ගාලු කොටුවේ ත්‍රාසජනක පිම්ම වෙනුවෙන් ඇමති සහනයක් ඉල්ලයි

ගාල්ල කොටුවේ කොඩිගල සිට මුහුදට පනින ක්‍රියාවේ නිරත තරුණයන්ට එය තවදුරටත් පවත්වාගෙන යාම සදහා විකල්ප වැඩපිළිවෙලක් හදුන්වා දෙන්න යැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවට උපදෙස් ලබාදී තිබෙනවා.

පුරාවිද්‍යා සංරක්ෂණ කටයුතු හේතුවෙන් වසර 15 ක් පමණ තිස්සේ එම ස්ථානයේ සිට මුහුදට පනින ක්‍රියාවේ නිරත තරුණයන්ට පසුගිය සිකුරාදා සිට එම ක්‍රියාවේ නිරත වීමට නොහැකි වන බව වාර්තා කර තිබුණා.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය හා සමාජ මාධ්‍ය ඔස්සේ පළ වු වාර්තා සම්බන්ධයෙන් අවධානය යොමු කළ ඇමතිවරයා පුරාවිද්‍යා නිළධාරින් සමග ඊයේ (22) විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. එහි දි අවධාරණය කෙරුණේ මෙම තරුණයන්ගේ මුහුදට පනින ක්‍රියාව සම්පුර්ණයෙන් ම නතර වි නොමැති බවයි. ඔවුන් ඉදිරිපත් කරන එක් පිම්මක් පමණක් අදාළ ස්ථානයේ ඉදිකර ඇති ගල් බැම්මක් හේතුවෙන් නතර වි ඇති බවයි.

ගාලු කොටුවේ මෙම ස්ථානය කොඩිගල මුර අට්ටාලය ලෙස හදුන්වනු ලබන බවත්, ලන්දේසි සමයේ පණිවුඩ හුවමාරු මධ්‍යස්ථානයක් සහ නැව් සදහා සංඥා සැපයිම සදහා භාවිතා කළ ස්ථානයක් බවත් පුරාවිද්‍යා නිළධාරිහු මෙහි දි කියා සිටිය අතර මෑතක දී කල සංරක්ෂණ වල පැරණි ප්‍රදිපාගාරයේ පාදම හා කොඩිය රැද වු ස්ථානය හමුව තිබේ. අදාළ කොඩිය රැදවු ස්ථානයේ ඇණ පවා මතුව ඇතැයි පුරාවිද්‍යා නිළධාරිහු කියා සිටියා.

තරුණයන් එක් පිම්මක් සදහා දිවයන්නේ එම ස්ථානය හරහා බව ද ඔවුහු පෙන්වා දුන් අතර පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවේ නිළධාරින් සදහන් කළේ ලෝක බැංකු ආධාර යටතේ මෙම ස්ථානයේ සංරක්ෂණ කටයුතු සිදු කෙරෙන බවයි.

ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහි දි පෙන්වා දුන්නේ තරුණයන් කිපදෙනෙකු සිදුකරන මෙම මාරක පිම්ම ලංකාවේ පමණක් නොව ලෝකයේ ම ජනප්‍රිය බවයි. ඒ නිසා අදාළ තරුණයන්ට එම ක්‍රියාව තවදුරටත් ආරක්ෂිතව කරගෙන යාම සදහා විකල්ප වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න යැයි පුරාවිද්‍යා නිළධාරින් ගෙන් ඇමතිවරයා ඉල්ලා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනපති මහින්දගේ අතින් විවෘත වුණ සාමාධි පිළිමය - දිලිත්, රෝහිත ඇතුළු ප්‍රබලයින් රැසක්ම එයි
04:17
Video thumbnail
සිනහ මුසු මුහුණින් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට දුන්නු උත්තරේ...
00:38
Video thumbnail
හෝමාගමට එද්දී හැමෝම ෆෝන් එක උස්සද්දී නාමල් රාජපක්ෂ පුදුමයට පත්වෙයි..
01:39
Video thumbnail
හිටපු ජනපති මහින්දගෙන් ආණ්ඩුවේ ගමන ගැන සැර කතාවක් - "මට තේරෙන්නේ නෑ මෙයාලගේ විසඳුම්"
01:04
Video thumbnail
අසිතගේ ප්‍රකාශයට හිටපු ඇමති බන්දුලගෙන් සැර කතාවක් - මන්ත්‍රීලා තේ හදන අයගේ තත්ත්වයට වැටිලා
03:27
Video thumbnail
හෙල්මට් චණ්ඩි වත්තල හෝටලයකට ඇවිත් කඩුවකින් සෙල්ලම් දාලා ගිය හැටි
02:00
Video thumbnail
අධිකරණයට අත නොතබනු.. මහජන පෙත්සම අත්සන් කිරීම අරඹයි...
02:13
Video thumbnail
සජිත්ගෙන් සෞඛ්‍යය ඇමතිට සැර සත්තමක් - රෝහලේ වෛද්‍යවරයෙක් නෑ..රෝහල වැසී යන තැනට වැටිලා
05:44
Video thumbnail
බෙල්ලන්විල වෙ#ල්ලේ සැකකරුවන් දෙදෙනෙක් කොටුවෙයි - ජංගම දුරකථනයේ තිබී හඬ පටත් හමුවෙයි
01:48
Video thumbnail
පදමට බීලා තරුණියන් දෙදෙනෙකු අනතුරට ලක්කළ OIC අත්අඩංගුවට - මෝටර් රථයෙන් පලා යමින් ඉදලා
01:12