තම 21වන උපන්දින සාදයේදී බැල්කනියක් කඩා වැටීමෙන් අනතුරට ලක්වූ ඇය අවුරුදු 27 දී ජීවිතක්ෂයට පත්වූ දුක්බර පුවත

2015 වර්ෂයේ කැලිෆෝනියාවේ බර්ක්ලිහි බැල්කනියක් කඩා වැටීමෙන් දිවි ගලවා ගත් තරුණියක්  වයස අවුරුදු 27 දී මිය ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කැලිෆෝනියාවේ බර්ක්ලි හි පැවති 21 වැනි උපන්දින සාදයකදී සිව්වන මහලේ බැල්කනියක් කඩා වැටීමෙන් එහි සිටි අය අඩි 40ක් (මීටර් 12.2) පමණ බිමට ඇද වැටුණා

එහිදී  අයර්ලන්ත සිසුන් හය දෙනෙකු මිය ගොස් තවත් කිහිප දෙනෙකු තුවාල ලැබූ අතර Aoif Beary මෙම වැටීමෙන් බරපතල ලෙස තුවාල ලැබුවා

බෙයාරි මහත්මිය ඛේදවාචකයෙන් දිවි ගලවා ගත් නමුත් බරපතල තුවාල සහිතව ජිවත් වූ බවයි පැවසෙන්නේ.

මෙම සිදුවීමෙන් කඩාවැටුණු අස්ථි සහ ඉන්ද්‍රිය කැඩී බිඳී යාමත් සමඟ ඇගේ මොළයේ බරපතල තුවාලයක් ඇති වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස විවෘත හෘද සැත්කමක් කිරීමට සිදු වූ බව අයර්ලන්ත ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබෙනවා

ඇය ආඝාතයක් වැළඳීමෙන් පසු  ඩබ්ලින් හි බෝමොන්ට් රෝහලේදී ජීවිතක්ෂයට පත්වූ බවයි වාර්තා වන්නේ .

මෑත වසරවලදී ඇය කැලිෆෝනියාවේ ඉදිකිරීම් ප්‍රතිසංස්කරණ සඳහාද පෙනී සිටි බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?