AFC Banner
Empty Ad
Empty Ad

අවසන් මහා තරඟයට ගෝල් ග්ලැඩියේටර්ස්…

මෙවර එල් පී එල් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමත් වුණා.

ඒ තරගාවලියේ අවසන් වටය යටතේ ඊයේ රාත්‍රියේ පැවැති තරගයෙන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ලකුණු 64කින් පරාජය කරමින්.

තරගය පැවැත්වුනේ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩාංගනයේදියි.

පලමුවෙන් පන්දුවට පහරදුන් ගෝල් ග්ලැඩියේටර්ස් පිළ කඩුලු 5 ක දැවී ලකුණු 188 ක් රැස් කළා.

ආරම්භක කඩුල්ල සදහා ලකුණු 121ක සබදතාවයක් පිහිටුවීමට කුසල් මෙන්ඩිස් හා ධනුෂ්ක ගුණතිලක සමත් වූ අතර, එය මෙවර තරග වාරයේ දී ඕනෑම කඩුල්ලක් සදහා වාර්තා වූ හොදම සබදතාවයයි.කුසල් මෙන්ඩිස් ලකුණු 85ක්ද ධනුෂ්ක ගුණතිලක ලකුණු 55ක් ක්ද රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට පන්දුවාර 16.5ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 124ක් පමණයි.

නුවන් තුෂාර ලකුණු 13කට කඩුලු 5 යි.

තරගයේ වීරයා සම්මානය කුසල් මෙන්ඩිස් දිනා ගත්තා.

මෙම තරගයෙන් පරාජයට පත් වූ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම හෙට දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කිරීමට නියමිතයි.

ඉන් ජය ගන්නා කණ්ඩායම ලබන 23 වනදා පැවැත්වෙන අවසන් මහා තරගයේ දී ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමගින් තරග වදිනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?