කඩා වැටුණු ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩනැගු “මීකි” සමුගන්න සුදානම් වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් පුහුණුකරු ලෙස කටයුතු කරන මීකි ආතර් මෙම සිය දෙවසරක පුහුණුකාර ධුරයෙන් පසුව සමුදීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

වාර්තා වන පරිදි මීකි ආතර් එංගලන්තයේ ඩර්බිෂයර් ප්‍රාන්ත කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධුරයට තෝරා පත්කරගෙන ඇති අතර ලබන මාසය අවසානයේදී ඔහු ශ්‍රී ලංකාවෙන් නික්ම යෑමට නියමිතව ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අසිරූ අවදියක පසුවෙමින් තිබියදී කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධුරයට පත්වූ ඔහු සෙමින් වුවත් ඉතා සැලසුම් සහගතව කඩා වැටී තිබු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නැවත ගොඩනැගීම සඳහා ඉමහත් සේවයක් සිදුකරනු ලැබුවා.

එහි ප්‍රථිපලයක් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩයම ටෙස්ට්, එක්දින සහ විස්සයි 20 කණ්ඩායම් පසුගිය මාස කිහිපයේදී දස්කම් දැක්වීමට සමත්වූ අතර මෙවර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ දී ජාත්‍යන්තර විචාරකයින් පවා මවිත කිරීමට සමත්වූවා.

ඒ පළමු වරට ලෝක කුසලාන තරගාවලියක් සඳහා ක්‍රීඩා කිරීමට පැමිණි කෝඩුකාරයින් 08 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ලෙස සැලකු ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාව, එංගලන්තය සමග පැවති තරග පරාජයට පත්වුවද ඔවුනට දැඩි පීඩනයක් එල්ල කරමින් සටන්කාමි ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කිරීම නිසයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නැවත නගා සිටුවීමේ ක්‍රියාවලියේදී ප්‍රධාන පුහුණුකරු ලෙස මීකි ආතර් ඉතා වැදගත් භූමිකාවක් රඟ දැක්වූ අතර ඔහුගේ කාල සීමාවේදී තරුණ ක්‍රීඩකයින් වැඩි වශයෙන් කණ්ඩායමට යොදා ගනිමින් විවිධ අත්හදා බැලීම් සිදුකිරීමේ ප්‍රථිපල දැන් ලැබෙමින් පවතිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුරයේ රැස්වීමට ආණ්ඩුව බයවෙලා..රාජපක්ෂලා බය කරන්න අල්ලස් කොමිසම පෙන්නලා බෑ
02:07
Video thumbnail
පොහොට්ටුවේ සංජීව, නාමල් ගැන කිව්ව දේ - "2015 ඉදලා මේ පීඩාවන්ට එතුමා මුහුණ දුන්නා"
01:40
Video thumbnail
නාමල් යද්දි පැලවත්තට කිව්ව සැර කතාව - "පැහැදිලිවම මම වැරැද්දක් කරලා නෑ..සාක්ෂි හදපු කෙනා දන්නවා"
03:18
Video thumbnail
නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට එයි - එළියට එනවනේ ?"එව්වොත් එළියට එනවා..අපි නීතියට වැඩ"
02:44
Video thumbnail
අපි කව්රුත් හොරකම් කරන්නේ නෑ - මහජන දේපළ සාංඝික දේපළ වගේ රකිනවා
02:14
Video thumbnail
අද අලුයම කොල්ලූපිටිය රත් කළ වෙ#ල්ල - කාන්තාවක් තුවාල ලබා රෝහලේ
01:12
Video thumbnail
සජිත් හමුවෙන්න විපක්ෂ නායක කාර්යාලයට ආ අමුත්තා
00:51
Video thumbnail
"හොරබඩු විකුණන්න බෑනේ මෙහෙම"බීඩී නිෂ්පාදන ආයතනයක නම ව්‍යාජව භාවිත කරමින් කරපු හොර වැඩේ
01:46
Video thumbnail
බියගම නිදහස් වෙළඳ කලාපයේ හදිසියේම ඇතිවූ ගින්න - දෙයියනේ..ලොකු ගින්නක්
00:59
Video thumbnail
පොලිසියෙන් SPA එකකට කඩා පනී..CCTV දර්ශන ලීක්වෙයි
01:45