අද අවසන් තරගය ඉක්මන් කෝපය නිසා කොන්වේට අහිමි වෙයි

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අවසාන මහා තරගය අද (14) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙනවා.

ඒ ඕස්ට්‍රේලියාව හා නවසීලන්තය අතර.

අද (14) අවසාන මහා තරගයට ක්‍රීඩා කිරීමට බලාපොරොත්තුවෙන් සිටි කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයින් අතරින් ඉතාම කනගාටුදායක සිද්ධියකට මුහුණ දුන් ක්‍රීඩකයා වන්නේ නවසීලන්තයේ ඩෙවොන් කොන්වේ.

ඒ තමා දැවීයාම මත ඇති වූ තරහ පාලනය කර ගැනීමට නොහැකි වීම මත කළ සිදුවීමක් නිසා ආබාධයට ලක් වීමයි.

නවසිලන්තය හා එංගලන්තය අතර පැවැති උණුසුම් මුහුණුවරක් ගත් අවසාන පූර්ව තරගයේදී කොන්වේ තරඟයේ වීරයා වූ ඩැරල් මිචෙල් සමග එක්වී නවසීලන්තය ජයග්‍රාහී මාවතකට යොමු කරමින් සිටියදී ලකුණු 46 කට දැවී ගියා.

එසේ දැවී යාමත් සමග සිය හදිසි කෝපය පාලනය කර ගැනීමට නොහැකි වූ කොන්වේ සිය අත්ලෙන් සිය පිත්තෙ බඳට තදින් පහර දීමත් සමග අතේ අස්ථි බිඳී යාමක් සිදු වූවා.

තරගයෙන් පසු කළ වෛද්‍ය පරීක්ෂණවලදී එය තහවුරු වී ඇති අතර කොන්වේ අවසාන මහා තරගය පමණක් නොව ඉන්දියාව සමග පැවැත්වීමට නියමිත ටෙස්ට් තරඟාවලියද අහිමි වී තිබෙනවා.

ඔහු වෙනුවට එම සංචාරයට මේ වෙන විට නම් කර තිබෙන්නේ  ඩැරල් මිචෙල්ව.

කොන්වේ ආබාධයකට ලක් වූ එංගලන්තයට එරෙහි තරගයේදී ඔහු හා මිචෙල් 4 වැනි කඩුල්ල සඳහා ලකුණු 82 ක සබඳතාවයක් පන්දු ඕවර 11ක් තුළ ලබා ගනිමින් නවසීලන්තය ජයග්‍රහනය කරා යොමු කරමින් සිටියදීයි මෙම ආබාධය සිදු වූයේ.

දකුණු අප්‍රිකාවේ උපත ලද 30 හැවිරිදි කොන්වේ දකුණු අප්‍රිකාවේ තමන්ට අවස්ථාවක් නොලැබීම මත සිය වාසනාව උරගා බැලීම සඳහා නවසීලන්තයට පැමිණියා.

මේ වන විට කොන්වේ ඉතා කෙටි කලක් තුළ සිය පිත්තෙන් පෙන්වූ දක්ෂතා හරහා නවසීලන්ත ටෙස්ට් , එක්දින හා විස්සයි විස්ස යන කණ්ඩායම් තුනේම නිත්‍ය සාමාජිකයෙකු ලෙස සිය ස්ථානය තහවුරු කරගෙන සිටිනවා.

https://streamable.com/41mplv
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇදහැලෙන මහ වැස්ස නිසා රජාංගන, අංගමුව ජලාශවල වාන් දොරටු විවෘත කර ඇති ඇයුරු
01:32
Video thumbnail
නිලධාරින්ට කට උත්තර නැතිවෙන්න ජනපති කිව්ව දේ.."ඇයි දුම්රිය දෙපාර්තමේන්තුව අකමැති ?තේරුමක් නෑ"
03:02
Video thumbnail
ජනපති සහ නිලධාරින් අතර උණුසුම් තත්ත්වයක්.."ඔහොම කරන්න බෑනේ..ඔයාලත් යමක් කරන්න"
07:08
Video thumbnail
මිල්ලනියේ 58 හැවිරිදි කතක් බිගිසුණු අයුරින් එළොව යවලා..
00:59
Video thumbnail
ගෝඨාභය, නාමල්, මෛතිපාල ඇතුළු ප්‍රබලයින් රැසක් GMOA ශත සංවත්සර සැමරුමට එයි
07:09
Video thumbnail
මහින්ද වගේ සිංහයෙක් ආසියාවෙම නෑ..අපේ සිංහයා..මහින්ද මහත්තයට අත තිබ්බොත්.. ආයුද ගන්නවා
01:14
Video thumbnail
පළාත් සභා සාර්ථක System එකක් නෙවෙයි..හිටපු ආණ්ඩුකාරවරියකගෙන් සැර පිළිතුරක්
04:37
Video thumbnail
රෑට මහ වැස්සක් වැස්සොත් වෙන්න යන දේ මෙන්න..පහත් බිම්වල සිටින අයට අවදානම් තත්ත්වයක්
06:36
Video thumbnail
ගොයම් කන ටොම්පචයන්ට ඡන්දය පාවා දෙන්න එපා - සජිත් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම කියයි
07:40
Video thumbnail
අනුර ඔය Marketing ෂෝ කරනවා - නීතිය කාටද පොදු වුණේ - සුරංගනා කතා.. මහින්ද ගැන නිරෝෂන් කිව්ව කතාව
04:55