ව්‍යාජ මුදල් නෝට්ටු ගැන අවදානයෙන් ඉන්න : පොලිසිය විශේෂ දැනුම් දීමක්

උත්සව සමයේ ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය වීම සම්බන්ධයෙන් පොලීසිය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව කිරුළපන, පාදුක්ක, කළුතර හා රංගල යන ප්‍රදේශවල පසුගිය සතිය තුළ පොලිස් ස්ථාන කිහිපයක විසින් සිදුකළ සොදිසි මෙහෙයුම්වලදී ව්‍යාජ මුදල් නොට්ටු මුද්‍රණය කරන ස්ථාන කිහිපයක් වටලා ඇත.

එහිදී, රුපියල් 5,000 සහ 1,000 ව්‍යාජ මුදල් නොට්ටු, එම ව්‍යාජ නොට්ටු මුද්‍රණය කිරීමට යොදාගත් පරිඝනක යන්ත්‍ර සහ තවත් උපාංග සමග සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මේ වන විට ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් වැඩිදුටත් විමර්ශන කටයුතු සිදුකරණ බව පොලිස් මාධය අංශය කළ නිවේදනයේ සඳහන් වේ.

මෙලෙස ව්‍යාජ ලෙස මුද්‍රණය කරන ලද වැඩි වටිනාකමකින් යුත් මුදල් නෝට්ටු හුවමාරු කිරීම සඳහා අදාළ පුද්ගලයින් විසින් එම උත්සව සමය උපයෝගි කර ගනිමින් කූඨ උපක්‍රම භාවිතා කරනු ලබන බවටද තොරතුරු අනාවරණය වී ඇති බව පොලීසිය අවධානය කරයි.

උත්සව සමයේ මහජනතාව විවිධ අවශ්‍යතා සඳහා බහුලව නගර තුළ සංචාරය කරමින් වෙළෙඳ භාණ්ඩ මිල දී ගැනීම් සිදුකරණ අතර එම ගණුදෙනුවලදී ගෙවීම් සඳහා වැඩි වශයෙන් මුදල් නෝට්ටු භාවිතා කරනු ලබයි.

එසේ හෙයින් උත්සව සමයේ දී වෙළෙඳසැල් හිමියන් ඇතුළු මහජනතාව විසින් මුදල් නොට්ටු මාරු කිරීම, ගෙවීම කටයුතු සිදුකිරීම වැනි අවස්ථාවන්වලදී ව්‍යාජ මුදල් නොට්ටු සංසරණය වීමට වැඩි ඉඩ ප්‍රස්ථාවක් ඇති බැවින් ඒ සම්බන්ධයෙන් විශේෂ සැලකිල්ලක් දක්වන ලෙසට පොලීසිය මහජනතාවට දන්වා සිටී.

මුදල් නෝට්ටුවේ වලංගුතාවය හඳුනා ගැනීම සඳහා සලකුණ කර ඇති දිය සලකුණ, මුද්‍රිත කඩදාසියේ ස්වභාවය, ආරක්ෂිත නූල හා නොට්ටුවේ වරණය සම්බන්ධයෙන් අවධානය යොමු කර තම මුදල් ගණුදෙනු සිදුකරන ලෙසට පොලීසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

එසේම මුදල් නොට්ටු පරිරණයේදී මෙවැනි ව්‍යාජ මුදල් නොට්ටු හුවමාරු කිරීම සඳහා පැමිණෙන වංචානික පදුගලයින් පිලිබඳව සැකයක් ඇති වු වහාම ඒ සම්බන්දයෙන් 119 පොලිස් හදිසි ඇමතුම් අංශය වෙත හො ආසන්නතම පොලිස් ස්ථානය වෙත දැනුම් දෙන ලෙස ද පොලීස් මාධ්‍ය අංශය වැඩිදුරටත් දන්වා ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජබ සෙට් එකක් ගමක් පිරිවරාගෙන ගිහින් දේව කන්නලව්වක් කළ අයුරු.."අනුර භංගවේවා" කියලා කට්ටිය පොල් ගහයි
03:45
Video thumbnail
උත්සව සමයේ තෙල් මිල වෙනස් වීමක් වෙයිද ?..මුල් සතිය ඇතුළත සේරම තෙල් නැව් ටික ළඟා වෙනවා
03:35
Video thumbnail
වසන්තටයි, ලාල්කාන්තටයි අනුරාධ දැම්ම සැර සත්තම..ගොවියාට කෙලියෝ කෙලියෝ කෙලියෝ..මේක පාන්ඩුවක්
07:41
Video thumbnail
කොන්ද පණ නැති නායකයෙක් අපිට ඉන්නේ..පාස්කුවේ මහ මොළකරුවෙක් නෑ..ඒක මිත්‍යාවක්
06:08
Video thumbnail
ජල ගැටලුව නිසා ජනතාවත් දැඩි පහසුතාවයට..1.5km ගිහින් මූලික අවශ්‍යතා ඉටු කරගන්නේ
03:27
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33