ඕනෑම මොහොතක ඉල්ලා අස්වෙන්නත් සූදානම් බව කෙහෙළිය කියයි

වර්ජනයේ නිරත වෛද්‍යරුන්ගේ ඉල්ලීම් දෙස බැලූ විට ඔවුනට කිසිදු අසාධාරණයක් සිදුව නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අධාරණය කරයි.

අසාධාරණයක් සිදුව ඇති බව පෙන්වීමට හැකි නම් එය නිවැරදි කිරිමට සෞඛ්‍ය අංශ කිසිදු අයුරකින් පසුබට නොවන බවද ඒ පිළිබද සාකච්ඡා කිරිමට ඕනෑම මොහොතක සූදානම් බවද අමාත්‍යවරයා පවසයි.

‌වෛද්‍ය ‌වැඩ ‌වර්ජනය පිළිබද අද (22දා) මාධ්‍ය‌ ‌වෙත අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව කීවේය.

‌වෛද්‍යවරුන්ගේ අවශ්‍යතාවයන්, මාරවීම්, උසස්වීමි වැනි කිසි දේකට දේශපාලන මැදිහත්වීමක් නොමැති බවද පැහැදිලිව ප්‍රකාශ කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි.

දේශපාලන මැදිහත්වීම් මත මේ දේවල් සිදු‌‌ව ඇති බවටත්, සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස තමා මේ සදහා මැදිහත්‌ව ඇති බව කවුරුන් හෝ පවසන්නේනම්, ඒ බව පෙන්වීමටම කටයුතු කරන්නේනම් තමන් ඕනෑම මොහොතක ඉල්ලා අස්වෙන්නත් සූදානම් බව හෙතෙම කීය.

මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ තමන් මේ වනතෙක් එවැනි කිසිම දේකට සම්බන්ධව නොමැති බවයි. මේ සම්බන්ධව ඇතමුන් ඉල්ලීම් සිදු කළත් යම් වැඩපිළි‌‌ෙවළකට‌ අනුව එම ක්‍රියාවලිය සිදුවන බැවින් තමන්ට එවැනි දේ සිදු කිරීමට නොහැකි බව තමා ප්‍රකාශ කර ඇති බවත්, දේශපාලන ඇගිලි ගැසීම් සිදු වන බවට සිදු කරන ප්‍රකාශය සම්පූර්ණයෙන් ජනතාව මුලාකරන ප්‍රකාශයක් බවද සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසීය. එසේ නොමැති නම් තමන්ගේ යම් කිසි අඩුපාඩුවක් වසා ගැනීමට අනෙක් අයට ඇගිල්ල දිගු කරන වැඩපිළි‌‌ෙවලක් හැටියට තමා එය දකින බවද අමාත්‍යරයා කීය.

“සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස වෛද්‍ය වැඩවර්ජනය පිළිබද මා පුදුමයට පත් ‌වෙනවා. මේ කරුණ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් මා වීවිධ අවස්ථාවල ඔවුන් සමගද සාකච්ඡා කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ඒ තුළ සිටින නිලධාරීන් සම්බන්ධව ඉතාම පැහැලිදිව අදාල චක්‍රලේඛණ වලට යටත්ව, සේවා කාලයන්ට යටත්ව කටයුතු කිරීම පිළිබදව මා පැහැදිලි උපදෙස් ලබාදී තිබෙනවා.

එය ඒ ආකාරයෙන් ක්‍රියාත්මක ‌වෙලා තිබෙනවා කියන එකයි මාගේ විශ්වාසය. මෙම කරුණු 06 ගත්විට පළමු කරුණ වන පවුල් සෞඛ්‍ය සේවාවන්ට අදාලව විශේෂඥ ‌ වෛද්‍යවරුන් මාරුකිරීම හා සේවා ස්ථාන වලට යොමු කිරීම සම්බන්ධව ප්‍රශ්ණයේදී කණ්ඩායම් දෙකක් මුල් වුණා. ඔවුන් දෙපිරිසම විවිධ අදහස් ඉදිරිපත් කළා. අපි ඒ දෙගොල්ලන්ටම ඇහුම්කම් දුන්නා. දෙපිරිසම ගෙන්වා සාකච්ඡා පැවැත්වූවා.

යම් යම් එකඟතාවයන්ට ආවා. මේ සෑම අස්ථාවකම පූර්ණ එකඟතාවයකට ඒමට නොහැකි වුණා. එවිට අප කළ යුතු දේ තමයි දෙපිරිසේම කරුණු විමසා දෙපිරිසටම අසාධාරණයක් සිදු නොවන ලෙස මධ්‍යස්ථ තැනකට ගෙන තීරණයනට එළඹීම. ඒ දේ අපි කර තිබෙනවා.මේ පිළිබදව අපි කිසිදු ආකාරයක පෞද්ගලික අවශ්‍යතාවයක්, වුමනාවක් උඩ ක්‍රියාත්මක වී නැහැ. එවැනි දෙයක් ගැන කථා කිරීම සම්බන්ධව මා කණගාටුව ප්‍රකාශ කරනවා.”

දෙවැනි කරුණේ දී පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන්ට පත්වීම් ලබාදීමේදී පිළිගත් ක්‍රම‌ෙවිදයන් කිහිපයක් අනුගමනය කරනවා. පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරු, දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරු සහ රෝහල් අධ්‍යක්ෂවරුන් අවශතාවයන් පිළිබදව විශ්ලේෂණයක් කර ඔවුන්ගේ අවශ්‍යතාවයන් සම්බන්ධව ඉදිරිපත් කරන්න කියලා කියනවා. ඔවුන්ගෙන් තොරතුරු අරගෙන ඒ අනුව ප්‍රමුඛත්වය ලබාදෙමින් 500 ක පත්වීම් ලබා දී තිබෙනවා.

පත්වීම් දුන් කිසිම කෙනෙක් කිසිම අවස්ථාවක මේ මොහොත ‌වන තෙක් ඒ පත්වීම වෙනු‌වෙන් විරුද්ධත්වයක් ඉදිරිපත් කර නැහැ. එසේ ඉදිරිපත් නොවී තිබියදී මේ අයුරින් හැසිරීමට කුමක්ද හේතුව යන්න තේරුම් ගත නොහැකියි.

තෙවන කරුණේ දී එම කරුණ සම්බන්ධව සියල්ල අවසන් කරයි තිබෙන්නේ.එය ගැසට් කිරීමට පෙර අදාල පාර්ශව ‌වෙත මේ සම්බන්ධව දැනුම් දෙන්න කටයුතු කිරීමට පළමුව ඔය කතා කරන පාර්ශවයට ලබා දී ඔවුන්ගේ අදහස්ද ගෙන ගැසට් කිරීමට පමණයි තිබෙන්නේ. එය ඉතා ඉක්මණින් අපට කරන්නට පුළුවන්.

අනෙක් කරුණු අතර වාර්ෂික ස්ථාන මාරු ක්‍රියාත්මකවන දිනය ,අපට තිබෙන ප්‍රශ්ණය තමයි යම් කෙනෙකුට යම් ස්ථානයකට මාරුවීමක් ලබාදුන් පසු ඔහු එම ස්ථානයේ වැඩ බාර ගන්න දිනය හැටියට තමයි ක්‍රියාත්මක වන දිනය ගැනෙන්නේ. මෙහිදී අදහසක් මතු‌වෙනවා සමහර අය මොන මොන හේතූන් කියලා හරි වසරක් ඉන්න තියෙනවා නම් මාස 11 ක් ඉදලා අනෙක් මාසේ එතනට ගිහිල්ලා මුල සිටි අවුරුද්ද තමන්ගේ ස්ථාන මාරු දිනය ලෙස අරගෙන මාසයක් විතර වැඩ කරලා ආපසු එන සිරිතක් තිබෙන බව මට දැනගන්නට තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙන්න ආණ්ඩුවේ කෙරුවාව එළිවෙයි ? මෙහෙම කළොත් හොරණ - කොළඹ පාර යටවෙනවා
18:12
Video thumbnail
අඩි 85ක උඩ සිට දිය රකුසගෙන් කටින් ජල පහරක් පිටවන විශ්මිත තොරණ
03:55
Video thumbnail
සිවුර බෑග් එකට දාලා පදම් වෙන්න බීපු හාමුදුරුවෝ
01:18
Video thumbnail
Mr. කොත්තු තමන්ගේ සේවකයන්ට ප#රදෙන වීඩියෝවක් එළියට
01:53
Video thumbnail
මේ ආණ්ඩුවට ගොවියට අසාධාරණයක් කරන්නේ නෑ..වෙනම කල්ලි රජය අපහසුතාවයට පත්කරන්න හදන්නේ
07:49
Video thumbnail
කාන්තාවෝ එකතුවෙලා ඉන්නේ ලද විගස ආණ්ඩුව ගෙදර යවන්න
01:54
Video thumbnail
මිහින්තලා පුදබිමට චීන ජාතික ධූත පිරිසක් පැමිණෙයි - මිහින්තලේ හිමි සමඟ පුදබිම වැද පුදාගත් අයුරු
02:28
Video thumbnail
මට පුළුවන් ඔය ජනපතිගේ කලිසම වාටිය ඔළුවෙන් ගලවන්න - දිලිත් ජනපතිට දුන්න සැර සත්තම
09:28
Video thumbnail
ඩෙංගු පරීක්ෂා කරන්න ගිය නිලධාරින්ටත් යකා නගියි - අනේ මං දන්නේ නෑ මොන භාෂාවෙන් කියන්නද කියලා..
14:56
Video thumbnail
උද්ඝෝෂණ කරන්නේ සැබෑ ගොයියෝ නෙවෙයි - රාජාංගනයේ ගොවියෝ ආණ්ඩුවට හොඳ කියයි
08:34