මම බැන්දේ මගේ මාමාගේ දුව.. එයා මට වඩා අවුරුදු 9 ක් බාලයි.

දඟකාර, කටකාර, හැඩකාර තාරුණ්‍යයේ කඩවසම් ඔහු නමින් සුමිරාන් ධනංජය ගුණසේකර.
වර්තමානයේ බොහෝ දෙනෙක් අතර ජනප්‍රි ‘නීල පබළු’ ටෙලි නාට්‍යයේ අභිමාන්ගේ චරිතයට පණ දෙන සුමිරාන් එක්ක සිදුකළ කතාබහක් තමයි මේ.

ඇත්තටම සුමිරාන් කියන්නේ කවුද?

“මම වෘත්තියෙන් ව්‍යාපාරිකයෙක්. දැන්නම් රංගන ශිල්පියෙක් කියන්නත් පුළුවන්. අම්මා තාත්තාට ආදරණිය පුතෙක්, ඒ වගේම ආදරණිය ස්වාමි පුරුෂයෙක්, ආදරණිය තාත්තා කෙනෙක්.
සමාජයේ හොද පුරවැසියෙක්. යාළුවෝ කියන්නේ සුම්මා කියලා. පවුලේ එකම දරුවා”

සුමිරාන්ගේ ප්‍රේම කතාව හරි ලස්සනයිලු නේද,?

“ඒක මෙහෙමයි. එයා මට වඩා අවුරුදු 09ක් බාලයි. එයාගෙ තාත්තා අපිට ඈතින් නෑකමට මාමා වෙන්නේ. ඉතින් එයා ඉපදුන දවසේ ඉදන් මම එයාව දන්නවා.

පවුලේ අය එක්ක ගියපු ට්‍රිප් එකකින් තමා මම එයාගෙන් කැමැත්ත ඇහුවේ. එයා මුලින්ම කැමති වුනේ නෑ. හැබැයි පස්සේ කැමති වු⁣නා. ඊට පස්සේ අපේ ගෙවල් වලට අපේ සම්බන්ධය මාට්ටු වුණා.

හැබැයි ගෙවල් වලින්නම් ප්‍රශ්නයක් වුනේ නෑ. අපේ සම්බන්ධයට එයාලා අවසර දුන්නා. අපේ අදහස් එහෙම හොදටම ගැළපුනා. හරියට සංසාරේ පතාගෙන ආවා වගේ. අපි අවුරුදු 05ක් විතර ආශ්‍රය කළා. අපිට තේරුම් ගියා අපිට අපි තමා ගැළපෙනම දෙන්නා කියලා.

ඉතින් අපි අපේ ආදරය විවාහයක් දක්වා ගේන්න තිරණය කළා. අද අපි දෙන්නම සතුටින් ඉන්නවා.”

ඔබට බිරිඳගෙන් ලැබෙන සහයෝගය කොහොමද ?

“එයා නිසා තමයි මට මේ ගමන එන්න ලේසි වෙලා තියෙන්නේ.

මොකද මම කරන චරිත වල අඩුපාඩු කියලා දෙන්නේ එයා. ප්‍රේම ජවනිකා එහෙම තවත් රොමෑන්ටික් විදිහට කරන්න තිබුනා කියලා කියන්නේ එයා.

කවදාවත් රංගනය ඇතුලේ මේක හොදයි මේක කරන්න එපා කියලා එයා කියලා නෑ. මගේ බිරිඳ මාව හොදට තේරුම් ගත්ත කෙනෙක්.”

ඔබ නිතර දකින්න නැති චරිතයක්,?

“මේකයි මම එකව⁣රකට භාර ගන්නේ එක චරිතයයි. මම රංගනය කරන්නේ ආසාවට. නිතර නිතර ප්‍රේක්ෂකයා අතරට එන්න ගියොත් මිනිස්සුන්ට වුනත් අපිව එපා වෙනවා. මම සම්බන්ධ වෙන්නේ එක නිර්මාණයකට නිසා මම මගේ උපරිමය ඒ නිර්මාණය වෙනුවෙන් දෙනවා.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
මගේ ඇටයක් නෑ.. පොහොට්ටුවේ පාක්ෂකයින් යකා නටයි
02:01
Video thumbnail
අනුරාධපුරයම හොල්ලගෙන පොහොට්ටුවේ රැළියට එන මිනිස්සු - රොත්ත පිටින් පිටියට බැස්ස මහ ජනතාව
01:06
Video thumbnail
රාජපක්ෂලාගේ ගෙදර බල්ලන්ට විතරයි නඩු නැත්තේ
02:49
Video thumbnail
නාමල්ගේ රැළියට ඇවිත් ආණ්ඩුවෙන් ගේම ඉල්ලපු තරුණයා - මේ කැ## මොනවද කරලා තියෙන්නේ ?
00:53
Video thumbnail
කෝට්ටේ රජමහා විහාරස්ථානයට ගිය සජිත්ට හමුවූ ආණ්ඩු ප්‍රබලයින් - ජනතාවගෙන් විපක්ෂ නායකට ලැබුණු ආදරය
02:07
Video thumbnail
විපක්ෂයට දැන් සොහොන් ලකුණු පේනවා
09:33
Video thumbnail
නාමල්ගේ බලවේගේ අනුරාධපුර දෙවනත් කරයි
00:32
Video thumbnail
පිපෙන නාමල බලන්න අනුරාධපුරට එන්න
02:09
Video thumbnail
අනුරාධපුරයට ලක්ෂ ගාණක සෙනඟක් එනතුරු බලා සිටින තරුණයා..
00:16