AFC Banner
Empty Ad
Empty Ad

අළු බඳුන හෝබාර්ට් නුවරට…

ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර පවත්වන අලු බඳුන තරගාවලියේ පස්වන හෙවත් අවසාන ටෙස්ට් තරගය පර්ත් නුවරදී පැවැත්වීම අත්හිටුවා තිබෙනවා.ඒ වෙනුවට හෝබාට් නුවරදී එම තරගය පැවැත්වෙනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

පර්ත් නගරය අයත්වන බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තය තුළ බලාත්මක නිරෝධායන රෙගුලාසි සහ ක්‍රිකට් තරගය පැවැත්වීම අතර පරස්පර කරුණු පැවතීම මීට හේතුවයි.

එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර ටෙස්ට් තරග 05 කින් සමන්විත අලුබඳුන තරගාවලියේ පළමු තරගය ලබන බදාදා බ්‍රිස්බන් හිදී ආරම්භ වනවා.

දෙවන තරගය ලබන 16 වනදා ඇඩිලේඩ් හිදීත් 03 වන තරගය දෙසැම්බර් 26 වනදා මෙල්බන් හිදීත් 04 වන තරගය ජනවාරි 05 වනදා සිඩ්නි හිදීත් ආරම්භවීමට නියමිතයි.

05 වන තරගය ආරම්භ කිරීමට නියමිතව ඇත්තේ ජනවාරි 14 වනදා පර්ත් හිදීයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?