකච්ඡාවක් ඉදිරිපත් කරලා තිබෙනවා ඔහු එහිදී සඳහන් කරන්නේ,

මට මුකුත් කරගන්න බෑ. මම අසරණ වෙලා ඉන්නේ. අද මම උඩු බැලි අතට ඇඳ උඩ. මගේ අතක් එහෙම පිටින්ම පණ නෑ. නැගිට ගන්න බෑ. හැරෙන්න කරන්න බෑ. පාකින්සන් රෝග තත්ත්වය මාව එහෙම පිටින්ම ගොදුරු කරගෙන. යාළුවො උනත් මට කතා කරන්නේ නෑ. මම හරි ආසයි යාලුවෝ මට කතා කරනවා නම්. කවුරුහරි ඉඳලා හිටලා කතා කළොත් මට ඇඬෙනවා. බලන්න ඇවිත් කතා කරනකොට මට සතුට වැඩිකමට ඇඬෙනවා. මේ තත්ත්වයට පත්වෙලා මම ගෙවන ජීවිතේ වේදනාව දන්නේ මම විතරයි. මට ඒ වේදනාව තියෙන එකම මට මගේ යාලුවෝ කතා කරන එක මාව බලන්න ඇවිත් වචනයක් හරි කතා කරන්න. ඒ මානසික සතුට මහමෙරක්. කෝ යාලුවෝ. ඇයි මට කතා නොකරන්නෙ. ඇයි මාව බලන්නවත් එන්නේ නැත්තේ.

සතිස්චන්ද්‍ර එදිරිසිංහ, ලූෂන් බුලත්සිංහල, අනුර බණ්ඩාර රාජගුරු ,මොරීන් චාරුනී, මාලි ජයවීර, ප්‍රීති රන්දෙණිය, ප්‍රදීපා ධර්මදාස මාව බලන්න ආවා. අනේ මාව බලන්න එන්න. ඒක මට සතුටක්. මට කෑම එපා. සල්ලි එපා මාව බලන්න එන්න. ඒ ඇති කියලා තමයි ඔහු එහිදී සංවේදීව සඳහන් කරලා තිබෙන්නේ.

බොහොම අපහසුවෙන් සඳහන් කරලා තිබුණු මේ කාරණාව එක්ක ඔහු අද වන විට රැකබලා ගන්නේ ඔහුගේ ආදරණීය බිරිඳ වන අයිරාංගනී සහ එකම දුව වන කුෂ්ලානි පමණයි. ඉතින් පියා ගේ අසනීප තත්ත්වය පිළිබඳව දියණිය වන කුශ්ලානි සඳහන් කරල තිබුනෙත් මෙන්න මේ විදිහට. තාත්තිට මුලින්ම 2013 වසරේ බයිපාස් සැත්කමක් කළා. ඊට පස්සේ තුවාලයක් ඇති වෙලා සෑහෙන කාලයක් බේත් කළා. කකුලේ නහර ගැට ගැහිලා ලේ ගමනේ අඩුවෙලා. තාත්තා ටිකෙන් ටික රෝගී වන තත්ත්වයක් තිබෙන පටන් ගත්තා. අවුරුදු පහක විතර ඉඳලා මේ තත්ත්වය ටිකෙන් ටික ඇති වෙමින් තිබුණා. තාත්තගේ කකුල් පණ නැතිව ගියා. ඊට පස්සේ තාත්ත රෝද පුටුවට සීමා වුණා.

අවුරුදු තුනහමාරක් විතර රෝද පුටුවේ තමයි එහෙ මෙහෙ ගිහින් තාත්තගේ වැඩ තනියම කරගත්තා. දවසක් තාත්ත රෝද පුටුවේ වාඩිවෙන්න ගිහින් බිත්තියෙ වැදිලා වැටුනා. ඒකෙන් තාත්තගේ උකුල් ඇටය පැනලා තිබුණා. දැන් තාත්තා ඇඳට වැටිලා මාස හතරක් විතර ඇති. ඒ වැටීමත් එක්ක කතා කරන එක පැහැදිලි නැති වුණා. කෑම කන එක අඩු වුණා. දැන් තාත්තා දියර වර්ග විතරයි බොන්නේ. හපලා කන්න දැන් තාත්තට බෑ. පාන් කෑල්ලක් ඇරෙන්න බත් වුණත් අපි තාත්තට දෙන්නෙ බ්ලෙන්ඩ් කරල. දියර විදිහට කියලා තමයි ඇය එහිදී සඳහන් කර තිබුණේ.

කොහොම නමුත් ඉතින් යුගයක් පෝෂණය කළ අපූරු රංගනවේදියෙකුගේ වර්තමාන තත්වය තමයි ඒ. ඉතින් ලංකාවේ කලා ශිල්පීන් බොහෝ දෙනෙක්ගේ අවසාන කාලය බොහොම දුක් බර විදිහට තමයි ගත කරන්නේ. ඉතින් රංගන ශිල්පී බුද්ධි වික්‍රම මහත්මයාගේ ද වර්තමාන තත්ත්වය ඔන්න ඔහොමයි.

අවුරුදු තුනහමාරක් විතර

කොහොම නමුත් තමන් ආදරය කරන මිනිස්සු තමන් වැටුණු අවස්ථාවක ලඟින් ඉන්නවා තරම් දෙයක් පුද්ගලයෙකුට නැහැ. ඉතින් බුද්ධි වික්‍රම මහත්මයා සඳහන් කරන්නේ ඔවුන්ට පුළුවන් කාලයේදී හිටපු යාළු මිත්‍රාදීන් ඔවුන්ට බැරි අවස්ථාවන්වලදී ලඟින් ඉන්න හරි හයියක් කියන කාරණාව.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42