තම 21වන උපන්දින සාදයේදී බැල්කනියක් කඩා වැටීමෙන් අනතුරට ලක්වූ ඇය අවුරුදු 27 දී ජීවිතක්ෂයට පත්වූ දුක්බර පුවත

2015 වර්ෂයේ කැලිෆෝනියාවේ බර්ක්ලිහි බැල්කනියක් කඩා වැටීමෙන් දිවි ගලවා ගත් තරුණියක්  වයස අවුරුදු 27 දී මිය ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කැලිෆෝනියාවේ බර්ක්ලි හි පැවති 21 වැනි උපන්දින සාදයකදී සිව්වන මහලේ බැල්කනියක් කඩා වැටීමෙන් එහි සිටි අය අඩි 40ක් (මීටර් 12.2) පමණ බිමට ඇද වැටුණා

එහිදී  අයර්ලන්ත සිසුන් හය දෙනෙකු මිය ගොස් තවත් කිහිප දෙනෙකු තුවාල ලැබූ අතර Aoif Beary මෙම වැටීමෙන් බරපතල ලෙස තුවාල ලැබුවා

බෙයාරි මහත්මිය ඛේදවාචකයෙන් දිවි ගලවා ගත් නමුත් බරපතල තුවාල සහිතව ජිවත් වූ බවයි පැවසෙන්නේ.

මෙම සිදුවීමෙන් කඩාවැටුණු අස්ථි සහ ඉන්ද්‍රිය කැඩී බිඳී යාමත් සමඟ ඇගේ මොළයේ බරපතල තුවාලයක් ඇති වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස විවෘත හෘද සැත්කමක් කිරීමට සිදු වූ බව අයර්ලන්ත ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබෙනවා

ඇය ආඝාතයක් වැළඳීමෙන් පසු  ඩබ්ලින් හි බෝමොන්ට් රෝහලේදී ජීවිතක්ෂයට පත්වූ බවයි වාර්තා වන්නේ .

මෑත වසරවලදී ඇය කැලිෆෝනියාවේ ඉදිකිරීම් ප්‍රතිසංස්කරණ සඳහාද පෙනී සිටි බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14
Video thumbnail
තානාපතිලා කැමැත්තෙන් පොහොට්ටුව සමඟ සංවාද අපේක්ෂා කරනවා - නාමල් ගැනත් අපි කතා කළා
02:43
Video thumbnail
“රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි - ගුරුවරුන්ටත් විශේෂ පුහුණුවක් ?
01:44
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල් - බලන්නකෝ මූණේ තියෙන අමුතු හිනාව
00:35
Video thumbnail
පොහොට්ටුවෙන් විදේශ තානාපතිවරු හමුවීම ගැන නලින්ද පිළිතුරු දෙයි - වෙන්නේ රටේ තියෙන නීතියට අනුව
01:52
Video thumbnail
ජොන්ස්ටන් එළියට ඇවිත් ආණ්ඩුවට කිව්ව දේ - "ආණ්ඩුවේ එකම නිව්ස් එක රිමාන්ඩ් කිරීම"
03:27
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක් - "බුදු සරණයි ගම්බාර අප්පච්චිට බාරයි"
01:13
Video thumbnail
ගලබොඩ අත්තේ හිමි නිදහස් කර ගන්න පෙත්සම් ගහද්දි මනුස්සයෙක් යකා නටයි - "ඥාණසාර හිමි හිරේ යන්න ඕනි"
02:42