තරගයෙන් අනතුරුව කණ්ඩායමේ නායක දසුන් කියූ දුක හිතෙන කතාව

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර 2021 විස්සයි විස්ස ලෝක කුසලානයේ පැවති මූලික වටයේ තරඟය අවසන් වූයේ තියුණු තරඟයකින් අනතුරුව දකුණු අප්‍රිකාවට ජයග්‍රහණය අත්කර දෙමිනුයි. තරඟයේ වීරයා වශයෙන් විශිෂ්ට දඟ පන්දු යැවීමක් සටහන් කර ශ්‍රී ලංකා කඩුලු 3ක් ලකුණු 17ක් තුළ බිඳ හෙලූ තබ්රායිස් ශැම්සි නම් කෙරුණා.

තරඟයෙන් අනතුරුව ශැම්සි මෙන්ම ශ්‍රී ලංකා නායක දසුන් ශානක සහ දකුණු අප්‍රිකානු නායක ටෙම්බා බවුමා පහත පරිදි තම අදහස් එක් කළා,
ශ්‍රී ලංකා නායක දසුන් ශානක

“එම ලකුණු සංඛ්‍යාව ලහිරු කුමාරට නවතන්න තිබුණා. ඔහු යෝකර් පන්දු යැව්වා නම් මම හිතනවා එම ලකුණු 15 නවත්වන්න තිබ්බා කියලා. පීඩනය යටතේ දකුණු අප්‍රිකානු ක්‍රීඩයකයන් හොඳින් ක්‍රීඩා කළා.

අපිට වනිඳුව අවසන් පන්දුවාර වල ක්‍රීඩා කරවන්න තිබුණත් ඊට කලින් අපි ඔහුව යොදා ගත්තා. නිස්සංක ගේ ඉනිම විශිෂ්ට ඉනිමක්. ඔහු හොඳ අනාගතයක් පෙන්නුම් කරනවා. මේක අපිට අමාරු අවස්ථාවක්. හැබැයි අපි දිගටම සටන්කාමී විදිහට ක්‍රීඩා කරනවා.”
දකුණු අප්‍රිකානු නායක ටෙම්බා බවුමා

“මගේ හිතේ තිබෙන දේ කියන්න මේ මොහොතේදී අමාරුයි. අපිට තරඟය ජයග්‍රහණය කරන්න අමතර දෙයක් කළ යුතුව තිබුණා. ඩේවිඩ් මිලර් මෑතකදී මේ වගේ ක්‍රීඩා කලේ නෑ. ඔහු අවශ්‍යම මොහොතේදී ක්‍රියාත්මක වුණා. ශම්සි අපිට ඉන්න වටිනාම ක්‍රීඩකයෙක්.
ඔහු අවශ්‍ය මොහොතේදී ඉතාමත්ම ප්‍රයෝජනවත්. මම ඉනිමේ මැද භාගයේදී පීඩනය වැඩි කලා. එහි වගකීම මම භාරගන්නවා. මම දැවී ගිය පහර හොඳින් එල්ල කළත් එය අවශ්‍ය පරිදි ඇදී ගියේ නෑ.”

තරඟයේ වීරයා තබ්රායිස් ශැම්සි “
මේ විස්සයි විස්ස ලෝක කුසලානයකදී මම ලබාගත්ත පළවෙනි තරඟයේ වීරයා සම්මානය.

මේක මට විශේෂ මොහොතක්. නමුත් තරඟයේ ජයග්‍රහණය වෙනුවෙන් රබාඩා, නෝකියේ, මක්රම් සහ මිලර් හටත් ගෞරවය හිමි විය යුතුයි. පසුගිය තරඟ වලදී බලාපොරොත්තු වුන දක්ෂතා දක්වන්න මට හැකියාව නොලැබුණත් මෙම තරඟයේදී නැවත රිද්මයට අවතිර්ණ වීමට ලැබීම වැදගත්.

ශ්‍රේණිගත කිරීමේ අංකය කියන එක මට එච්චර වැදගත් නෑ. අවශ්‍ය දේ කරලා තරඟය ජයග්‍රහණය කිරීමයි වැදගත් වන්නේ. අපිට ලෝකයේ ඉන්න හොඳම පන්දු යැවීමේ බලඇණියක් ඉන්නවා. ඒ ගැන සතුටුයි.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහජනයා එක්ක ගැ#ම් ඇතිවිය හැකියි..ඒක ස්වාභාවය - පොලිස් මාමා කියන්න පුළුවන් නව පොලිසියක් අවශ්‍යයි
02:33
Video thumbnail
පොලිස් නිල ඇඳුම ස්මාර්ට් වෙන හැටි ජනපති හෙළිකරයි - බොඩි කැම්, බැට්න් එක තියෙන විදියට
02:54
Video thumbnail
පොලිසියේ සැමට අවදානම් දීමනාවක් දෙනවා - බැඳෙනකොටත්,බඳිනකොටත්, විශ්‍රාම යනකොටත් කොස්තාපල්
03:03
Video thumbnail
අපරාධවලට උත්තේජයක් වෙන්නේ නිසි කාලයේ දඬුවම් නොදීම - වේගවත්ව ඔවුන්ට දඬුවම් දෙන්න ඕනි
07:08
Video thumbnail
පොලිස් නිලධාරින්ට ජනපති දුන් දැඩි අවවාදය - මිලදී ගැනීමට නොහැකි නිලධාරියෙක් වෙන්න..නිල ඇඳුම අතහරින්න
09:33
Video thumbnail
කඩවත පොලිසියට SPA සංගම්වලින් දැඩි චෝදනා - මසාජ් එකක් කියන්නේ ඇඟට හොඳ දෙයක්
11:55
Video thumbnail
ජනපති අනුර අන්කල්ගෙන් චූටි දූට ලැබුණු ආදරණීය උම්මා එක..
00:08
Video thumbnail
මම දන්නේ නෑ බාධකයක් කියලා බැරල් එකක්නේ මේ තියෙන්නේ
01:49
Video thumbnail
බැරල් එකක්නේ මේ - ඉතින් ඒක බාධකයනේ..බාධක මැද ඉස්සර කිරීම දඩ කොලයක් දෙනවා
02:57
Video thumbnail
ආදරණීයන්ගේ කඳුළු ගංඟා මැදින් ප්‍රියංකර පෙරේරාගේ අවසන් ගමන් යයි - සැවොම දේහය ළඟ හඬා වැටෙයි
01:37