AFC Banner
Empty Ad
Empty Ad

පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් ධුරයෙන් ඉවත් කර විනය පරීක්ෂණයක්

රජයේ ප්‍රතිපත්තියට පටහැනිව ග්ලයිෆොසෙට් තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා ධුරයෙන් ඉවත් කර විනය පරීක්ෂණයක් සිදු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

ග්ලයිෆොසෙට් ඇතුළු පළිබෝධ නාශක 5 ක් භාවිතය සහ විකීණීම තහනම් කරමින් 2014 වසරේ නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කරමින් පළිබෝධ නාශක රෙජිස්ට්‍රාර්, ආචාර්ය ජේ. ඒ. සුමිත් මහතාගේ අත්සනින් යුතුව ඊයේ (22) අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරිණ.

2014 වසරේ දෙසැම්බර් 22 වැනිදා නිකුත් කළ අදාළ ගැසට් නිවේදනය මගින් භාවිතය, විකිණීම සඳහා ඉදිරිපත් කිරීම හෝ විකිණීම තහනම් කර තිබුණේ, ග්ලයිෆොසෙට්, ප්‍රොපනිල්, කාබරිල්, ක්ලෝෆයිරිපොස් සහ කාබොෆියුරාන් යන සක්‍රීය රස ද්‍රව්‍ය අන්තර්ගත පළිබෝධනාශකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?