ණය ශ්‍රේණිගත කිරීම් වලට මහ බැංකුවෙන් පිළිතුරු

“සය මාසික පෙර දැක්මෙහි” දක්වා ඇති පරිදි සමීපස්ථ විදේශ විනිමය ගලාඒම් පිළිබඳව දැනුවත් වුවද, ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන විසින් දිගින් දිගටම නොසැලකිලිමත් ක්‍රියාමාර්ග ගනු ලබමින් සිටින බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසසනවා.

විදෙස් ණය ගෙවීමට ශ්‍රී ලංකාවට ඇති හැකියාව ගැන ෆිච් රේටින්ස් “Fitch Ratings” අනතුරු අඟවමින් නිවේදනයක් නිකුත් කළ අතර ඊට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා මහ බැංකුව ඒ බව ප්‍රකාශ කර ඇත.

ඒ අනුව “ෆිච් රේටින්ස්” විසින් ශ්‍රී ලංකාවේ Long-Term Foreign-Currency Issuer Default Rating (IDR) ශ්‍රේණිගත කිරීම ‘CCC’ සිට ‘CC’ දක්වා පහත දමනු ලැබුවා.

මේ සම්බන්ධයෙන් දීර්ඝ නිවේදනයක් නිකුත් කරමින් “ෆිච් රේටින්ස්” පවසන්නේ ඉහළ විදේශ ණය ගෙවීම් සහ සීමිත මූල්‍ය ගලා ඒම් හමුවේ ශ්‍රී ලංකාවේ බාහිර ද්‍රවශීලතා තත්ත්වය අයහපත් අතට හැරෙමින් පවතින බවයි.

කෙසේවෙතත් ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙන්නේ එවැනි ක්‍රියාමාර්ග මගින් ආයෝජනයන් සිදුකිරීම වැළැක්වීමට හසු නොවන මෙන් ආයෝජකයන්ට දැනුම්දෙන බවයි.

විදේශ විනිමය ගලාඒම්වල ප්‍රගතිය මෙම සතිය තුළ නිවේදනය කෙරෙනු ඇති බවද ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර සිටින්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු ගමක්ම බිය කළ වන අලියා මෙල්ල කළ මෙහෙයුම - ආවොත් මොන මඟුලක්වත් කරන්න බෑ
02:03
Video thumbnail
සෘණාත්මක අදහස්වලට නොමඟයන්න එපා - MF සමඟ කළ 7ත් වන සමාලෝචනය ගැන නි. මුදල් ඇමති හෙළිකරපු දේ
13:08
Video thumbnail
ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට දහසක් කුල දරුවන් සසුන් ගත කිරීමේ ජාතික මහෝත්සවය
01:23
Video thumbnail
ස්වාමීන් වහන්සේලාගේ කඳුළු කතාව කාටවත් පේන්නේ නෑ..ඇහෙන්නේ නෑ - අනුන්ටම පිහිට වුණු ජීවිත අපි
12:24
Video thumbnail
මොරටුව ගිනිගත් නිවාස සංකීර්ණය නිරීක්ෂණයට ගිය නි.ඇමති
01:29
Video thumbnail
අනේ ජනාධිපතිතුමා මාව ගන්න ලංකාවට
01:21
Video thumbnail
රිමාන්ඩ් වුණ ජානකි බන්ධනාගාර බසයෙන් යන අයුරු
00:22
Video thumbnail
නෙදර්ලන්ත කාන්තාවක් දිය ඇල්ලෙන් වැ#ටී එළොව යයි
00:40
Video thumbnail
මුළු පාරම වතුරෙන් වැහිලා ගිහින්
00:31
Video thumbnail
කළු ගඟේ ජලය බැසයාම ශීඝ්‍රයෙන් ඉහළ ගිහින්
00:33