සුපිරි හෝටලයක හිදිමින් ඔන්ලයින් ගේම් දුන් “හතේ කල්ලිය” අල්ලයි

කොළඹ තරු පංතියේ හොටල් කාමරයක ලැඟුම් ගෙන සිටි ජාවාරම්කරුවන් 7දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ ඊයේ රාත්‍රියේ වලාන දූෂණ මර්ධන කොට්ඨාසයේ නිලධාරීන් විසින් සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

සැකකරුවන් කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ පිහිටි තරු පංතියේ හොටල් කාමරයක ලැඟුම් ගෙන විවිධාකාරයේ කූඨ ජාවරම් කටයුතු වල නිරතව ඇති බවට තොරතුරු හෙළිවී ඇත්තේ.

මේ අතර සිටි ප්‍රධාන සැකකරු මහනුවර ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකු බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති අතර සෙසු සැකකරුවන් දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 22ත් 40ත් අතර වයසේ පසුවන බවට හෙළිවී තිබේ.

මෙම සැකකරුවන් විසින් සමාජ මාධ්‍ය භාවිත කරමින් විවිධ කූඨ උපක්‍රම භාවිතා කරමින් මහජනතාවගෙන් වංචාසහගත ලෙස මුදල් ලබාගෙන ඇති බව අනාවරණය වී ඇත්තේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසන්නේ එම මුදල් භාවිත කර මෙම සැකකරුවන් මත්ද්‍රව්‍ය භාවිත කරමින් සුඛෝපභෝගී ජීවිතයක් ගතකර ඇති බවට හෙළිවී ඇති බවයි.

මේ වනවිට මෙම සැකකරුවන්ට එරෙහිව මුදල් විශුද්ධිකරණ පනත යටතේ වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.

මෙවැනි පුද්ගලයින් සමාජාල හරහා මහජනතාවගෙන් මුදල් වංචා කිරීමට ඉඩ ඇති බැවින් ඒ සම්බන්ධයෙන් විමසිලිමත්ව අවධානයෙන් කටයුතු කරන ලෙසයි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් පලකළ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අහිංසක රොටි කඩේටත් බදු ගහලා - දිලිත් සැරවෙයි
03:52
Video thumbnail
යතුරුපැදියක් ගසක ගැටී ගුරුවරයෙකු අවසන් ගමන් යයි
01:03
Video thumbnail
දිට්වා ප්‍රතිලාභ නොලැබුණා කියලා පිරිසක් රාජාංගනය ප්‍රා.ලේකම් කාර්යාලය වටලයි
16:10
Video thumbnail
ආදරණීයයන්ගේ සෝ සුසුම් රැගෙන මැද කැන්ඩි ළමිස්සි අවසන් ගමන ගිය හැටි
02:53
Video thumbnail
කැන්ඩි ළමිස්සිට ගීයකින් උපහාර කළ මිතුරන්
09:16
Video thumbnail
පුංචි දරුවොත් බෝඩ් උස්සගෙන පාරට බැහැලා විරෝධතාවයක
09:59
Video thumbnail
නාමල් පාතාලයට සම්බන්ධයි කියලා මාලිමාවෙන් බොරු ප්‍රචාරයක් කරනවා
09:06
Video thumbnail
කට උත්තරයක් දෙන්න ආ මුජිබුර් ආණ්ඩුව සැරටම අමතයි
08:01
Video thumbnail
ක්‍රීඩාපිටියක් වැනසූ බස් පි#සෝ - පේනවද කරන විනාශය
01:48
Video thumbnail
රනිල් වික්‍රමසිංහත් මරියසෙල් ගුණතිලකට අවසන් ගෞරව දක්වයි
01:58