අකුණක් වැදී 19 හැවිරිදි තරුණයෙකු මිය යයි

නාවලපිටිය ග්‍රින්හුඩ් ප්‍රදේශයේ ගල් කොරියකට (02) දින පස්වරුවේ පතිත වු අකුණු සැරක් හේතුවෙන් එම ගල්කොරියේ සේවය කල කම්කරුවෙකු එම ස්ථානයේදිම ජිවිතක්ෂයට පත් වි , ගල්කොරියේ බැකෝ යන්ත්‍රයක ක්‍රියාකරු බරපතල ලෙස තුවාල ලබා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් කර ඇති බව නාවලපිටිය පොලිසිය පැවසිය.

අකුණු සැර පතිත විමෙන් ජිවිතක්ෂයට පත් වි ඇත්තේ නාවලපිටිය බොහිල් ප්‍රදේශයේ පදිංචිව සිටි එම්.රොබින්සන් (19) හැවිරිදි තරුණයෙකි.

නාවලපිටිය ප්‍රදේශයට (02) දින පස්වරුවේ ඇද හැලුණු අධික වර්ෂාවත් සමග පතිත වු අකුණු සැරක් ගල්කොරියේ ඉහල පිහිටි ගලකට පතිත වි ඇති අතර, ඉන් ගල් කැබලි කිහිපයක් කැඩි විසි වි ගොස් ගල්කොරියේ පහල සිටි මිය ගිය තරුණයාගේ හිස මතට වැදි ඇත.

තවත් විසි වු ගලක් බැකෝ යන්ත්‍ර ක්‍රියාකරුට වැදි බැකෝ යන්ත්‍රකරුද තුවාල ලබා ඇත.

අනතුරෙන් බැකෝ යන්ත්‍රයටද දැඩි අලාභ හානි සිදු වි ඇති බවයි සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන නාවලපිටිය පොලිසිය කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?