ටෙස්ට් තරඟය හේතුවෙන් ගාලු කොටු පවුරේ කොටසක් සංචාරයින්ට තහනම්

ශ්‍රි ලංකාව සහ බටහිර ඉන්දිය කොදෙව් පිල අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගණයේදි ආරම්භ විමත් සමග ගාල්ල කොටු පවුර නැරඹිමට පැමිණි සංචාරකයින් පොලිසිය විසින් අද ආපසු හරවා යවන ලදී

මේ නිසා දේශිය මෙන්ම විදේශිය සංචාරකයෝ විශාල පිරිසක් අපහසුවට පත්විය.

ඈත පළාත් වලින් පැමිණි දේශිය සංචාරකයින් මෙන්ම විදේශිය සංචාරකයින් බොහෝ දෙනෙකුටද මේ නිසා ඊයේ කොටු පවුර මතට ගොඩවිමට නොහැකිවු අතර මේ සම්බන්ධයෙන් රැකවලෙහි සිටි පොලිස් නිලධාරියෙකුගෙන් විමසුවිට කියා සිටියේ තමන් ඒ සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා අතර උසස් පොලිස් නිලධාරින්ගේ උපදෙස් පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගණය ඉදිරිපස කොටු පවුර මතට කිසිවෙකුටත් යාමට ඉඩ නොදෙන බවයි.

පිට පළාතක සිට පැමිණි දේශිය සංචාරකයින් පිරිසක් කියා සිටියේ තම දරුවන්ද සමග ගාලු කොටුව නැරඹිමට පැමිණියත් මෙම ස්ථානයට යෑමට පොලිසිය ඉඩ ලබා නොදුන් බවයි.

මේ අතර විදේශිය සංචාරකයින් පිරිසක්ද කියා සිටියේ තමන් ලංකාවට ආවේ ලංකාවේ සුන්දරත්වය නිසා වුවත් කොටු පවුර මතට යාමට ඉඩ නොදුන් බවයි.

එය ඉතා අප්‍රසන්න ක්‍රියාවක් බවයි සංචාරකයෝ චෝදනා කර සිටින්නේ.

මෙයට අමතරව මංගල ඡායාරුප ගැනිමට පැමිණි යුවල කිහිපයක්ද ආපසු හැරි ගිය අතර ඡායාරුප ශිල්පින් පැවසුවේ වෙනදා මෙන් ඡායාරුප ගැනිමේ බලාපොරොත්තුවෙන් පැමිණියත් පොලිසිය ඉඩ ලබා නොදුන් බවයි.

මේ සම්බන්ධයෙන් ගාලු උරුමය පදනමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුගෙන් විමසුවිට කියා සිටියේ මේ සම්බන්ධයෙන් තමන් දැනුම්වත් කර නොමැති බවයි.

No description available.
No description available.
No description available.
No description available.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගෝඨාභය, නාමල්, මෛතිපාල ඇතුළු ප්‍රබලයින් රැසක් GMOA ශත සංවත්සර සැමරුමට එයි
07:09
Video thumbnail
මහින්ද වගේ සිංහයෙක් ආසියාවෙම නෑ..අපේ සිංහයා..මහින්ද මහත්තයට අත තිබ්බොත්.. ආයුද ගන්නවා
01:14
Video thumbnail
පළාත් සභා සාර්ථක System එකක් නෙවෙයි..හිටපු ආණ්ඩුකාරවරියකගෙන් සැර පිළිතුරක්
04:37
Video thumbnail
රෑට මහ වැස්සක් වැස්සොත් වෙන්න යන දේ මෙන්න..පහත් බිම්වල සිටින අයට අවදානම් තත්ත්වයක්
06:36
Video thumbnail
ගොයම් කන ටොම්පචයන්ට ඡන්දය පාවා දෙන්න එපා - සජිත් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම කියයි
07:40
Video thumbnail
අනුර ඔය Marketing ෂෝ කරනවා - නීතිය කාටද පොදු වුණේ - සුරංගනා කතා.. මහින්ද ගැන නිරෝෂන් කිව්ව කතාව
04:55
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව ජලයෙන් යටවෙයි..මෙන්න එහි නවතම දර්ශන
02:05
Video thumbnail
රටේ ප්‍රබල ආණ්ඩුකාරවරයෙක් ඉල්ලා අස්වීම භාරදීලා ?ඇවිදින පුස්තකාල කිව්වට මෙලෝ එකෙක් නෑනේ
05:04
Video thumbnail
නිවාසවලට කුලිය දීම මාස 3කින් දීර්ඝ කරනවා..ඩොලරය අපෙන් ගිලිහිලා ගියා l Anura Kumara Dissanayake
06:25
Video thumbnail
ඩීසල් ලීටරයක මිල රු.720ක් ? දෙන්නේ රු.392ට..ඉන්ධන ගැන ජනපති කළ හෙළිදරව්ව
04:23