T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තීරණාත්මක තරග දෙකක් අද !

බංග්ලාදේශය සහ දකුණු අප්‍රිකාව අතර තරගයත් නැමීබියාව සහ පාකිස්තානය අතර තරගයත් අබුඩාබි හිදී පැවැත්වීමට නියමිතය.

පළමු කාණ්ඩය යටතේ ප්‍රසාද ලකුණු 8 ක් ලබා අපරාජිතව සිටින එංගලන්ත කණ්ඩායම මේ වන විටත් අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා සිටී.

එම කාණ්ඩයේ දෙවන ස්ථානය සඳහා ඔස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතර තියුණු තරගයක් පවතී.

දෙවන කාණ්ඩය යටතේ ප්‍රසාද ලකුණු 6ක් ලබා අපරාජිතව සිටින පාකිස්තාන කණ්ඩායමට අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ඇත්තේ පහසු ඉඩකඩකි.

එම කාණ්ඩයේ දෙවන ස්ථානය සඳහා නවසීලන්තයට හෝ ඇෆ්ගනිස්තානයට වැඩි අවස්ථාව පවතී.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?