පාකිස්තානු අගමැතිගේ හිටපු බිරිඳගේ වාහනයට වෙඩි

පාකිස්තානු  අගමැති ඉම්රාන් ඛාන්ගේ හිටපු බිරිඳක වන රිහාම් ඛාන්ගේ මෝටර් රථයට යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු වෙඩි තබා පලා ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

රිහාම් ඛාන් සමාජ ක්‍රියාකාරිනියක් .

වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධයෙන් ඇය ට්විටර් පණිවුඩයක්ද නිකුත් කර තිබෙනවා

“මගේ බෑණාගේ  විවාහයට සහභාගී වී ආපසු එන අතරමගදී මගේ මෝටර් රථයට වෙඩි තැබුවා

යතුරුපැදියක සිටි මිනිසුන් දෙදෙනෙකු විසින් මෝටර් රථයට වෙඩි තබා පලා ගියා

මගේ රියදුරාත් ලේකම්වරයාත් වාහනේ  සිටියා. කාටවත් අනතුරක් වුණේ නැහැ.”

එම  ට්විටර් පණිවිඩය පහතින්

පාකිස්තානු අගමැතිගේ හිටපු
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?